About

Sunday, September 13, 2009

පැය 1/2 න් charge වෙන බැටරියක්



අපි හැමෝටම වගේ ජංගම දුරකථනයක් කියලා එකක් තියෙනවා නොවැ. සමහර උදවියට නං ‍ලැප්ටොප් එහෙමත් තියෙනවා. ඉතින් මේ ජංගම දුරකථන, ලැප්ටොප් එහෙම බලය දෙන්නේ ආරෝපණය කල හැකි බැටරියකින්නේ, තේරෙන ‍විදියට කියනවා නං Rechargeable බැ‍ටරියකින් senyum. ඒත් මේ බැටරි බැහැපුවාම ආපහු චාජ් කරන්න පැය දෙක තුන යනවා. එතකොට ඉතින් බැටරිය හදපු එවුන්ගේ මුළු පරම්පරාවම ආදරයෙන් සිහිපත් වෙනවා sengihnampakgigi. මෙන්න ඒකට විසදුම Sony සමාගමෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැය 1/2 න් ආරෝපණය වෙන බැටරියක්. මේක ඇවිල්ලා ලිතියම් අයන් බැටරියක්. ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කියලා මේක ආයුකාලය අඩු බැටරියක් එහෙමත් නෙවේ. බැටරි ආයුකාලය ඉතාම ඉහළ මට්ටමෙන් තියෙනවා. පැය 1/2 න් බැටරියේ සම්පූර්ණ ධාරිතාවෙන් 99% ක් චාජ් කරගන්න පුළුවන්. මේ විදියට 2000 වාරයක් charge/discharge කරන්න පුළුවන්. Sony සමාගම කියන විදියට මේ බැටරි 2000 පාරක් charge/discharge කළත් ඊට පස්සෙත් බැටරියේ ධාරිතාවෙන් 80%ක් විතර රදවා ගන්න පුළුවන්ලු. කෝමද බැටරිය?

ඇත්තටම විදුලි බලයෙන් දුවන කාර්, බයිසිකල් එහෙමත් එච්චරම ජනප්‍රිය නොවෙන්න ප්‍රධානම හේතු තමයි බැටරිය බැහැලගියාම චාජ් කරන්න දවසක් විතර යන එක. මේ බැටරි දාලා ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කාර් බයිසිකල් එහෙම ආවොත් ඒවත් ‍ගොඩක් ජනප්‍රිය වෙයි කියල හිතෙනවා.

pictures

5 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හපොයි ඔවු මටත් තියනව ඉලෙක්ට්‍රික් බයික් එකක් චාජ් කරන්න මාර වෙලාවක් යන්නෙ......හැබැයි බැටරියේ ගාන $$$$$$$$

budhajeewa said...

ඕකේ වෝල්ටේජ් අනං මනං කොහොමද දන්නෙ නෑ?

Thilina said...

@ushan

හික් හික්, පොඩ්ඩක් ඉවසලා මෙයින් බැටරියක් දාගන්න. :)


@Supun Budhajeewa

දැනට ප්‍රදර්ශනය කරලා තිබ්බෙ "AA" සයිස් බැටරි විතරයි,

අනූ said...

චාර්ජ් එක කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද දන්නෑ.

Thilina said...

@අනු

බැටරි ලයිෆ් එක ගොඩක් හොඳයි කියලා තමයි කියන්නෙ.

Post a Comment