About

Tuesday, August 11, 2009

අර්ධ ශතකයක් ගැසුවෙමි - ලිපි 50 යි

කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න මමත් දන්නෙම නැතුව පෝස්ට් 50 කුත් දාලා.... senyumමේක තමයි මට තියෙන එකම බ්ලොගය. මේක පටන් අරගෙන දැනට මාස 5ක් විතර වෙනවා. ඒ කියන්නේ මාසෙකට පෝස්ට් 10 ක් විතර වැටිලා තියෙනවා. පෝස්ට් 50ට කමෙන්ට්ස් 473 කුත් වැටිලා තියෙනවා. ඇඩි නැති සිංහල බ්ලොග් ඉදිරියට ඇදෙන්න තියෙන පිළිසරණ මේ කමෙන්ට්ස් තමයි. ‍ඒ නිසා ඉස්සෙල්ලාම මගේ බ්ලොගය කියවපු හැමදෙනාවමත් කමෙන්ට්ස් කරපු හැම දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. මේක මම පටන් ගත්තේ අප්‍රෙල් මාසේ 12 වෙනිදා. ඒ දවස් වල බ්ලොග් මැරතන් උණ හැදෙමින් තමයි තිබුණේ sengihnampakgigi. මටත් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න ආසා හිතුනා. ඒ නිසා පටන් ගන්නේ කොහොමද කියලා හොයල බලන්කොට තමයි Blogger හම්බවුනේ. ඉතින් ඒවෙලාවෙම බ්ලොග් එක පටන් ගත්තා. බ්ලොග් එකට නමක් මතක් වුනෙත් නෑ. ඒවෙලාවෙ හිතුනු නිසා තිළිණ බුවා කියල දැම්මාsengihnampakgigi. නම අප්සැට් කියලා කිප වතාවක්ම හිතුනා. හිතුනොත් ඉදිරියට මේ නම මම වෙනස් කරනවා.

මේකේ වැඩිපුර තියෙන්නේ බයිලා sengihnampakgigiඒ අස්සේ වැදගත් වෙයි කියලා හිතුනු ලිපි කීපයකුත් ලිව්වා. දැන්නං ලියලා ලියලා, ලියන්න දෙයක් නෑ. ඒත් මේක ඇදගෙන යන්න ලියන්නම වෙනවා. බ්ලොග් එකක් නැති කස්ටිය ඉතින් බල බල ඉන්නැතුව අදම බ්ලොග් එකක් පටන් ගන්න. Blogger හරි Wordpress හරි ලේසි එකක් තෝරගන්න. සල්ලි වියදම් වෙන්නේ නෑ. එක්කෙනෙක්හරි අළුතෙන් බ්ලොග් එකක් පටන් ගන්නව කියන්නේ ජංජාලයේ සිංහල ප්‍රතිශතය වැඩිවෙනවා කියන එක. ඒක අපි හැමෝටම හොදයි.

13 comments:

Anu said...

ඉස්සර මං මාසෙට 15ක් විතර ලිව්වා. මේ දවස් වල වැඩ වැඩි නිසා ලියන්න වෙලා නෑ.
දිගටම ලියපං. ඕව අහක යන්නෙ නෑ.

Thilina said...

වැඩ වැඩියි කියලා නොලියා ඉන්න එපා. කො‍හොමහරි ලියන්න. :)

said...

ඕන් එහෙනම් අර්ධ ශතකෙට මගෙන් සුභ පැතුම් චියර්ස්!!!
එදා ඉතින් උඹ අපිට වතුර ගහලා හෙන සපෝර්ට් එකක් දුන්නනේ දුවන්න

Anu said...

ලබන මාසෙ විතර බලමුකො.

අමිල said...

එල එල
ඕං මාත් එකක් පටං ගත්තා

Anonymous said...

දිගටම ලියමු.... දිගටම ලියමු..සුභ පැතුම්

සජීව විජේවීර said...

ඔබට සුබ පතනවා ඉත සිතින්ම. අපි ලියන්න හැදුවත් ලියන්න දේවල් තිබුණත් වෙලාවක් නැති නිසාම ලියන්න වුනේ නැහැ. ඒත් අද අගෝස්තු 11 වැනිදා නැවත පටන්ගත්තේ හැමදාම නොවරදවාම එකක් ලියනවා කියල හිතාගෙනමයි.

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මෙන්න මචෝ මගෙන් සුභ පැතුම්. දිගටම කරගෙන යමු.

Thilina said...

@ම

ස්තූති වේවා, එදා නං ජොලි දවසක්...


@Anu

එළ එළ...


@අමිල

නියමයි. අපිත් එනවා කියවන්න.


@panhida

ස්තූති වේවා. :)


@සජීව විජේවීර

පටන් ගත්ත එක හොදයි, වෙලාව නෑ කිය කියා හිටියොත් කවදාවත් පටන් ගන්න වෙන්නෑ..


@KaniRockz

හෙ හෙ.... ස්තූතියි

Thameera said...

එළ එළ අපෙනුත් සුබ පැතුම්, ඔහොම යාං!

Thilina said...

@තමීර

තැන්කූ තැන්කූ...:)

Deeps said...

බ්ලොගේ නම ගැන හොය හොය ඉන්නේ නැතුව ලියන්න. මට නම් ඒ නමේ අමුතු ගතියක් තියනවා. ශතකයත් ඉක්මනටම ගහ ගැනීමට හැකි වේවා!!

Thilina said...

@deeps

ඉක්මනට ශතකයක් ගහන්න බලාපොරොත්තු වෙනවා.

Post a Comment