කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුම මමත් බ්ලොග් කරණයට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා... අවුරුද්දක් මේක ඇදගෙන ආව එක ගැන නං සතුටුයි. මොකද බ්ලොග් එකක් පටන් ගන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක් වුනාට පටන් ගත්තාට පස්සේ පවත්වාගෙන යන්න නං පොඩි ගේමක් දෙන්න වෙනවා.
බ්ලොග් කරණයට ආවේ කොහොමද කියෙනව නං, මට මතක විදියට ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් එකකට කියලා දැක්කේ කාලිංග අයියගෙ බ්ලොග් එක. මොබිටෙල් එක ගැන මොකක් හරි හොයනකොට තමයි අහම්බෙන් වගේ අහුවුනේ. ඒත් මං ඒ වෙනකොට යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරලා තිබුණෙත් නෑ. පස්සේ යුනිකෝඩ් එහෙම දාගෙන ඒ බ්ලොග් එකේ තිබුණු ලින්ක් එකෙන් එකට ගිහිල්ලා තමයි සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙනව කියලා දැනගත්තේ.. ඔහොම මාස කීපයක් බ්ලොග් කියව කියව ඉන්නකොට තමා මටත් බ්ලොග් එකක් කරන්ක හිතුනේ. ඉස්සෙල්ලාම My blog.lk එකේ තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එක පෝස්ට් එකක් වත් දැම්මෙ නෑ . පස්සේ Blogger වලට බැස්සා. මගේ පළවෙනි ලිපිය එක පේළියකට සීමා වුනා . පස්සේ පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. පෝස්ට් 3 -4 ක් දානකොට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයටත් ඇතුළු වුනා. පටන් ගත්ත දවස් වල වේලි වේලි තිබුණු මේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මේ මගේ මරණය. ඒ දවස් වල තමයි 2009 බ්ලොග් මැරතන් තිබ්බෙ. එකෙනුත් ගොඩක් අය අඳුරගන්න පුළුවන් වුනා.
ඔං පටන් ගත්ත දවසේ ඉඳලා තිබ්බ බ්ලොග් එකේ පෙනුමත් පොඩ්ඩක් වෙනස් කළා . පුළුවන් තරං වැඩ කෑලි අඩු තීම් එකක් තමයි දාගත්තේ. මේකේ තාක්ෂිණික ලිපි වගේම බයිලාත් ලියවෙනවා. මේකේ තියෙන සමහර පෝස්ට් දැක්කාම මේකත් මම ලිව්වනේ කියලා මටම හිතෙනවා . අවසාන වශයෙන් බ්ලොග් එක මෙච්චර කල් ඇඳගෙන එන්න පුළුවන් වුනේ මේක කියවන, කමෙන්ට් කරන ඔබ නිසාමයි. ඉතින් අවුරුද්දක් තිස්සේ මේක කියවපු, කමෙන්ට් කරපු ඔබට ස්තූතියි...
Picture