About

Monday, September 21, 2009

සිංදු කාරයා

ඊයේ මට class එකක් තිබ්බා නොවැ. ඉතින් ඕකට ගිහිල්ලා මම දැන් ගෙදර එන්න බස් එකකට නැග්ගා. බස් එක ටික දුරක් යනකොට ‍අවු 40 ක විතර පොරක් බස්එකට නැගලා රබානක් වගේ එකක් ගහලා සිංදු කියන්න පටන්ගත්තා. දැන් මිනිහා සිංදු කියනවා. ඔය විදියට විනාඩි 10 ක් විතර බස් එකේ සිංදු කියලා ඒ මිනිහා රබානත් අරන් මිනිස්සු ගාවට ගිහිල්ලා සල්ලි ඉල්ලනවා. සමහර අය සල්ලි දෙනවා සමහර අය සල්ලි දෙන්නෑ. පස්සේ සිංදු කාරයා බස් එක ඉස්සරහට ගිහිල්ලා කියනවා සමහර අය මට ආධාර කළා සමහර අය අහක බලාගත්තා දැන් මිනිස්සු ළඟ මනුස්ස කම නෑ, මනුස්සයෙක්ගේ හැකියාව අඟය කරන්න දැන්නෑ, අසරණ පුද්ගයෙකුට උදව් කරන්න දන්නෑ ලු. ඔහොම දැන් ටික වෙලාවක් බයිලා කියලා මිනිහා ළඟ තිබ්බ බෑග් එකකින් CD එකක් එළියට අරන් කියනවා මගේ නවතම CD තැටිය වෙළඳපොළට නිකුත් වුනාලු අවශ්‍ය කෙනෙක් ඉන්නව නං CD එක ඉල්ලන්න රු100 යිලු.  හික් හික්... :D

9 comments:

Unknown said...

Y did u hik hik....

Narada said...

හික්ස්!

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හෑ....... මාර බුවෙක්

Kanishka said...

හික්.. කරල බලන්න වටින වැඩක් :D

Thilina said...

@Rohan

ඒ සිංදුකාරයාගේ කිසිම අසරණ කමක් මට නොපෙනුනු නිසා


@-බිன்ku-

:)


@ushan

සිරාවට


@Kanishka | කණියා

හික් හික්, ට්‍රයි පාරක් දාලා බලන්න. :D, 240 බස් එකක යනව නං සමහර විට මිනිහව හම්බවෙන්න පුළුවන් වෙයි.

පැතා said...

ඒකත් නියම වැඩේ නේද බොලේ

Thilina said...

@පැතා

:P

Aravinda said...

මට ඔය වගේ මිනිහව කඩවත බස් එකකදී දැන් අවුරුදු දෙකකට විතර කලින් දැක්කා. මං හිතන්නේ මේ මිනිහම තමයි. මිනිහත් එදා කළේ ඔය වැඩේම තමයි.

Thilina said...

@අරවින්ද

ආ... උඹටත් මේ සිංදුකාරයාව හම්බවුනාද? හික් හික්..... :)

Post a Comment