About

Wednesday, September 9, 2009

සුපිරි රූපවාහිනී නාලිකා...

කස්ටිය කොහොමද ඉතින්...? හෆෝයි දවස් 4-5 කින් බ්ලොග් ලියන්නත් බැරිවුනා. අද‍ නං වෙනස් දෙයක් ලියන්න හිතුවා. සාමාන්‍යයෙන් මම ඔය දේශපාලන හා මඩ ගැසීම් වගේ ඒවා ලියන්නෑ. නිකං ‍ජොලියට වගේ අපේ රටේ සුපිරි TV චැනල් ටිකක් ගැන ලියන්න හිතුවා. හික් හික්... රූපපෙට්ටිය, රූපවාහිනිය තේරෙන සිංහලෙන් කියනව නං TV එකක් හැම ගෙදරකම වගේ තියෙනවනේ sengihnampakgigi. මම දන්න විදයට ලංකාවේ TV චැනල් 13 ක් විතර තියෙනවා.

ඉස්සෙල්ලාම ගමු ජාතික රූපවාහිනිය, මේකෙ ඇවිල්ලා XXXXගේ වීර වික්‍රම යනවා ඇරෙන්න වෙන දෙයක් නං යන්නෑ. මේක බලලා නං කවදාවත් ගොඩ යන්න බෑ jelir.

දෙවනියට අයි නාලිකාව මේක ඉතින් මැච් එකක් සමග ඇඩ් බැලිමට නං හොදයි වෙන දෙයක් නං යන්නෑ.

තුන, මේක ස්වාධීනයිලු. අනේ මට නං කවදාවත් එහෙම පෙනිලා නෑ ඒ නිසා ඒකත් වැඩක් නෑ.

ඊලගට Art TV මේකෙ CNN ප්‍රවෘත්ති නං යනවා ඒත් මට කඩ්ඩ තේරෙන් නැති නිසා මේකත් හරියන්නෑ.

දෙරණ, ස්ටාර් සිද්ධි කොපි කිරීමට වඩාත් දක්ෂ බව පෙනී යනවා. ඒත් අද දෙරණ නං පට්ට බව හැගී යනවා.

මැක්ස්, මේකේ නං මොනවා යනවාද කියා නොදනිමි.

TV බැලීමට යන කාලයෙනුත් වාසි ලැබිය හැකිය. ගෙයක් සමග රන් කාසි දිනා ගැනීමට නං ඔබ රන් දෙපැය නැරඹිය යුතුය. සමහර පුද්ගලයින් මෙයට ගොන් දෙපැය යනුවෙන් අමතයි. ඒ ඇයි දැයි මම නං දන්නේ නැතhah. මේ සුපිරි නිවස ඇත්තේ ජා ඇල ලේක් සිටි වලය. මේ ලේක් සිටි වල මිල අඩුම නිවාසයකුත් රු ලක්ෂ 50 - 60 ඉක්මවයි. නොමිලේම නිවසක් ලැ‍බෙන මෙම රන් දෙපැය අත්හැරීම නං නුවණට හුරු නැත.

සුපිරි නිවසක් සමග සුපිරි බඩු මල්ලක් දිනා ගැනීමට ඔබ නැරඹිය යුත්තේ මොණරාගේ ලකුණ ඇති නාලිකාවයි. පෙර නාලිකාවේ මෙන් නොව මෙහි රන් තුන් පැයක්ම ඇත. මාර ආතල්ය. ජීවන බර වැඩි මේ කාලයේ ජීවන බර අඩු කිරීමට මෙසේ බඩු මල්ලක් දීම පැසසිය යුතුයkenyit. බට් Live @ 8, මුල් පිටුව, ලෝක සිතියම මැක්සා බව නං කිව යුතුමයි.

මේ TV බලන කාලයේ ගේම් එකක් ප්ලේ කිරීම දාහෙන් සම්පතකි.

11 comments:

දුකා said...

ගේම් ගහන්න එපා . . පොතක් බලන්න . . . !

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මචෝ dilog හරි slt peo හරි ගනින් බලන්න ඕන තරම් ( මම බිල ගෙවන්නම්( :d ))

Thilina said...

@දුකා

ඒකත් හොද අදහස. කාලෙකින් පොතක් කියෙව්වේ නෑ


@ushan

හික් හික්, උඹ බිල ගෙවන නිසා මම ගන්නං :P

Supun Sudaraka said...

යේහ් සිරාවට. අර දුකා කියලා තියෙනවා වගේ පොතක් කියවන එකේ පට්ට ආතල් එකක් තියෙනවා. ඔන්න අටවක පුත්තු පොතෙන්ම කියවිල්ල පටන් ගන්න ;)

Thilina said...

@Supun Sudaraka

සුදාගේ ප්‍රියතම පොත අටවක පුත්තු ද? හික් හික්.... කාලෙකින් library එක පැත්තෙ ගියෙ නෑ. සමහර විට ඒකේ ඇති, හොයාගෙන බලන්නම ඕනේ, මේ පොතේ විශේෂත්වය මොකක්ද කියලා :)

Supun Sudaraka said...

හික්, සිරාවට. ආයෙ අමුතුවෙන් කියන්න ඕන්නෑ අටවක පුත්තු පොත තමයි ප්‍රියතම පොත. ඒකයි මෙච්චර යන හැම තැනම කියව කියව යන්නේ. ඇත්තටම කියවනවා නෙවෙයි පොත ගැන කියවෙනවා!

Narada said...

ජයෙන් ජය! උඹ‍ට නෙමේ බං ටැලිවේෂිනයට.

Thilina said...

@Supun Sudaraka

හික් හික්, එළ එළ


@-බිன்ku-

ටැලිවේෂිනයටත් ජය, මේවා බලන ජනයාටත් ජය :D

Anu said...

අර TV2 කියල එකක් තියෙන්නෙ. ඒකෙ නිතරම සින්දු යනව. හැබැයි ඒකට වෙලාවක් නෑ. උන්ට හිතුනම තමා දාන්නෙ.

Thilina said...

@Anu

TV2 කියල එකකුත් තියෙනවද? හෆෝයි අදනෙ දන්නෙ :)

said...

අපෝ ටීවී නම් බලන්නවත් එපා බන්
අපි වගේ පොතක් පත්තරයක් බලපන් බන් ඒ වෙලාවට
සංගීත අක්කා තරහ වෙයි උඹ එයාගේ චැනල් එක බලන්නේ නැහැ කියල හරිද
ඊලඟ එකේදිවත් සියත ගැනත් ලියපන්

Post a Comment