About

Thursday, July 30, 2009

මේ මාසය, ෆෝන් සහ Fedora 11

මේ අවුරුද්දේ මාස 7 කුත් ගෙවිලා ඉවර‍යි. කාලය යනව මං එන්න එන්න නාකි වෙනව. මේ මාසෙ නං ටිකක් චොර විදියට තමයි ගෙව්ල ගියේ. මාසේ මුල හරියෙදි ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් ගන්න දැගලුවත් විවිධාකාරයේ ගැටලු නිසා ඒක පොඩ්ඩක් බ්රේක් වෙලා තියෙනව. Adsl ඇක්ටිව් කරනව නං අවුරුද්දක් තියාගන්න ඕනෙලු. දැන් ඒක තමා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දුර වැඩි නිසා වැඩ වැඩ නොකොලොත් බඩුම තමා නිකං බොරුවට අවුරුද්දක් සල්ලි පූජා කරන්න වෙනව. අනික මුන් කතා කරන්නෙ හරියට පිනට Adsl දෙනව වගේ. කස්ටමර් ගැන ගානක් වත් නෑ. දෙන්ඩ හිතෙනවා...marah

මමත් දැන් ටිකක් FOSS ගැන උනන්දුයිනේ...senyum එක එක ජාතියේ OS, Software තියෙනවා. ඉස්සෙල්ලම දැම්මා උබුන්ටු. ටික දවසක් තිබ්බා. නරකමත් නෑ. හැබැයි ජංජාලට මත යැපෙන නිසා ටිකක් හිතන්න වෙනව. මම Fedora 11 DVD එකක් ඕඩර් කළානේ. ඒකත් ලැබුණාsenyum. පුරාණ කාළේ HDD එකක් හොයාගෙන දාල බැලුවා. Fedora KDE එකනං පට්ට. ආයෙත් ලෙඩක් සිංදු අහන්න ෆිල්ම් බලන්න බෑ. මේ පාර නං බෑ කියල නිකං හටියෙ නෑ (අර තම හිසට තම අතමය හෙවනැල්ල කියනවනේ). Google අයියාගෙන් අහලා බලල CMDA phone එක දාගත්තා. ඒක වැඩ. පස්සේ VLC player එකත් දාගත්තා, මෙගා බයිට්ම 25ක්. ‍ 25MB ක් suntel CDMA එකෙන් එනකොට කොහොමද ආතල් එක? පැය 2 1/2 ක් විතර ගියා. සේරම හරි ඔහොම දැන් සේරම කර ගත්තා කියමුකො, පස්සේ kernel failure කියල මැසේජ් එකක් එන්න ගත්තා. පස්සේ මම ඒ පරණ හාඩ් එක නිකමට වගේ Dynamic කළෘ. වඩේ බ්ලාස් Fedora වැඩ කරන්නේ නැතුව ගියා.


පස්සේ 8GB ක partition එකක් හදලා මගේ දැන් තියෙන මැසිමටම Fedora 11 දැම්මා. ආයෙත් මුල ඉදන්ම ඉන්ටර්නෙට්, VLC දා ගත්තා. දැන් වැඩ. හැබැයි සිංහල ටයිපිං නං චොර. කිබෝඩ් එක වෙනස්. දැන් විජේසේකර කි‍බෝඩ් එක දා ගැනිමේ මෙහෙයුමකට අතගසා ඇත sengihnampakgigi. FOSS කතා ඉවරයි.

මේ ලගදි මගේ දුප්පත් ෆෝන් කට්ටට (Nokia 3110c) යාළු මාළුවෙක් මාර SMS එකක් එව්වා. මේක Open කළා විතරයි ෆෝන් එක පිස්සු නටංන ගත්තාkenyit. වෙලාවකට off වෙනවා, charge කරන්න බෑ, on වෙන්නෑ. පස්සේ බොහොම අමාරුවෙන් Nokia PC Suite එකෙන් ෆෝන් මෙමරියට රිංගලා SMS එක delete කළා. දැන් බබා වගේ වැඩ. මැසේජ් එකේ තියෙන්නේ " Deyyane Oyage mobile eka OFF wewa! OFF wewa!! OFF wewa!!! " කියලා. අවශ්‍ය කෙනක් ඉන්නවා නං SMS එක ඉල්ලන්න. පෝන් කතා ඉවරයි

මේ මාසයේම මට මගේ ඩයරිය ලියන්න බැරි වුනාsedih. ඒක නං ටිකක් ප්‍රශ්නයක්. ඩයරියක් අවුරුද්දක් දෙකක් ලියනකොට තමයි ඒකේ අ‍ගේ තේරෙන්නේ. මතක මතක විදියට මේ මාසෙ සම්පූර්ණ කරන්න ඹ්නේ. කස්ටියත් නරකද ඩයරියක් ලිව්වොත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න දිගටම ලියයි. මෙව්වා තමයි මම මේ මාසේ කළේ...

14 comments:

said...

මාත් ඉස්සර 1994 ඉඳලම ඩයරියක් ලිව්වා 2004 විතර වෙනකම් ඊට පස්සෙ ලියන එක නැවතුනා, දැන් ආයි ගූගල් ඩොක් එකක එකක් ලියන්වා ඒත් දිගටම හරියට ලියැවෙන්නේ නැහැ

poo said...

nice

Indranama said...

ඕකනේ කියන්නෙ Symbian OS ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා :D
අපේ සෝනි එරික්සන් නම් එලකිරිවගේ වැඩ :D

දුකා said...

කට්ටියට ඩයිරියක් ලියන්න කිව්වම මතක් උනේ. . .

මමත් පාසැල් යනකාලේ එකිනෙකාට පින්සෙන්ඬුවෙවී ඉල්ලගෙන ඩයිරි වල ලිව්ව . . .

රහස් සංකේත වලින් තමයි වැඩිහිටියන්ට පමනයි එව ලිව්වේ . .

මල කෙළි දෙකයි . . . අක්කයි අම්මයි සමහර එවා කොහොමහරි කියවලා බුදු අම්මෝ මාර නෝන්ඩිය. . .

කොහොමහරි අවුරුදු 4ක් විතර කරගෙන ගිහින් . . . අවුරුදු 5කට 8කට විතර පස්සෙ ඔක්කොම ටික ආපහු බැලුවා . . .

මටම ලැජ්ජයි ඒකේ තිබුනු එවට . . . ඔක්කොම ටික ගිනිදෙයියන්ට පූජා කලා . . . !

Thilina said...

@ම

දියටම ලියන්න ට්‍රයි කරන්න. මාර වටිනවා. ඉස්කෝලෙ යන කාලෙදි මම ඩයරියක් නොලියපු එක ගැන මම දුක් වෙනව.


@poo

:)


@ප්‍රවීන් ඉන්ද්‍රනාම

මොනව කොරන්නද? මටත් සොනි HSDPA එකකට ආසයි. ඒත් ආරිථිකය හොද නෑ. :)


@දුකා

අපරාදෙ පිච්චුවෙ. තව අවු 10 - 15 ක් යනකොට තමයි ඔව්වා වටින්නෙ...

Danishka said...

Fedora මත සිංහල දැමීම සඳහා අමාරුවක් නැ

පහත සටහන් වල Fedora install කරන විට සහ ඉන්පසුව සිංහල දමන ආකාරය දක්වා ඇත.

http://danishkanavin.blogspot.com/2008/05/fedora-89.html

http://danishkanavin.blogspot.com/2009/06/fedora-11-and-ibus-sayura.html

Anonymous said...

උබුන්ටු දාගත්ත නං හරිනේ. fedora හරි හමං forum එකක්වත් තියෙනවද උදව්වක් ගන්න?.

Gayan Tharaka said...

mp3 අහන්න root විදයට ටර්මිනල් එකට ලොග් වෙලා දාගන්න
yum install gstreamer-plugins-ugly
yum install audacious-plugins-freeworld-mp3

සිංහල දාන්න ඔච්චර අමාරුයැ
උඩ ඩනිෂ්ක අයියගේ ලින්ක් දෙකේ පැහැදිලිව ඇති. මාත් ‍විජේසේකර තමයි පාවිච්චි කරන්නේ.

@Anonymous
උබුන්ටුවත් හරියට පාවිච්චි කරල තියෙනවද? :D

Thilina said...

@ඩනිෂ්ක

හරි සිංහල දාගත්තා. කිබෝඩ් එක තෝරන්න ඔරලෝසුව ගාව පොඩි ගැජට් එකකුත් ආවා :). බොහොම ස්තුතියි.


@Anonymous

එක එක දාගෙන ටෙස් කරමින් තමයි ඉන්නේ... පස්සේ හොදටම සෙට් වෙන එකක් පාවිච්චියට ගන්නවා.


@ගයාන් තාරක

Mp3 නං VLC එකෙන් Play වෙනවා. දැන් සිංහලත් දාගත්තා. බලමු ටික දවසක් පාවිච්චි කරලා...

Danishka said...

"කිබෝඩ් එක තෝරන්න ඔරලෝසුව ගාව පොඩි ගැජට් එකකුත් ආවා"

CTRL+SPACE එකවර එබීම මඟින් iBus අයිකනය ක්ලික් නොකරම ඉංග්‍රිසි සහ සිංහල අතර මාරුවෙන්න (input method active/deactive කරගන්න) පුලුවන්.

ඉන්පසු ALT+SHIRT එබීම මඟින් විවිධ ඇතුලත් කිරීම් ක්‍රම අතර වෙනස් වෙන්න පුලුවන්)

සිංහල දාගන්න ලේසිම Fedora

Thilina said...

@ඩනිෂ්ක

ස්තූතියි. :)

Shirosh said...

Fedora 11 DVD ඕඩර් කරන්නේ කෙසේද?
maito:randikasilva@gmail.com

Thilina said...

@Shiro

මේක බලන්න http://tharaka-lankanet.blogspot.com/2009/07/fedora-11-request-form-is-now-open.html

fullstop said...

25 mb :)

Post a Comment