About

Wednesday, May 26, 2010

Bajaj Pulsar 220

කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ... garupale කස්ටියට මාව මතකද මන්දා? garupale පහුගිය බ්ලොග් මැරතන් එකෙන් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරිවුනා. මැරතන් එකත් හරියටම ලියන්න බැරිවුනා. ඊලඟ පාරනං මැරතන් එකට සූදානං ශරීරෙන් එන්න ඕනේ. මැරතන් දුවන එකත් ලේසි දෙයක් නෙවේ.. හරි ඒ කතා ඉවරයි.

දන්නවනේ මං ඇවිල්ලා බයික් පිස්සා නෙවැ.. garupale ඔන්න තවත් බයික් එකක් ලංකාවට ඇවිල්ලා. මේක ඇවිල්ලා Bajaj Pulsar 220 DTS-i මේක නං ඉන්දියාවට හඳුන්වලා දීලා සෑහෙන කල්. ඒත් ලංකාවට ඇවිල්ලා සති කීපයයි. මමත් දවස් කීපයකට උඩදී තමයි මේක දැක්කේ. ඉතින් ඊයේ හවස තව එකෙකුත් එක්ක පොඩි වැඩකට ජා ඇල ගිය ගමන් Bajaj එකටත් පොඩ්ඩක් ඔළුව දාලා Pulsar 220 බයික් එක බැලුවා. පිස්සු හැදෙයි, මාර බයික් එකක් garupale.
මෙච්චර කල් තිබුණු Pulsar බයික් වල එකම පෙනුම වෙනුවට මේක ටිකක් වෙනස් විදියකට හදලා තියෙනවා. ඒත් මේ අළුත් පෙනුම සමහර අයට නං එච්චරම අල්ලන්නේ නෑ. මට නං අවුලක් නෑ. ඒත් මාත් එක්ක ගිය අනෙක් එකාට නං බයික් එකේ අළුත් පෙනුම අල්ලන්නේ නෑ.. engine එක බැලුවොත් 220cc 4-stroke single cylinder, 5 speed gearbox එකකින් සමන්විත Air & Oil cooled engine එකක් තමයි මේ බයික් එකට තියෙන්නේ. ඉන්දියවේ නිෂ්පාදිත වේගවත්ම බයික් එකත් මේ Pulsar 220.


තවත් විශේෂාංග විදියට තියෙන්නේ ඉදිරිපස හා පිටුපස Dics brakes, MRF Tubeless tires, Digital speedometer, Nitrox shocks වගේ දේවල් තමා. ඉතින් සේල්ස් බුවා ඔය විස්තර ටික එහෙම කිව්වට පස්සේ මම නිකමට වගේ ගාන ඇහුවා. වැඩිය නෑ රු 267400/- වගේ ගානක් කියනවා හීනෙන් වගේ ඇහුනා garupale. බයික් එකේ ගාන නං ගාන නං බොහොම සැරයි. මම හිතන්නේ මාර tax එකක් වදිනවා ඇති බයික් එක ලංකාවට එනකොට, hah මොකද මේ බයික් එක ඉන්දයාවේදි මෙච්චර ගණන් නෑ.. ඉතින් ඔන්න 120kmph වගේ වේගයෙන් යන්න කැමති අය‍ට බයික් එකක් තියෙනවා. සේල්ස් බුවා කියපු විදියට තවම ලබා ගන්න පුළුවන් රතු හා කළු පාට දෙක විතරයිලු.

කියන්න අමතක වුනානේ මීට ටික දවසකට කලින් Discover 100cc බයික් එකකුත් ආවනේ. ඒක නං මහ චාටර් බයික් එකක්. ඒත් ගියර් 5ක් තියෙනවා. ඒක ගැනත් විස්තර ඕනේ නං මෙතනට යන්න.

පින්තූර නං ගත්තේ මෙතනින්

12 comments:

Kanishka said...

ඈ බං.. මං බැලුවා ඒත් උඹ ගම රට දාලා ගියාද කියලා.. :D
වෙල්කං බැක්.. :P
ඔය බයික් එකේ ගොඩක් උන්ට අවුල් අර දෙපැත්තෙ පොඩි කවර් දෙක. CBR එක වගේ ෆුල් කවර් කරලා නැත්තං FZ16 වගේ naked model එකක් විදියට ආවා නං ඉවරයි. අනික තනි සිලින්ඩරේ නිසා එන්ජින් කැපෑසිටි වැඩි වෙන්න වැඩි වෙන්න එච්චර හරි නෑ. ඔක සිලින්ඩර් දෙකක් වගේ දාලා, Full cover කරලා, Oil cooler එකක් එක්ක ආවා නං මාත් අනිවා ගන්නවා :D

Geeth Nuwan said...

අඩෝ ඔය ඉන්දියන් බයික් වැඩිම අවුරැදු 6-7 ක් පාවිච්චි කරයි.. ඊට පස්සේ හුලං තමා. බොරැනම් බලපං මුල හරියේ ඉංගිරීසි අකුරැ නොම්බර වලින් ආපු බයික් එකක්වත් පාරේ යනවද ??? ඒකටත් එක්ක ජපන් ඒවා.. 130 ගනන් නම්බර් තියන ඒවත් බබා වගේ වැඩ.. කොහොමද හොනට් එකක් එහෙම ???

Thilina said...

@Kanishka | කණියා

නෑ නෑ.. ගම රට දාලා ගියේ නෑ. තාම ඉන්නවා :P

ඔව් සමහර අය මේ පෙනුමට කැමති නෑ.. ඒ අයට පරණ පෙනුම තියෙන 220cc pulsar එකක් එනවා.


@ගීත්

අවිවාදයෙන්ම ජපන් බයික් මීට වඩා හොඳයි කියන එක මම පිළිගන්නවා. ඒත් පරණ හොනට් එකක වුනත් ගාන නං මාර සැරයි :(

රවා said...

යහලුවා මෙවා හයියෙන් ගියාට මා ගාව තියන යමහා 50 ය ට ගහන්න තාම සයිකලයක් නැහැ. මාව කවදාවත් අතරමං කරලා නැහැ. මගෙ වයස සයිකලයට.. නමුත් මාරයි YB 50 කියලා කියන්නෙ. තෙලුත් වැඩ කරනවා මාරට... මෙවා හයියෙන් ගිහින් ටක් ගාලා හිටින එවා.. කොහොම උනත් ලක්ෂ 2 ක් විතර තිබුනා නම් මම මෙහෙම කියන එකක් නැහැ.. නෙද ... හික්ස්...

රවා said...

බොල්ග් අවකාශයෙ මෙච්චරකල් ඉදලත් පුදුමයක් මම අදයි ඔයාව දැක්කෙ..

Thilina said...

@රවා

එළ එළ.. අඳුනගන්න ලැබීම සතුටක් :)

GNS said...

නරකමත් නෑ.. අලුත් පෙනුම ලස්සනයි.. ගාන තමයි ඉතින්.. :X

Thilina said...

@ගයන්ත

හ්ම් හ්ම්... ගාන නං සැරයි :(

Dulaj Shakila said...

මම ගත්ත මචන් මේක දැන් සතියක් ඇති.. කවෘ කොහොම කිව්වත් බයික් එක ගැන දන්නෙ බයික් එක පැදපු කෙනෙක්ම නෙ.. බයික් එක සුපිරි.. ඔය උඩ කෑ ගහල තියෙන කවුරුත් ඔහොම කියන්නෙ නෑ මේකෙ පොඩි වටයක් පදින්න දීල රුපියල් 267,540 අතට දුන්න නම්..

Thilina said...

@Dulaj Shakila

සුභ පැතුම් මචෝ., මේ බයික් එකේ කොච්චර වේගෙන් යන්න පුළුවන් වුනත් නවත්ත ගන්න පුළුවන් වේගයකින් යන්න.

Tharuka said...

machan ara kalin kiyapu pulsar 135 eka kawadada enne?

asa said...

ඔකට වඩා fz ඒක තමා මරු

Post a Comment