About

Sunday, March 22, 2015

LG G3

කාලයකට පස්සේ...  අද LG G3 එක ගැන පොඩි දේවල් ටිකක් ලියන්න තමා කල්පනාව. G3 එක ගැන නම් ඕනෙ තරම් reviews නෙට් එකේ තයෙනවා.  ඒත් මේක ගැන මගේ අත්දැකීම් ටිකක් ලියන්නයි හිතුවේ.

1 Design
 G3 ස්කීන් සයිස් එක අඟල් 5.5.  ඇත්තටම මේක ටිකක් ලොකු Phone එකක්. අතට ගත්තාම මහපට ඇඟිල්ලෙන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම ටච් කරන්න අමාරුයි. release වෙලා තියෙන අනිත් අඟල් 5.5 ස්කීන් phone වලට වඩා නම් G3 එක පොඩි. මොද මේකේ Bezels ඉතාම පොඩි නිසා.  back cover එක removable. කේස් එකක් දාලා නැත්නම් Phone එක ඉතාම ලෙස්සන සුළුයි. අතෙන් ලේසියෙන්ම ලිස්සලා යනවා. power button & volume buttons තියෙන්නේ පිටිපස්සේ. පුරුදු වෙන්න ටික දවසක් යනවා.  screen එක ටිකක් ලොකු නිසා තද ඩෙනිම් සාක්කුවක phone එක දාගෙන වාඩි වෙනවා නම් පරිස්සම් වෙන්න ඕනේ. මොකද තද වැඩි වෙලා නිකම්ම screen එක  කැඩෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. 



2. Screen
QHD 5.5 (2560 x 1440) colors නම් හොඳයි. ඒත් phone එක රත් වුනාම screen brightness 100% වැඩි කරන්න බැරිව යනවා.  auto brightness දාලා තියෙන එක තමා හොඳම වැඩේ. text නම් crystal clear. මොකද high resolution නිසා.   G3 screen එක ගැන වෙනමම review එකක් මෙතන තියෙනවා.  


3. Performance 
අවංකවම කිව්වොත් G3 එකේ පොඩි ලැග් එකක් තියෙනවා. මොකද QHD display නිසා සැහෙන වෙහෙසක් මේකේ processor එකට දරන්න වෙනවා. ගොඩක්ම ලැග් වෙන්නේ contacts tab අතරේ මාරු වෙන කොට (missed call, received calls, dial no) තව menu එකේ ඉඳලා home එකට එනකොටත් පොඩ්ඩක් විතර ලැග් එකක් තියෙනවා. G2 එකේ මිට වඩා හොඳ performance තියෙනවා කියලා ආරංචි. ඒ වුනාට game එකක් play කරනකොට, app එකක් run වෙනකොට, high resolution video එකක් play කරනකොට නම් කිසිම  විදියක ලැග් එකක් නම් නෑ.


4. Software experience
LG software department එක ගැන නම් ටිකක් කණගාටුයි. මොකද  G3 preinstall කරලා තිබුණේ KitKat 4.4.2 එතකොට නම් performance සැහෙන්න හොඳයි. පස්සේ මේක Lollipop 5.0 වලට update කලාම තමා ලැග් එක ආවේ.  අප්ඩේට් කරනවා නම් දෙපාරක් හිතන්න වෙනවා. ඒත් LG health, smart notice, knock code වගේ software features නම් ගොඩක් හොඳයි. G3 එක power button නැතුව screen එකේ double tap කරපු ගමන් phone එක on වෙනවා. හැබැයි සමහර වෙලාවට සාක්කුව ඇතුලෙම දන්නෙම නැතුව phone එකේ screen එක on වෙලා. 


5. Battery life
Lollipop update එකට පස්සේ battery life එකට ටිකක් විතර කෙළවුනා. gsmarena එකෙත් මේක කියලා තියෙනවා.  KitKat වලදී නම් battery life එක උපරිමයි.  ඒත් lollipop වලදි වුනත් heavy use එකක් එක්ක දවසක් කිසිම ගැටලුවකින් තොරව බැටරිය තියාගන්න පුළුවන්.  නොමල් විදියට use කරනවා නම් දවස් 2 ක් ගේමක් නැතුව තියාගන්න පුළුවන්.
   



6. Camera
මම නම් ලොකුවට කැමරාව use කරන්නේ නෑ.  මේ තියෙන්නේ මම ගත්ත පින්තූරයක්.  තව photos දෙකතුනක් පස්සේ වෙලාවක දාන්නම්. 



බොහොම කෙටියෙන් ලියනන් තමා උත්සාහ කලේ.   සාරාංශයක් විදයට ගන්නවා නම්..

හොඳ design එකක් තියෙන uncommon phone එකක් හොයනවා නම් 
හොඳ battery life එකක් තියෙන Phone එකක් හොයනවා නම්
crystal clear screen එකක් තියෙනව phone එකක් හොයනවා නම්
හොඳ කැමරාවක් තියෙන phone එකක් හොයනවා නම්
G3 එක ඔයාට ගැලපෙනවා


butter smooth software experience එකක් හොයනවා නම්
පහසුවෙන් use කරන්න අතට අල්ලාගන් පුළුවන් phone එකක් හොයනවා නම්
G3 එක ඔයාට ගැලපෙන්නේ නෑ


Saturday, February 8, 2014

කෙල්ලන්...





කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි.  නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ.  මේ අරුතම ඇති ගීයක් ඇති මුත් එය දැන් මාගේ මතකයට නැඟෙන්නේ නැත. කෙල්ලක් පිනවිම යනු හිල් කළයකට දිය පිරවීමකි. කොතරම් උත්සාහා ගත්තත් එය සම්පූර්ණ කළ නොහැක.  කෙල්ලෙක් නැතුවත් බැරිය ඇතුවත් බැරිය.  නමුත් සිටීම සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණය. 

Monday, November 19, 2012

ඈ...



සුන්දරය ඇය
සරළ විය ඇය
නිහඬය ඇය
මොහොතකින් සිත්ගත්ය, ඇය මගේ
දැක ඇත සුන්දර රූසපු ඇයට වඩා
නමුත් විශේෂ විය ඇය
කරගන්නට ඕනෑ විය ඇය මගේ
කැරකුනෙමි ඇය වටා
අහෝ.. ! දැන ගතිමි සොරාගෙන ඇති බව කවරෙකුද ඇය, මීට බොහෝ කළකට පෙර
කඩා වැටුනි මා මොහොතකින්
විය යුතුය පුදුම, සොරාගෙන නොතිබුනහොත් වැනි කෙනෙකු ඇය
ඕනෑ නැත වද දෙන්නට,‍ රිදවන්නට ඇය හට, සිත්ගත් නිසා අවංකවම, නිහඬ වෙමි මා කිසිවක් නොකියාම ඇය හට
පතමි හැම සතුටක්ම, ලැබෙන්නට ඇය පතන
දනිමි මම කවුරුන්ද යන වග මා
දනිමි නොහැකි බව ලබාගන්නට වැනි කෙනෙකු ඇය
මිරිඟුවකි ඇය, කාන්තාරයේ මා හට
කැමතිය පතන්නට, වන්නට ඇය මගේම මතු භවයකදී හෝ...



මේක ටික කාලෙකට කලින් ඩයරියේ ලියපු එකක්, බ්ලොග් එකේ දාන්න හිතුනා. ඔය පද වල නොගැලපීම් නම් ඇති. ඒවා ගනන් ගන්ට එපා ඕං..

Monday, November 12, 2012

වසරකට පසු


සෑහෙන කාලයක් බ්ලොග් එක ලියන්නෙත් නැතුව කියවන්නෙත් නැතුව ඉඳලා එක පාරටම නිකන් බ්ලොග් එක ලියන්න කියලා හිතුනා bising. සෑහෙන කාලයක් සිංහල බ්ලොග් වලන් ඈත් වෙලා හිටපු නිසා සිංහල බ්ලොග් අවකාශයේ අළුත් තත්ත්වය ගැන කිසිම අයිඩියාවක් මට නෑ.  Blogger එකත් අම්බානකට වෙනස් වෙලා. හොයාගන්ත් බෑbising . ඒත් හැමදේම හොඳින් සිද්ධවෙන හැඩයි. 

මේදවස් වල මම නම් හරිම ඒකාකාරි ජීවිතයක් ගත කරන්නේ, උදේ වැඩට යනවා රෑ වෙලා ගෙදර එනවා, කනවා, නිදි, අයෙත් උදේට වැඩට යනවා. වෙනසකටත් එක්කයි ආයෙත් ලියන්න පටන්ගන්න හිතුවේ. ඒත් මොනවද ලියන්නේ....?  කවි අනං මනං ලියන්න මං දන්නෙත් නෑ. දැන්නම් තාක්ෂණික දේවල් ලියන්න නම් මගේ වැඩි කැමැත්තකුත් නෑ. ඒත් VMware ගැන ලියන්නත් හිතෙනවා. අපේ office එකේ තියෙන නිසා මාත් පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුවා. ඒත් මන් Vmware වලට සෑහෙන්න අළුත්. Android ගැන පොඩි පොඩි දේවල් ලියන්නත් හිතෙනවා. එන හැටියට බලමු. ඔහොම කියලා මේ පෝස්ට් එකෙන්ම නතර වෙයිද දන්නෙත් නෑ bising. එහෙනම් ආයෙත් හම්බ වෙමු.