About

Friday, July 30, 2010

Mac OS X Snow Leopard Install කරමු

කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ.., bising ඕං අද Mac OS Snow Leopard දාන හැටි ලියන්නයි යන්නේ. තමන් ගාව තියෙන් USB Pen/Flash Drive එකට HDD එකට SSD එකට Mac OS දාන හැටි බලමු bising. මේක නං මීට කලින් ගොඩක් අය ලියලා තියෙනවා. ඒත් ඉතින් ඔන්න ඔහේ මමත් ලියන්නංකෝ bising. ඉස්සෙල්ලාම බලමු මොනවද ඕනේ කියලා.

Mac OS DVD එකක්

මම පාවිච්චි කරන්නේ නං Hazard Mac OS SL 10.6.2 DVD එකක්. ඒත් IAtkos මගින් 10.6.3 DVD එකක් නිකුත් කරලා තිබුණා. හැබැයි ඒක Intel only එකක් AMD අයට දාන්න බෑ. Hazard එන නං Intel/AMD දෙකටම දාන්න පුළුවන්.

SATA HDD එකක්

ටෙස්ට් කරන්න වගේ USB Flash drive එකක Mac OS X SL Install කරන්නත් පුළුවන්. Screen shots ලබා ගැනීමට මම අද Mac os ඉන්ස්ටෝල් කරන්නේ Imation 8GB USB 2.0 Flash Drive එකක. Flash Drive එකක ඉන්ස්ටෝල් කරනවා නං 8GB හරි ඊට වඩා වැඩි USB 2.0 Flash Drive එකක් භාවිතා කරන්න.

SATA DVD Rom එකක්

USB KB සහ USB Mouse

ඔය ටික තමා අත්‍යවශ්ය දේවල් ටික. සේරම හරි නං ඊලඟ පියවරට යමු. HDD එකේ data නොතිබෙන තරමට හොඳයි. ඕං HDD එකේ තිබුණු දේවල් වලට මම නං වගකියනු නොලැබේ bising.

ඉස්සෙල්ලාම Bios වලට යන්න. එකේ SATA Mode එක IDE වලින් AHCI වලට මාරු කරන්න. මේක නං අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් bising. මේක නොකළොත් අල පාත්ති සෙට් වෙන්න පුළුවන් bising. ඔය Serial, Parallel Ports Disable කරන්න. වැඩිපුර HDD තියෙනවා නං ගලවන්න. Flash Drive එකට install කරනවා නං Flash Drive එක සෙට් කරන්න. 1st Boot එක CD Rom දීලා DVD එක දාලා boot කරන්න.


ටික වෙලාවක් Apple logo එක වැටිලා තිබිලා Language එක අහයි. English තෝරලා ඉස්සරහට යන්න.

පස්සේ Welcome screen එක Continue කරලා ඉස්සරහට යන්න.


OS එක Install කරන තැන select කරන්න එන තැනදී උඩ තියෙන Utilities > Disk Utility යන්න.


Disk Utility වල වම් පැත්තේ තමන්ගේ HDD එක FD එක පෙන්නාවි. ඒක උඩ Right click කරලා Partition select කරන්න. අවශ්‍ය විදියට පාටිෂන් කරගන්න පුළුවන්. නැත්නං පාටිෂන් නොකර කෙලිම්ම Format කරනවා නං Erase එක select කරන්න.


Format එක විදියට Mac OS Extended (Journaled) තෝරන්න. ඊලඟට Erase


හරියට කළා නං Select a Destination කියන තැනට හදපු partitions ටික එයි. දැන් Continue


Install Summary එකේදී Customize select කරන්න.


මෙතනදී තමන්ගේ කොම්පියුටරයට ගැලපෙන Option එක විතරක් Select කරන්න ඕනෑ. මට මෙතනදී නං මේ Option එකම select කරන්න කියලා කියන්න බෑ. තමන්ටම තමා හරි Option එක තෝරා ගන්න වෙන්නෙ. හැම Option එකකටම ගිහිල්ලා ලැබෙන විස්තරය කියවන්න. හැමෝටම පොදු වෙන Option ටිකක් මම select කරලා තියෙනවා. තව Nvidia VGA card තියෙන අය NVEnabler select කරන්න. හරියටම තෝරා ගන්න බැරිවුනොත් Hazard Forum එකෙන් උදව් ගන්න. තමන්ගේ මැසිමේ විස්තර ටිත Forum එකට දුන්නාම ඒ අය අදාල Option ටික දෙයි bising.



පස්සේ Install කරන්න. විනාඩි 25-30 ක් විතර යන්න පුළුවන්. FD එකක Install කරනවා නං කාලය වැඩි වෙන්න පුළුවන්.


Install වෙලා ඉවර වුනාම restart කරලා ආයෙත් Bios වලට ගිහිල්ලා 1st boot එක HDD කරන්නත් අමතක කරන්න එපා.


හරියට Install වෙලා නං Video එකක් ගිහිල්ලා නම ගම විස්තර අහයි. ඔය රට අහන තැනදී හරියටම Sri Lanka කියලා දෙන්න. නැත්නං වෙලාව අල වෙන්න පුළුවන් bising. Do You Already Own a Mac එකෙන් එහාට යන්නේ නැත්නං Network කාඩ් එක Disable කරලා උත්සාහ කරන්න bising.


මේ තියෙන්නේ Flash Drive එකේ Install කරපු Mac OS X SL bising. Boot වෙන්න තරමක් වැඩියෙන් වෙලා ගන්නවා. ඒත් ලොකු අවුලක් නෑ. Mac OS දැම්මට පස්සේ කරන්න ඕනේ ටික ගයන්ත ලියලා තියෙනවා. ඕං ඔහොමලු Mac OS දාන්නේ, bising ප්‍රශ්න තියෙනවා නං අහන්න.

8 comments:

Anonymous said...

එල එල...අයියගෙ DVD එකට තෑන්ක්ස් වෙන්න මැක් තියෙනව. දැන් නම් මේකත් තියෙන හින්ද අනිව දාන්න ඕන. එල කිරි

GNS said...

ආ.. එළ එළ..!!

මම මේ නිකමට වගේ කියන්නෙ, මගෙ BIOS එකේ නම් ACHI කතන්දරයක් තිබුනෙ නෑ.. :|

Thilina said...

@Hasitha ජයසූරිය

එළ එළ.. :)


@ගයන්ත

මම ඔය ACHI කතාව හොයාගත්තේ ෆෝරම් එකෙන්. මගේ මැසිමේ නං ඕක වෙනස් නොකොලොත් අල ගොඩයි :O . උඹගෙ මැසිමට XP දාන්න පුළුවන්ද?

Kanishka said...

අම්බෝ මුං දකින්න තියෙන අමාරුව :D මැක් ගැන තාම නං ආසාවක් ඇති වෙලා නෑ :D

සහන් සටහන් said...

එල කොල්ලෝ එල.......... මම වෙලාවක් ලැබුනු වහාම නිදහසේ කියවන්නම්..... (දැං මේ ආපහු වැඩට යන්න ලෑස්තිවෙන ගමන්)

Thilina said...

@Kanishka | කණියා

:P එකපාරක් පාවිච්චි කරලා බලපන්කෝ.. එතකොට මැක් දාගන්න හිතෙයි ;)


@සහන්

එළ එළ

Shanaka said...

ela machan.......

Anonymous said...

mage thiyenne hp dv6 1214tx lap eakak eae mac danna one drivers settings tika mata denawada pls loku udawwak
mage mail add eaka dinidu@msn.com

Post a Comment