About

Saturday, September 26, 2009

ලෝකයේ පළමු DirectX 11 Graphics card


කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස්වල මොනවද නිවුස්...??? ආ විශේෂ එකක් තියෙනවා. ලෝකයේ පළමු DirectX 11 Graphics card එක නිකුත් වුනා නොවැ. ඒ තමයි ATI Radeon HD 5870. ලෝකයේ Graphics card නිපදවන සමාගම් කීපයයි තියෙන්නේ මාර්කට් එකේ වැඩි කොටසක් අයිති Nvidia සමාගමට ඊලගට AMD/ATI, S3 හා Intel. දෙවනියට විශාලම Graphics card නිපදවන්නා වුනාට වැඩ නං No 1 senyum . ඉතින් මේ 5870 කාඩ් එක 40nm GPU එකකින් තමයි බලගැන්විලා තියෙන්නේ. specification ටික බලලාම ඉමුකෝ


5870 Graphics card එකේ ට්‍රාන්ස්සිස්ටර් බිලියන 2.15 ක් තියෙනවා 334 mm² ක වර්ගඵලයක් ඇතුලේ මෙච්චර ට්‍රාන්ස්සිස්ටර් ගොඩක් තියෙනවා කියලා විස්වාස කරන්නත් අමාරුයි. ඒත් 40nm සයිස් ට්‍රාන්ස්සිස්ටර් එක්ක ඒක ලොකු දෙයක් නෙවේ.






5870 memory type එකත් GDDR 5 එකක්. මෙමරි සයිස් එක 1GB හෝ 2GB වලින් ලබාගන්න පුළුවන්. මෙමරි Bus එක 256bit වෙනවා. 1200MHz මෙමරි ක්ලොක් එකක් සමඟ මෙහි Memory Bandwidth එක 153.6GBps. Graphics card එකේ performance වැඩි වෙනකොට කොහොමත් power consumption එක වැඩි වෙනවා. ඒත් 5870 වෙනස් මේතරම් ඉහළ මට්ටමේ Graphics card එකක් වුනාට Idle Power 27W (Graphics card එක පමණක්) සාමාන්‍යයෙන් 55nm GPU එකක් සහිත Graphics card එකක මේ අඟය 80-90W වෙනවා. මොනිටර් කනෙක්ට් කරිමට DVI prot 2 ක් HDMI Port එකක්, DisplayProt එකක් ති‍බෙනවා. ATI සමාගම DX 10.1 හදුන්වාදුන්නේ 2007 දී. දැන් 2009 දී DX 11. බට් Nvidia සමාගමට DX 10.1 හදුන්වා දීමට සිදුව්‍රනේ 2009 දී. Nvidia වල DX 11 Graphics card එකකුත් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවාලු. Nvidia සමාගමේ 40nm GPU වල තාක්ෂණික ගැටලු මේ ප්‍රමාදයට හේතු වෙලා තියෙනවා. මේ සියළු දේම සමඟින් මෙම ATI Radeon HD 5870 Graphics card එකක මිල $379 වෙනවාkenyit. Graphics card එකේ performance බලපුවාම මේ ගාන නං එච්චරම නරක නෑ කියලයි හිතෙන්නේ.

7 comments:

said...

මේක ගත්තම ඉතුරු කෑලි ටික ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැනේ බන්

Thilina said...

@ම

හික් හික්... ඇත්ත තමයි :D

shanakplus said...

අපිට කොහෙන්ද බොල ඔවා ගන්න සල්ලි

Kanishka said...

පිස්සු හැදෙනව... :P

Thilina said...

@shanakplus

හික්.. මේක ලංකාවට එනකොට 70,000 ක් වත් කියයි :P


@Kanishka | කණියා

:P

අනූ said...

කවදත් ATI තමා හොඳම

Thilina said...

@අනු

ඔව්... දැන් notebook graphics මාර්කට් එකේ 50% කටත් වඩා වැඩි කොටසකට වගකියන්නේ ATI. ඉක්මනින්ම desktop මාර්කට් එකත් ATI අල්ලා ගනි. අනේ පව් Nvidia :P

Post a Comment