About

Sunday, April 4, 2010

Twitter & Dialog

කස්ටිය කොහොමද ඉතින්..? කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... garupale අද කියන්න යන දේ නං දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් ඔන්න ඔහේ මං ලියන්නංකෝ... දන්නවනේ ටුවිටරේ.. (twitter.com) ගොඩක් අය Facebook එක වගේම Twitter එකත් පාවිච්චි කරනවා නෙවැ. ගොඩක් අය ‍දැන් ටුවිටරේට ඇබ්බැහි වෙලා. (මාත් ඇතුළුව garupale) ගමන්ක් බිමනක් යනකොට මෙච්චර කල් කස්ටිය ටුවිටර් එකට සෙට් වුනේ තමන්ගේ Phone + net එකෙන්නේ. ඕං දැන් ලංකාවේ අයට SMS වලින් ටුවිටර් එකත් එක්ක සමිබන්ධ වෙන්න පුළුවන්. සේවාව දැනට නං ලැබෙන්නේ Dialog පාරිභෝගිකයන්ට විතරයි. GPRS නැති Nokia 1100 තියෙන එක්කෙනෙකුට වුනත් දැන් ගෙදර යන ගමන් ටුවිටර් updates දාන්න පුළුවන් garupale.



මේ සේවය ඉස්සෙල්ලාම සක්‍රීය කරන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම ටුවිටරේට ගිහිල්ලා Settings > Mobile ගිහිල්ලා රට එහෙම තෝරලා තමන්ගේ ‍නොම්මරය ගහන්න ඕනේ. පස්සේ Start click කරන්න. එතකොටම පෝං කෑල්ල අරන් 40404 ට Go කියලා SMS එකක් යැව්වා නං වැඩේ ගොඩ. ටුවිටරේට යවන එක SMS එකකට රු 1.31 ක් කැපෙනවා කියලත් මතක තියාගන්න. ටුවිටර් අප්ඩේට් එකක් දානව නං අවශ්‍ය දේ phone එකේ කොටලා 40404 ට යැව්වා නං හරි.

වැඩි විස්තර වලට මෙතන & මෙතන කොටන්න.

9 comments:

Indranama said...

කාලෙකට පස්සෙ ආවත් ඉතිං "කස්ටිය කොහොමද ඉතින්..?" කියන්න අමතක නෑ නේද? :P
එල එල :)

Thilina said...

හෙහෙ.. ඔය "කස්ටිය කොහොමද ඉතින්" කෑල්ල හලන්න හිටියට තාම කරගන්න බැරිවුනා :D

පැතා said...

එල එල මමත් ෆෝන් එකෙන් සෙට් වෙලා ඉන්නෙ

Thilina said...

@පැතා

එළ එළ..

sithija said...

මේකනේ අයියා තියෙන එකම කේස් එක අපි පාවිච්චි කරන්නේ ඩයලොග් නෙමෙයි නේ මොබිටෙල් නේ ඒක නිසා ඔය වැඩේ කරන්න වෙන්නේත් නෑ.තව එකක් මම දැන් ටුවිටරේ වැඩිය පාවිච්චි කරන්නේ නෑ මම ඒ කාලේ නම් හරියට ටුවිටරේ පාවිච්චි කළා ඒත් දැන් මට මොකක් වුණද කියලා මටවත් හිතාගන්න බෑ. කොහොම හරි මේක ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක් :)

Thilina said...

@sithija

හෆෝ මොබිටෙල්ද පාවිච්චි කරන්නේ.. :( හැබෑට මොකෝ මලයෝ ටුවිටරේ එපා වුනේ..? කොහොම වුනත් මොබිටෙල් එකත් ‍ඉක්මනින්ම ටුවිටරේට සහය දක්වයි.

said...

ඩයලොග් උනුත් මොකක් හරි කෙලියක් හොයා ගන්නවා අපිට කෙලින්න

Thilina said...

@ම

හික් හික්.. ඒක තමා... පොකැට් එක හිස් කරගන්න වැඩක් :D

Isura Nirmal said...

දැන් Mobitel එකත් Twitter sms වලට සහය දක්වනව.
http://staryblogger.blogspot.com/2010/11/twitter-sms-mobitel.html

Post a Comment