About

Friday, September 4, 2009

RJ-45 Ethernet කේබල් එකක් හදමු

කස්ටිය කොහොමද ඉතින්....? දැන් ADSL තියෙන ගොඩක් කස්ටියට තියෙන්නෙ රවුටරයක් නොවැ. ඉතින් මේ රවුටරයත් කොම්පියුටරයත් සෙට් වෙන්නෙ RJ-45 Ethernet කේබල් එකකින්. රවුටරේ ගන්න කොට ඒකත් එක්ක මේ Ethernet කේබල් එකක් ලැ‍බෙනවා. ඒත් ඒක‍ හෙන කොටයි නොවැ. ඉතින් මේ කේබල් එක දිග මදි නිසා ගොඩක් වෙලාවට අළුත් කේබලයක් ගන්න වෙනවා. කේබල් එකක් ගන්න ගියත් කඩේ එකා කරන්නේ මේ කේබල් එකක් හදලා දෙන එක. ඒත් ඒකට ගන්න ගාන නං සාධාරණ නෑ කියලා හිතෙනවා. ඒ නිසා අපිට කේබල් එකක් හදා ගත්තොත් වැඩේ ලේසියි වගේම මුදලත් ඉතුරුයිsenyum. මෙන්න මෙහෙමයි කරන්නෙ.

මේකට ගන්නේ Cat5 Ethernet කේබල් මේවා කොම්පියුටර් බඩු තියෙන කඩ වල තියෙනවා. අවශ්‍ය දිගට මේ කේබල් අරගන්න. (මිටර් 100ට අඩුවෙන්)


තව කේබල් එකේ දෙපැත්ත සෙට් වෙන RJ-45 කනෙක්ටර් දෙකක් ඕනේ වෙනවා. (මේ එකක් රු15 - 20 ක් විතර වෙනවා) මේක සෙට් කරන්න විශේෂ අඩුවක් ඕනේ මේක නං කාගෙන්හරි ණයට ඉල්ලා ගන්න වෙනවා. නැත්නං මේක රු 950/- කට තියෙනවා මෙන්න මෙතන. එකක් ගත්තම ජීවිතකාලයටම ඇතිjelir. එච්චරයි ඕනේ. ආ.. කතුරකුත් ඕනේ.

ඉස්සෙල්ලාම නෙට්වර්ක් කේබල් එකේ තියෙන රබර් කවර් එක අයින් කරගන්න ඕනේ. 2cm විතර ප්‍රමාණයක් කවර් එක අයින් කළාම මෙහෙමයි පේන්නෙ.



දැන් මේක අතුලේ වයර් 8 ක් තියෙනවා. මේ වයර් ටික කලර් කෝඩ් එක අනුව වෙන් කරන්න ඕනේ.... RJ-45 කනෙක්ටර් එකේ පින් 1 එක පටන් ගන්න තැන රූපයේ තියෙනවා. දැන් මේ වයර් 8 සම්බන්ධ වෙන හැටි බලමු.


මේ කේබල් එක කනෙක්ටරය‍ට සවි කරන ක්‍රම 2ක් තියෙනවා එකක් තමයි. කොම්පියුරේ ඉදලා ස්විච් එකකට රවුටරේකට කනෙක්ට් වෙනකොට කනෙක්ටර් දෙකේම වයර් ටික එකම රටාවකට සම්බන්‍ධ කරනවා ඒ පහළ රූපයේ විදියට

එක කොම්පියුටරයක ඉදලා තවත් කොම්පියුටරයකට කෙලින්ම (direct) සම්බන්ධ කරනවා නං කලරි කොඩ් එක මාරු කරන්න ඕනේ. මේකට තමයි cross කේබල් කියන්නෙ. ඒ වයර් එකේ කනෙක්ටර් වලට වයර් සම්බන්ධ කරන්නේ මේ රූපයේ විදියට.

දැන් අවශ්‍ය පිළිවෙලට වයර් ටික හදාගෙන කතුරකින් වයර් ටික එකම ගානකට කපා ගන්න.

දැන් RJ-45 කනෙක්ටර් එක ඇතුලට මේ වයර් ටික දාන්න.‍ මේක එච්චර අමාරු‍ දෙයක් නෙවේ. එතකොට මේ විදියට තමයි පේන්නෙ.


දැන් වයර් ටික ගානට තියෙනවද කියලා ආපහු සැරයක් බලලා, හරියට තියෙනව නං කනෙක්ටරය අඩුව ඇතුලට දාලා තද කරන්න. මේ විදියට වයර් එකේ දෙපැත්තම හදා ගන්න. එච්චරයි.

මේ තියෙන්නේ අවසානට ලැබෙන RJ-45 කේබල් එක.


පින්තූර

14 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

තැන්කු යාලුවා මගේ D wimax එකේ තියෙන්නෙ ඕක. මගෙත් කේබලේ කොටයි මේ විදියට හදා ගන්නවා. හැබැයි අඩුව තමා ඇණේ

Akhila said...

නියමයි, ඇදලා ඇදලා ගහල තිබිච්ච කේබල් එක දැන් නියමෙට හදාගන්න තියෙන්නෙ, බොහොම ස්තුතියි මෙහෙම පැහැදිලි කරලා කිව්වට!!

෴ Residence Of Hasiya ෴ said...

පට්ට....
ඕනි කෙනෙක්ට හදාගන්න පුළුවන් විදිහට තේරුම් කරල තියෙනවා.
සුභ පතනවා ලියන්න තවත් මෙවැනි හරවත් ලිපි....!!!

said...

ලිපිය නම් බොහෝම හොඳයි

මෙච්චර කොට කේබල් එකක් මොකේට ගහන්නද බන්?
අර කේබල් ටෙස්ට් කරන ගැජට් එකක් ඕනේ වෙන්නේ නැද්ද?
මන් නම් ගන්නේ අර කනෙක්ටර් ගහපු කේබල්ම තමා මොකෝ මෙහෙ උන් ගහන් ඒවා අර වගේ ෂුවර් නැහැ

Thilina said...

@ushan

මමත් කේබල් හදනකොට අඩුව අපේ ක්ලාස් එකෙන් ඉල්ලා ගත්තා. දැන්නං එකක් ගන්න හිතෙනවා.


@අඛිල

එළ එළ.. තමන්ම කේබල් එක හදා ගත්තම ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා. :)


@හසී

හෙ හෙ... එළ එළ


@ම

මේක මේ ටෙස්ටින් වලට හදපු එකක්. මම නං කේබල් ටෙස් කරන්නේ කොම්පියුටරේට ගහලම තමා. ටෙස් කරන්න ගැජට් එකක් ඇති, හොයල බලන්න ඕනේ. ඔව් සමහර උන් මහ චාටර් විදියට කේබල් එක හදනවා. වයර් එකේ රබර් එක වැඩිපුර කැපුනොත් කේබල් එක ඉක්මනට ගැලවෙන්න බලනවා.

said...

http://img.alibaba.com/photo/11560934/Network_Cable_Tester_LAN_Tester.jpg

මේ තියෙන්නේ බන්
මේකට ගහල ලයිට් සේරම පත්තු වෙනවද බලනවා පිලිවෙලට
මේක මන් දැකලා තියෙනවා විකුනන්න තියෙනවා යුනිටි එකේ

Thilina said...

@ම

ස්තූති වේවා. මම මේක දැනගෙන හිටියෙ නෑ නොවැ. :) යුනිටිය පැත්තෙ යන වෙලාවක බලන්න ඕනේ...

GNS said...

මටත් ADSL හම්බඋන නිසා වයර් ටික ඇදගත්තා..
Crimping Tool එක BIT Class එකෙන් (Earth) ඉස්සුවා.. clip 3~4ක් ගහන්න නිකං Rs950ක් කුඩු කරගන්නෙ මොකටද.. :D

Thilina said...

@ගයන්ත

මම නං ADSL ගන්නත් කලින් වයර් හදලා ඉවරයි. මමත් අඩුව පන්තියෙන් අරගත්තා :D

Kanishka said...

ගොඩක් හොඳ ලිපියක්.. ෂෙක් අපිට මේව දාන්න මතක් වෙන්නෙ නෑනෙ :D

Gayan Tharaka said...

මම නං ක්‍රිම්පින් අඬුවක් ගත්ත. හැබයි ක්‍රිම්ප් කරන්න කලින් දෙපාරක් තුන්පාරක් බලනවා. ටැස්‍ කොරන්න නම් ඉතිං කොම්පියුටර්ම තමා ගන්නෙ.

Thilina said...

@Kanishka

හික්, තව මේවගේ ඒවා තියෙනවා. මතක් කරලා ලියන්න.


@ගයාන් තාරක

මමත් අඬුවක් ගන්න ඕනේ, මමත් කේබල් ටෙස් කරන්නේ නං කොම්පියුටරේට ගහලාම තමයි. :D

Anonymous said...

මම නම් ADSL අරන් තියෙන්නේ මොඩම් එකකින්. ටෙලිෆෝන් එකේ ඉඳල කම්පියුටරයට දුර වැඩි නිසා දිග වයර් එකක් ගන්න ලෝභ හිතුනා.ඒක හින්දා 1M ක කනෙක්ටර් සවිකල කේබල් එකක් අරගෙන ඒක මැදින් දෙකට කපල ගෙදර තිබ්බ සාමාන්‍ය දිග වයර් දෙකක් අමුනල තමයි තාම භාවිතා කරන්නේ.

මේ විදියට රවුටරයටත් භාවිතා කරන්න පුලුවන් නේද. රවුටරයට වයර් 8 ක් ඕන හින්දා Cat5 Ethernet කේබල් එකක්ම ගන්න එක හොඳයි. කනෙක්ටර් සවිකලRJ-45 Cat5 Ethernet කොට කේබල් එකක් අරගෙන මැදින් දෙකට කපල ඇමුණුවා නම හරිනේ. එතකොට අඬුවක් ඕන නෑනේ.
මල්ටි මීටරයකින්(ඕම් මීටරයකින් ) අග්‍ර දෙකට තියලා පරික්ෂා කරන්න පුලුවන්නේ.

Thilina said...

@Anonymous

එහෙමත් පුළුවන්. ඒත් නොයිස් එක එන්න පුළුවන් නේද?

Post a Comment