About

Monday, July 20, 2009

උබුන්ටු සමග වරුවක්

මම උබුන්ටු ගැන දැගත්තේ ඉතාම මෑතකදි. ඒත් උබුන්ටු 9.04 ආපුගමන්ම මමත් බාගත්තා. ඒත් ඒක මම දැම්මෙ VMware ඇතුලට විතරයි. ටෙස්කරලා එහෙම බැලුව. Mp3, Films මුකුත්ම play වෙන්නෙ නෑsedih. VLC දාගන්න බැලුවත් ඒක කරගන්න බැරි වුනා. උබුන්ටු ගැන දන්න එකෙක් මේ අහලකවත් හිටියෙත් නෑ. ඒනිසා VMware ඇතුලෙම උබුන්ටු නතර වුනා. මේ ලගදි ආයෙත් ඕක අරන් බලන්න ඕනෙ කියල හිතාගෙන Ubuntu/Windows Dual boot ලිපියක් හොයාගත්තා. එකපාරක් දෙපාරක් චොර වුනත් වැඩේ ගොඩ දාගත්තා. ඒත් අන්තිමට ආපහු පරණ ලෙඩේම එනව. Mp3, Films මුකුත්ම වැඩ නෑ. සති දෙක තුනක් උබුන්ටුත් එක්ක ඔට්ටු වුනා. ඒත් Mp3 play වෙන්න හදා ගන්න බැරි වුනා. ආයෙත් පරණ වින්ඩෝස් වලටම බැස්සා. පස්සේ තමයි super ubuntu ගැන දැක්කේ. එහෙන් මෙහෙන් විස්තර හොයා ගත්තා. ගූගල් සර්ච් පාරක් දාලා ටොරන්ට් ලින්ක් එකක් හොයා ගත්ත. මම ඉතින් දුප්පත් අන්තර්ජාල හිමියනේ. මට කොහෙන්ද ටොරන්ට් බාන්න වත්කමක්? ImageShack එකෙන් ගන්න බැලුවම ImageShack වැඩ නෑsedih. නිකමට වගේ super ubuntu වල ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙනවද කියල search පාරක් දැම්මා. මෙන්න බොලේ super ubuntu වල direct link එකක් softpedia වල තියෙනවා. වෙන මොනවද ඉතින්? sengihnampakgigiහොයන්නාට හම්බවෙයි. හික් හික්... පස්සේ ඩයලොග් සිම් එකට රු50ක් දාල අමාරුවෙන් බාගත්තා. Dialog ඇවිල්ලා සුපිරි ස්ටේබල් පුළුල් පරාස සම්බන්ධතාවක්නේ. Dialog එකට පිංසිද්ධ වෙන්න පැය දෙකක්ම ගියා. මෙන්න සුපිරි ස්ටේබල් බව....


කොහොම හරි බාගෙන DVD එකකට රයිට් කරගත්තා. කොහොමද කියල බලන්න Live දාල බැලුව. පෙනුමින් නම් වැඩි වෙනසක් නෑත හැබැයි වොල් පේපරේ වෙනස්. පස්සෙ මම USB pen ගහලා ඒකේ තිබුණු සිංදුවක් ප්ලේ කරන්න බැලුවා. මෙන්න බඩු වැඩsenyum. මගේ partition ටිකත් මවුන්ට් කරගත්තා. පස්සේ තමයි application ටික දැක්කේ. official උබුන්ටු එකට වඩා application තොගයක් තිබ්බා. ‍‍‍VLC, Real player, skype වගේ application ගොඩක් තිබ්බා. වයිනුත් තිබ්බා. ඒකෙන් ලේසියෙන්ම වින්ඩොස් application ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ලු. දැන්නේ දන්නේ... sengihnampakgigi හික් හික්.... ටිකෙන් ටික තමයි ඉගෙනගන්න ඕනේ... kenyitදැන් හොදම වැඩේ ඕක නෙවෙයි. උබුන්ටු වල මොඩම් අනං මනං වැඩ කරන්නේ නෑ කියලනේ කියන්නේ. ඕනෙ එකක් කියලා ඉස්සෙල්ලාම CDMA phone එක හයිකලා. කිසිම සද්දයක් නෑ. මේකත් වැඩ නැතුව ඇති කියල පස්සේ නිකමට වගේ මගේ Huawei E160 3G මොඩමෙ හයිකළා. තත්පර 10 කට විතර පස්සෙ මෙන්න බොලේ ‍Mobile broadband connection කියලා wizard එකක් ව‍ෙග් එකක් ආවා. මමත් ඉතින් forward කළා. මෙන්න රට select කරන්න ආවා. ඊ‍ට පස්සෙ ISP select කරන්න ආවා. මොබිටෙල් කියලම තියෙනවා. කනෙක්ෂන් එකට නමකුත් දුන්නා. මෙන්න පටස් ගාලා සිග්නල් ආවා. පස්සේ උඩ තියෙන නෙට්වර්ක් අයිකන් එකෙන් අපේ කනෙක්ෂන් එක select කරපු ගමන් internet වැඩ කලාsenyum. profile හැදිලි අනං මනං සංකිර්ණ ප්ලෑන් නෑ. වැඩේට ගියේ තත් 15 කටත් අඩු කාලයක්. මෙච්චර ලේසියට මොඩම් එක හදාගන්න පුළුවන් වෙයි කියල මම නං හිතුවෙ නෑ.


හැබැයි සිංහල නම් පොඩ්ඩක් චොර වගේ. නෙට් මිටරයක් නැති නිසා මම පටස් ගාල ඩිස්කනෙක්ට් කළා. මෙගාබයිට් ගාන බේරගන්න එපායැ. කොච්චර upload/download වෙනවද කියල බලාගන්න විදියක් නෑ. වයින් වලින් නෙට් මිටරයක් දාගන්න පුළුවන්ද දන්නෑ. ටෙස් කරල බලන්න ඕනෙ. internet පාවිච්චි කරන්න, සිංදු අහන්න, චිත්‍රපටි බලන්න නම් super ubuntu හොදටම ඇති කියල දැන් නම් හිතෙනව. සිංදු, ෆිල්ම් ප්ලේ වෙන්නැති නිසා උබුන්ටු අයින්කරපු කස්ටිය පොඩ්ඩක් නිකං super ubuntu දාලා බලන්න. අනිවාර්යයෙන් ආස හිතෙයි. මමත් උබුන්ටු වලට අළුත් කෙනෙක් විදියටයි කියන්නේ.


මෙන්න ලින්ක් ටික

direct link (988 MB)
torrents (988 MB)

17 comments:

Indranama said...

සාමාන්‍ය Ubuntu එකක mp3 ප්ලේ වෙන්න හදාගන්න නම් කරන්න තියෙන්නේ mp3 එකක් ඩබල් ක්ලික් කරලා ප්ලේ කරන්න උත්සාහ කරන එක. එතකොට එන දෝෂ පණිවුඩයේ තියෙනවා අදාල codec අන්තර්ජාලයෙන් බාගන්න විදියක්. ඒක ක්ලික් කලාම හරි.

මේ වැඩේට ඉතින් ජංජාලය ඕනේ.

දැන් නම් මේ codec අඩංගු ubuntu-restricted-extras පැකේජය වෙනම ගන්නත් තියෙනවා.

Indranama said...

සිංහල හදාගන්න නම්
http://sinhala.sourceforge.net/
අඩවියට ගිහින් Ubuntu 8.04 යටතේ කියල තියෙන දේවල් ටික කරන්න. මේකටත් ගැලපෙනවා.

änthräX said...

වෙල්කම් කිව්ව FOSS ලෝකෙට.. ;)

budhajeewa said...

හහා.. සාදරයෙන් පිළිගනිමු !

Unknown said...

එළ එළ සාදරයෙන් පිලිගන්නවා නිදහස් මෘදුකාංග ලෝකෙට.
ලිනක්ස් වලට එන්න හොදම තැන උබන්ටු තමයි. සිංහල දාගන්න නම් ඉන්ද්‍රනාම කියපු සයිට් එකට ගිහින් එතන 8.10 වලට කියල දීල තියන විදිහට කමාන්ඩ් එක දෙන්න. මුල් කමාන්ඩ් එක දෙනකොට මුලට sudo කියන කොටස එකතු කරන්න වෙයි. ඒ කමාන්ඩ් එකට super user permission ඕන මම හිතන්නෙ. ඊළඟ කමාන්ඩ් එකත් දීලා ලොග් අවුට් වෙලා ආයේ ලොග් උනාම සිංහල වැඩ. වින්ඩෝස් වලට වඩා ලිනක්ස් වල සිංහල අකුරු render වීම ලස්සනයි. බලන්නකෝ.

මම නම් මේ දවස් වල fedora 11 වල අළුත් KDE desktop සංස්කරණයට වශී වෙලා ඒකෙමයි ඉන්නෙ.

Thilina said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේකෙ හැම දේම වගේ දාන්න ඉන්ටර්නෙට් ඕනෙ වෙන එක ටිකක් ප්‍රශ්නයක්. පළවෙනි වතාවට තමයි මම මොඩමෙ උබුන්ටු වලට ගැහැව්වෙ. කවුද දන්නේ ඕක වැඩ කරයි කියල.
සිංහල ගයිඩ්ට ස්තූති වේවා.


@änthräX

හෙ හෙ.... :) ඒත් තාම ඩුවල් බූට්


@Supun Budhajeewa

හෙ හෙ.... :)


@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

ඔයා ලියපු සුපර් උබුන්ටු පෝස්ට් එකත් මම බැලුවා. සිංහල ගයිඩ්ට ස්තුති වේවා... උබුන්ටුවලට දන්න කියන නෙට් මිටරයක් එහෙම නැද්ද? ගූගල් අයියගෙන් හෙව්වට තාම ලැබුණෙ නෑ.

Anonymous said...

නිදහස් මෘදුකාංග ලොවට සාදරයෙන් පිළිගන්නවා...

System -> Administration -> System Monitor යන්න. එතන resources tab එකෙ යටම තියෙනවා network traffic details

තව පොඩි command line based එකක් හම්බවුනා මට...

Applications -> Accesories -> Terminal ගිහින්

sudo apt-get install ethstaus ගහන්න

ඊට පස්සෙ පාස්වර්ඩ් එක ඉල්ලයි. එකත් දෙන්න. (බොහොම පොඩි ඩවුන්ලොඩ් එකක්. KB ගානයි)

ඉවර උනාම

ethstatus -i eth0

ගහල බලන්න (මෙතන eth0 වෙනුවට ඔයාගෙ මොඩම් එකෙ නම දෙන්න. ifconfig ගහල එක හොයාගන්න පුළුවන්)

Anonymous said...

පොඩි නිවැරදි කිරීමක්

sudo apt-get install ethstatus

Anonymous said...

Install ubuntu packages without using up your usage quota. (sorry for eng. no sinhala :D )

http://www.techbuzz.chamiladealwis.com/2009/03/keryx-හරහා-අන්තර්ජාලය-නොමැතිව/

Thilina said...

@chathuraw

ස්තුති වේවා... System Monitor තියෙන traffic මිටරේ වැඩ.


@chamila_dealwis

ස්තූති වේවා...

Anonymous said...

මචං, මමත් FOSS වලට අලුත්. මට තියෙන ප්‍රශ්නය තමයි LAN එකට connect කරන්න ගියාම අැණ ගන්න වුණානේ. පුලුවන්නම් guide කරනවද ?

Unknown said...

super ubuntu එක නියමයි. ඔන්න මම ඒක පොඩ්ඩක් customize කළා සිංහල සහ අමතර අකුරු, මෘදුකාංග කීපයක් දාලා. ඕනෙනම් කොපියක් දෙන්නම්.

Uraj Deemantha said...

තෑන්ක්ස් මචන් ඩිරෙක්ට් ලින්ක් එකට.. :D

Thilina said...

@Anonymous

සොරි වෙන්න ඕනෙ බං මම නං දන්නෑ. ‍මම මේ ඊයේ පෙරේදා තමයි උබුන්ටු පොඩ්ඩක් අතපත ගෑවේ... නෙට්වර්ක් අයිකන් එක රයිට් ක්ල්ක් කළාම edit කියල එකක් නම් එනවා. ඒකෙන් මොනව හරි කරන්න පුළුවන්ද දන්නෑ


@Tharaka Weerasekara

එළ එළ... මේකට තාම හරියට සිංහල සෙට් වුනේ නෑ. කොහොමද මම empty DVD එකක් එවන්නේ..? පොඩ්ඩක් මේල් පාරක් දාන්න.


@Uraj Deemantha

:)

Anonymous said...

mage ubunu danna ba monier eaka out of range wenawa mercury 15"

Thilina said...

@Anonymous

මාත් හරියටම දන්නෑ. උබුන්ටු ‍safe mode වලින් ඔන් කරලා බලන්න.
http://ubuntuforums.org/showthread.php?t=915948

මහා වලසා(Maha Valasa) said...

No need of network meeter.In the system monitor there is a inbuilt network meter.
I cant remember exactly(System > system monitor).

Post a Comment