About

Wednesday, August 19, 2009

Free File Hosting සේවා කීපයක්

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල මොනවද නිවුස්? ආ.. දැන් අපිට පැරණි සිංහල සිංදු ෆෝරම් එකක් තියෙනවනේ.  senyum. සිංහල ගී කෙම්බිම තමයි නම http://sinhalasindu.forumotion.com/ වලින් කස්ටියටත් සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් ලග පැරණි සිංහල සිංදු තියෙනව නං මේ ෆෝරම් එකට අප්ලෝඩ් කරන්න. ඒත් ඉස්සෙල්ලාම ඇඩ්මින්ගේ නිවේදනය කියවන්න කියලා ඉල්ලා සිටින්න ඕනේ.  ඔය රැප් කෑලි අනං මනං සිංදු නං අප්ලෝඩ් කරන්න එපා කියලා ඉල්ලා සිටින්න ඕනේtakbole.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. දැන් මේකට සිංදු දාන්න. ස්පේස් එකක් ඕනේනෙ. ඒ සදහා Free File Hosting කරන වෙබ් සයිට් පාවිච්චි කරන්න පුළුවන්. සිංදු විතරක් නෙවේ. තමන්ගේ පුද්ගලික ෆයිල්, CV එහෙම මේ Free File Hosting සයිට් වලට දාලා තිබ්බොත් තමන්ට අවශ්‍ය වෙලාවට ලෝකයේ ඕනෙම තැනකින් එළියට ගන්න පුළුවන්. ඒකට ප්‍රයෝජනවත් වෙන Free File Hosting Services ලෝකයේ ඕනෑ තරං තියෙනවා. සමහර සයිට් වල Unlimited space එකක් දෙනවා (Unlimited කිව්වට ඒ ගැන වෙනමම කතා කළ යුතුයි - හරියට Dialog Brodband වගේ jelir) සමහර සයිට් limited space ද ලබා දෙනවා. මට හිතට අල්ලලා ගිය Free File Hosting සයිට් කීපයක් තමයි මේ.

4shared
කවුරුත් දන්න සයිට් එකක්. ලෝකයේ බොහො දෙනෙක් භාවිතා කරනවා. 5GB Free space ලබා දෙන අතර Direct link ලබා නොදේ. download resume කිරිමටද හැකියාවක් නැත. උපරිම අප්ලෝඩ් කළ හැකි ෆයිල් සයිස් එක 100MB යි. තරමක් කුඩා ෆයිල් වලට හොදින්ම ගැලපෙයි

FileDen
මෙහි 1GB ක ඉඩක් ලබා දෙනවා. මාසයකට 5GB ක bandwidth එකක්ද ලබා දෙනවා. directlink ලබා දෙන අතර එක වරකදි උපරිම 50MB ක් අප්ලෝඩ් කළ හැකිය. බ්ලොග් වලට දමන ඉමේජ් සදහා වඩාත් සුදුසුයි.

Mediafire
Free account වෙනුවෙන් අන්ලිමිටඩ් Space එකක් සපයයන අතර Unlimited bandwidth ද සපයයි. වරකට 100MB ෆයිල් අප්ලෝඩ් කළ හැකිය. තරමක් විශාල ෆයිල් සදහා ගැලපේ. sinhalasindu ෆෝරම් එකට සිංදු අප්ලෝඩ් කරීමට හොදින්ම ගැලපේ.

FileFront
Unlimited ස්පේස් එකක් සපයන අතර. 600 MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැක. වඩා විශාල ෆයිල් සදහා ගැලපේ. Unlimited bandwidth ද සපයයි. directlink නැත.

Turbo upload
5GB ස්පේස් එකක් නොම්ලයේ සපයන අතර 500MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැකිය. දින 3 කට 3000MB ක Bandwidth ද ලබා දේ. resume සපෝට් කරන්නේ නැත. Premium accounts සදහා 50GB ක ඉඩක් ලබා දේ.

ImageShack
5GB ක ඉඩක් නොමිලේ ලබා දේ. මෙහි වඩාත්ම ප්‍රයෝජනවත් සේවාව වන්නේ, ටොරන්ට් download කිරිමට ඇති හැකියාවයි. ටොරන්ට් address එක ImageShack වෙතට ලබා දුන් විට, ටොරන්ට් සයිට් එකේ සිට ImageShack වෙත download වීම සිදු වේ. පසුව අපිට ඒ download වු ෆයිල් එක ලබා ගැනීමට හැකිය.

Skydrive
Microsoft මගින් ලබා දෙන ‍Free File Hosting සේවාවකි. 25GB ස්පේස් එකක් සපයයි. එකවර 50MB ක ෆයිල් upload කළ හැක. Unlimited bandwidth ලබා හා directlink ලබා ගත හැකිය. අවශ්‍ය වන්නේ hotmail/live ලිපිනයක් පමණි.

මෙතන තියෙන්නේ ජංජාලයේ තිබෙන ‍Free File Hosting වලින් ඉතාම සුළු ගණනකි. මීට වඩා පහසුකම් සහිත සේවා ඕනෑ තරම් ති‍බේ. ජංජාලයේ සයිට් වල පහසුකම් සසදා බලා තමන්ට ගැලපෙන සේවා සපයන්නා තෝරා ගත යුතුය. මේ ලිස්ට් එකෙන් තවත් බොහෝ Free File Hosting සයිට් හා විස්තර සොයා ගත හැකියි

14 comments:

Free Sinhala Mp3 said...

මේ තියෙන්නෙ සිංහල සිංදු වලට හොද තැනක්
http://geethasagare.blogspot.com/

Thameera said...

මටත් හිතෙන්නෙ mediafire තමයි හොඳම විසඳුම. 4sharedවල වුණත් නිකන් තත්පර 10ක්ද කොහෙද ඉන්න වෙනවනෙ.

උදයංග said...

මේ වැඩේ නම් කැතයි නේද

ඔය ඉස්සර සිංදු කියපු ගායකයෝ හුගක් දෙනෙක්ට ආර්ථික දුෂ්කරතා තියනවා.
දැන් වුනත් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.මොකද සෑම නාලිකා වක්න්ම ගීත ප්‍රචාරය කලාට කර්තෘ භාග නොගෙවන නිසා.

ඉතින් මෙහෙම අනුන්ගේ නිර්මාණ මංකොල්ල කන එක වැරදියි නේද

said...

නියම එකක් තියෙනවා
http://www.uploading.com/
කියලා
කොයි වෙලේ බැළුවත් ලංකාවට තියෙන Band With එක ඉවරයි
කාට හරි පරිස්සම් කරන්න ඕනේ File එකක් මේකට දන්න

ශාකුන්තල | Shaakunthala said...

අපූරු වැඩක් + වටිනා ලිපියක්

Thilina said...

@Free Sinhala Mp3

ඔව්, සිංහල ගිත වලට හොද සයිට් ගණනාවක්ම තියෙනවා


@තමීර

මමත් පිවිච්චි කරන්නේ mediafire තමයි. ඒත් අන්ලිමිටඩ් කියන්නේ නං නමට විතරයි. :P


@උදයංග

එහෙම නං මේ චෝදනාව සියළුම සිංහල ගීත සයිට් වලට යන්න ඕනේ. මෙතන කොපිරයිට් ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්නවා.


@ම

ආ... මම මේක දැනගෙන හිටියෙ නෑ. ඒකත් හොයලා දාන්නං. ස්තූති වේවා..:)


@ශාකුන්තල

හෙ හෙ... ස්තූති වේවා...:)

Kanishka said...

එල වැඩක්... අපිත් පුලුවන් උදව්වක් දෙන්නම්...

Anonymous said...

නියමයි. හොදම එක Torrent බාන්න පුලුවන් imageShack ආරන්චිය. ස්තුතියි.

--Dappi--

උදයංග said...

@තිලිණ
අනිවාර්යෙන්ම සියළුම සිංහල ගීත සයිට් වලට යන්න ඕනේ

ඒත් ප්‍රශ්ණය හැමෝම සිංදු හොරකම් කරනවා කියල ඔයාලත් ඒ හොරකම කරන්න ඕන ද කියන එක

ඔයාල ඒ ගායකයින් ගෙ සිංදු වලට කැමති නම් ඒවා මිල දී ගත හැකිය.
එය තවත් ගීත නිර්මාණයට හොද උත්තේජනයක්

මට මේ comment එක දාන්න හිතුනෙ ඔබලා මෙය ලගදී ආරම්භ කල නිසාත් මේවා ගැන දැනුම් තේරුම් ඇති කණ්ඩායමක් නිසාය

අවසානයෙ(අනාගතේ) මේ දේවල් වලින් වෙන්නෙ "බස් සිංදු" ඉතුරු වීමත් "ලස්සන සිංහල සින්දු" නැති වීමත් පමණයි

ඉන්දරේගෙ අවධානයට

ශාකුන්තල | Shaakunthala said...

මිළදී ගන්නවත් හොයාගන්න නැති ඇන්ටික් ඒවට මොකද කරන්නෙ?

උදයංග said...

ශාකුන්තල@
මිළදී ගන්නවත් හොයාගන්න නැති ඇන්ටික් ඒවද ඔය ‍දෙන්නෙ නෑනෙ

Anu said...

මෙන්න මේක බලපං. ලොකුම ලොකු 10GB ftp එකක් නිකං දෙනවා. මගේ වෙබ් සයිට් බැක්අප් වලට මං පාවිච්චි කරන්නේ මේක.
www.freeftp.eu

Thilina said...

@Kanishka

:)

@Anonymous

ලිමිටඩ් නෙට් කනෙක්ෂන් තියෙන අයට (මං වගේ) ImageShack පිහිට තමා.


@උදයංග

ඔබට අවශ්‍ය දේ සිදු වී හමාරයි. දැන් ඔබට තෘප්තිමත් විය හැකියි. මෙතනින් නොනැවතී elakiri, music.lk වැනි අඩවි වල ගීත මංකොල්ලයට එරෙහි වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැ‍බේවා කියා ප්‍රාර්ථනා කරනවා.


@Anu

ස්තූති වේවා. :)

budhajeewa said...

@Anu: ඔය www.freeftp.eu එක දීර්ඝකාලීන ගොනු සුරැකුමට භාවිතා කරන්න පුළුවන්ද ?

Post a Comment