About

Tuesday, September 1, 2009

පාසල් කාළේ... 2

කස්ටිය කොහොමද ඉතින්...? පහුගිය දවස් ටිකේම අනං මනං ගැජට් කෑලි ගැනනෙ ලිය ලිය හිටියේ. ඒ නිසා පාසල් කාළේ 2 වෙනි එක විදයට ඉස්කෝලේ සිද්ධ වුනු තවත් සිදුවීමක් ලියන්න හිතුවා.

මේක වුනේ ඉස්කෝලේ A/L ක්ලාස් පටන් ගත්ත මුල් දවස් වල. මම මැත්ස් නොවැ කළේsenyum. ඉතින් මැත්ස් කරන‍ කොට කෙමිස්ට්‍රි කියලා චොර විෂයක් ඉගෙන ගන්න තියෙනවනේ. අපෝ මතක් වෙනකොටත් පිස්සු වගේsengihnampakgigi. ඒත් A/L පටන් ගත්ත මුල් දවස් වල මාර ආසාවෙන් කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා. මොකද ලැබ් වල අනං මනං එහෙම කරන්න ලැබෙනවනේ. ඔන්න එක දවසක් ලැබ් එකේ පරික්ෂණයක් කරන්න තිබ්බා. ඒ ස්ටොයිකියොමිතිය සෙවීම. (කෙමිස්ට්‍රි කරන උන් නං දන්නවා). ඒකට ඔය තියෙන උපකරණ ටික ඉස්සෙල්ලාම වතුර යොදාගෙන ටෙස් කරල බලන්න කියලා මිස් කිව්වා. ඔතන පිපෙට්ටුව කියලා ගැජට් එකකුත් තිබ්බා. මේ තියෙන්නේ ඒකේ රූපයක්.


මේක ඇවිල්ලා බීම බටයක් වගේ ඒත් මැද ටිකක් ලොකුවට තියෙනවා. (මේකේ උඩ පැත්තෙන් කට තියලා උඩට අදින්න ඕනෙ. එතකොට මැද්දට ද්‍රාවනය පිරෙනවා. ඊට පස්සේ උඩින් ඇගිල්ල තියා ගත්තම පිරුණු ද්‍රාවනය එලියට යන්නෑ.) දැන් ඉතින් පිපෙට්ටු ටික අරගෙන එක එකා ඒකෙන් වතුර උඩට ඇදලා බලනවා. මේ අස්සේ අපේ පන්ති නායකයාට (අපි ඌට නිමල් කියමුකෝ) කවුද සර් කාරයෙක් එන්න කියලා ඒ යකා ලැබ් එකෙන් ගියා. ඒ නිසා ඌට පිපෙට්ටුවෙන් වතුර ඇදලා ඒක ටෙස් කරන්න ලැබුණෙ නෑ. පස්සේ දැන් ඇත්තටම අම්ලයක් පිපෙට්ටුවට පුරවලා පරීක්ෂණය කරන වාරය ආවා. දැන් එක එකා අම්ලය පිපෙට්ටුවට පුරවලා ඒක වෙන අම්ලයකට මික්ස් කරලා බලනවා. දැන් පන්ති නායකයා නිමල් ගෙ වාරයත් ආවා. මිනිහා දැන් පිපෙට්ටුවට ක‍ට තියලා අම්ලය උඩට අදිනවා... ඔය පිපෙට්ටුවේ මැද මහත කෑල්ලට අම්ලය පිරෙන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මේ යකා ෆුල් ඩම් එක දාලා අම්ලය උඩට ඇද්දා. කලින් මේක වතුර දාලා ටෙස් කළේ නැති නිසා මේ යකා අර අම්ලය කටටම ඇදලා ගත්තා hah. දැන් නිමල්ගේ කටේ අම්ලය. පටස් ගාලා අම්ලය එළියට දාලා ඊට පස්සෙ දහපාරක් විතර වතුරෙන් කට හොදලා දැම්මා. දැන් මිනිහගේ කට රතු පාට වෙලා. වෙලාවට අර අම්ලය එච්චර සැර එකක් නෙවේ. පස්සේ මිනිහ‍ට මොනවද වගයක් කට හොදන්න කියලා දුන්නා. කොහොම හරි ස්ටොයිකියොමිතිය සෙවීමත් පැත්තකට දාලා සේරටම ආපහු ක්ලාස් එකට එන්න වුනා.


11 comments:

ඉන්දික said...

ඔය වාගෙ ගොන් පිපට් පාවෙච්චි කරන්නෙ අපේ රටේ ඉස්කෝල වල විතරයි වෙන්නැති බන්. !දැන් ෆීල්ඩ් වල උන් ඕව දැකලවත් නෑ

Anonymous said...

පිපෙට් එකට, රබර් බල්බ් එකක් හයි කරලා තමයි, දැන් පාවිච්චි කරන්නේ...
එතකොට අවදානම අඩුයි නේ...වැඩෙත් ලේසියි.

Thilina said...

@ඉන්දික

හික් හික්, ඉස්කෝල වලට දෙන්නේ මේවගේ එව්වා තමා.


@.::පිස්සා::.

අළුතෙන් එනකොට රබර් බල්බ් එකක් තියෙනවා. ඒත් සතියක් දෙකක් ලැබ් එකේ මේක තියෙන කොට කොල්ලො සෙට් එක රබර් බල්බ් එක ගලවලා බැලුම් පුම්බනවා. :D

ධනික | Dhanika said...

හපෝ ඔය chemistry නම් මතක් කරන්න එපා...
කට හෝදගන්න දුන්නෙ භෂ්මයක්ද දන්නෑ.. :D

Thilina said...

@ධනික | Dhanika

මටත් chemistry පෙන්න්න බෑ. chemistry උගන්නන එකා මුලින්ම වැඩේ චා කළොත් සොරිම තමා.

ශාකුන්තල | Shaakunthala said...

"එක එකා අම්ලය පිපෙට්ටුවට පුරවලා ඒක වෙන අම්ලයකට මික්ස් කරලා බලනවා"
මික්ස් කරන්නෙ අම්ලයකටද භෂ්මයකටද කියලද ඕකෙන් බලන්නේ? :D

කට හෝදගන්න දීපු ද්‍රාවණය NaHCO වෙන්න ඇති නේද? අම්ලය උදාසීන කරන්න නේ ඕන.

A/L කරන කාලෙ මගේ ප්‍රියතම විෂයය රසායන විද්‍යාව. ඒහෙම වෙන්න හොදම හේතුව තමයි ප්‍රායෝගික පරීක්ෂණ.

Thilina said...

@ ශාකුන්තල

මට මතක විදියට කළේ මේකයි පිපෙට්ටුවෙන් අම්ලයක් අරගෙන ඒක භාජනයකට දාලා ඒකට බියුරේට්ටුවෙන් තවත් එකක් බිංදුව බිංදුව ඒකට හලනවා එතකොට පාට වෙනස් වෙනකොට එක්කෝ උෂ්ණත්වය හරි නැත්නං බියුරෙට්ටුවෙන් හලපු අම්ල ප්‍රමාණය (දෙකෙන් එකක්, හරියට මතක නැත) හරි ලයාගත්තා. මම "එක එකා අම්ලය පිපෙට්ටුවට පුරවලා ඒක වෙන අම්ලයකට මික්ස් කරලා බලනවා" කියල ලිව්වේ කෙමිස්ට්‍රි කරල නැති එකෙකට ‍මේක තේරෙන්නෙ නැති නිසා. එහෙම නං මට මුළු පරික්ෂණයම විස්තර කරන්න වෙනවා. :D මේක මම හදලා ලියපු එකක් නං නෙවේ සිරාවටම වෙච්ච දෙයක්. කට හොදන්න කියලා මිස් දීපු දේ නං මොනවද කියලා දන්නෑ.

ශාකුන්තල | Shaakunthala said...

රසායන විද්‍යාව නොකරපු කෙනෙකුටත් එක්ක තේරුම්ගන්න පුළුවන් වෙන්න නම් ලියන්න ඕන එක ද්‍රාවණයක් අනෙකට මික්ස් කරනවා කියලයි. ඔය ලිව්ව විධියෙන් හැඟෙන්නේ අම්ලයක් තව අම්ලයකින් අනුමාපනය කරනවා වගේ අදහසක්. එතකොට ඒක නිකං ජෝක් එකක් වෙලා නේද? ලියන්න සැමට... රසායනය දන්න නොදන්න හැමෝටම කියවන්න ලියන්න. :)

said...

මාත් කලේ නම් ගණිතය ඒත් මේ වගේ එකක් දැකලවත් නැහැනේ
නම නම් අහලා තියෙනවා වගේ ලාවට මතකයි

Thilina said...

@ම

හික් හික්.... එහෙනං උඹ කෙමිස්ට්‍රි පිරියඩ් කට් කරලා තියෙනවා.

Anonymous said...

සාන්ද්‍ර සල්පියුරික් එහෙම තිබ්බනම් බඩුම තමා

Post a Comment