About

Thursday, September 17, 2009

මටත් ඇපල්...

කස්ටිය කොහොමද ඉතින්...? හෆෝයි මේ බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා, මොකද කිව්වොත් ලියන්න දෙයක් නෑsedih, ආ.... ඒවලින් වැඩක් නෑ කතාවට එන්ටරි වෙමුකෝ... දන්නවනේ මැක්,  තේරෙන විදියට කිව්වොත් ඇපල් මැකින්ටොෂ්, මටත් ඉතින් ලාවට වගේ ආසවක් තිබ්බා මේ Mac Computer එකකුත් පොඩ්ඩක් පාවිච්චි කොරලා බලන්න. ඒත් අපිට කොහෙන්ද මැක්? ජංජාලේ සර්ච් පාරක් දාලා  Mac OS X DVD ටොරන්ට් එකක් හොයා ගත්තා. හෆෝයි ගිගාබයිට්ම 3 කට වැඩියිhah. මං වගේ දුප්පත් මොබිටෙල් කාරයෝ කොහොමද 3GB බාන්නේ, adsl ගත්තු කාලෙක බානව කියල හිතලා වැඩේ අත්ඇරලා දැම්මා. පස්සේ අපේ ගයන්ත ළග Mac OS X DVD එකක් තියෙනව කියලා දැනගත්තා. ඔන්න ඊයේ උදේ මං ඕක ගන්න ගයන්තව හම්බවෙන්න ගියා. හෆෝයි ගයන්තයාව හොයාගන්න බැරුව මම එහාට මෙහාට රවුං ගැහුවා, හික් හික්... sengihnampakgigi අන්තිමට මැක් DVD එකත් ඉල්ලාගෙන ගෙදර ආවා. අපෝ.......... ලයිට් නෑ. CEB rocks.

හවස 5-6 ට ලයිට් ආවාම ඇපලය දැම්මා. Mac OS X එක ඉන්ස්ටෝල් කරන්නේ වින්ඩෝස්, ලිනක්ස් ඉන්ස්ටොල් කරන විදයට වගේම තමා එච්චර අමාරු නෑ. මම පළවෙනි පාරටයි මැක් එකක් ඉන්ස්ටෝල් කළේ අවුලක් නැතුව බබා වගේ ඉන්ස්ටෝල් වුනා.


විනාඩි 25 ක් විතර ගිය. හැබැයි මගේ PS2 මවුස් එක නං ගත්තේ නෑ. පස්සේ USB මවුස් එකක් ගැහුවම පටස් ගාලා ගත්තා. audio, Ethenet එහෙමත් වැඩ

ඹන්න පොඩි මියුසික් එකකුත් ගිහිල්ලා ඇපලය ස්ටාට් වුනා. අපෝ. නම ගම විස්තර ඉල්ලනවා. මේ විස්තර නැතුව ඉස්සරහට යන්න බෑ. ඒකටත් බොරු ටිකක් ගහලා දැම්මා. සේරම හරියට සිද්ධ වුනාට පොඩි අවුලක් Resolution එක මාරු කරගන්න බෑ. 1024 x 768 විතරයි තියෙන‍නේ.... hah


LCD මොනිටර් වල Recommended resolution එක නැතුව වෙන resolution එකකින් පේනකොට අල බව කස්ටිය දන්නවනේ.. සෝ මැක් වල තියෙන වැඩ කෑලි ටිකක් බැලුවා. MPG, MP3 එහෙම වැඩ. සිංහලත් වැඩ, මගේ සුපිරි Huawei E160 ත් වැඩ නෑ, සඒ නිසා මේකෙන් ආසාවට නෙට් යන්න නං බැරි වුනා දැන් ඉතින් intel GMA 3100 (G33) වලට රියදුරෙක් හොයා ගන්න ඕනේ, GMA 950 නං රියදුරෙක් ඉන්නවා. මේකේ හොඳ appliction නං තියෙන බව පේනවා. තව විස්තර හොයලා බලන්න ඕනේ.

ප.ලි

මම දැම්මෙ Mac OS X 10.5.2 මෙන්න ලින්ක් එක. තව Mac OS X 10.5.6 අළුත් වර්ෂන් එකක් මෙන්න ලින්ක් එක. ජංජාල වත්කං ඇත්තතෝ බාගනිත්වා :D

13 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මටත් ආසහිතුනා කරල බලන්න

Anonymous said...

මයාගෙ PC එකෙ configuration එක දාන්න පුළුවන්ද?
windows 7 වැඩකරන PC එකක Install කරන්න පුළුවන්ද?

Thilina said...

@ushan

එළ එළ, ඇපලයත් දාලා බලන්න. :)


@Anonymous

Pentium DC E2140 @ 3.20GHz (OC), 2GB DDR2, Intel GMA3100 (G33 chipset), SATA HDD, SATA DVD RW.
Windows 7 දුවන මැසිමකට නං Mac OS X දාන්න පුළුවන්. රැම් 1.5GB වත් ඕනෙ වෙයි.

udith said...

ela apith dala bala oyata comments dennam

Prashan Fernando said...

me aththatama Mc OS eka IBM clone walata daanna puluwanda?? mama mechcharakal hithagena hitiye Mac OS aple machine wala witharai duwanne kiyala.....hafoi...!!

Thilina said...

@udith

එළ එළ :)


@Prashan Fernando

IBM මැෂින් වලට දාන්න පුළුවන් වෙයි. හැබැයි රැම් එක 1.5GB වත් තියෙනව නං හොඳයි. ටොරන්ට් එක බාලා ට්‍රයි කරලා බලන්න.

GNS said...

ආ..! එළ එළ මචං..!!

මේ Desktop එකෙන් බාගයක්ම HDD Partition වල iconsද මේ තියෙන්නෙ? :O

Thilina said...

@ගයන්ත

හික් හික් වැඩිය නෑ 9 ක් තියෙනවා :P 700GB ක් තියෙනව නොවැ

Thameera said...

ෂහ් මරුනෙ! දාල බලන්න ඕන. ඒත් ඉතින් කොහෙන් හරි dvd එකක් හොයාගන්න කං හූල්ලන්න තමයි වෙන්නෙ!

ශාකුන්තල | Shaakunthala said...

ඕක VirtualBox එකේ දාන්න පුළුවන් වෙයිනේ... ? :-?

Thilina said...

@තමීර

ගයන්තගෙන්ම DVD එකක් ඉල්ලා ගමු. :P


@ශාකුන්තල

VB වලට නං දාලා බැලුවෙ නෑ, ඒත් VMware ඇතුලෙ නං දුවන් නෑ :(

Kolama said...

මම කාලයක් තිස්සෙ හොද කොපියක් හොයහොය හිටියේ !. එහෙනම් අපිටත් මැක්වල වැඩ කරන්න වාසනව පෑදුනා :)

බොහෝම ස්තූතියි !

Thilina said...

@Kolama

මැක් ඉමේජ් එක බාලා වාසනාව උරගා බලන්න.

Post a Comment