About

Tuesday, July 14, 2009

මගේ බයික් ඉතිහාසය

අද නම් මගේ බයික් ඉතිහාසය ලියන්නයි කල්පනා කොළේ. කවුරු හරි මගෙන් ඇහුවොත් වැඩියෙන්ම කැමති දේවල් මොනවද කියලා..? මගේ පළවෙනි උත්තරේ තමයි බයික්. ඒ තරමට මම බයික් වලට කැමතියි. මට ඉස්සර තිබ්බේ පුටාර් එකකනේ කොහෙද යන අනන්‍යතාවක් නැති එකෙක් ඒක ඉස්සුවානේmarah. අනේ මං එහෙ මෙහෙ රවුං ගහපු මගේ පුටාර් එක. පස්සේ ඉතින් ගෙදර කස්ටියට මං ගැන දුක හිතිලා මට බයික් එකක් අරන් දුන්නාsenyum. ඒක Bajaj CT100 එකක්. ම‍ම ඒ දවස් වල බයික් පදින්න දන්නැති නිසා පරණ එකක් තමයි අරගත්තේ. ලයිසන් තිබ්බෙත් නෑ. මම ම ඉතින් මේක පදින්න ඉගෙන ගත්තා. පුටාර් පැදපු මට මේකත් කජ්ජක්ද? sengihnampakgigi ඒ දවස්වල මේක කන්දක් මැද එහෙම නැවැත්තුවොත් සොරි තමා. උඩට ගැනිලි බොරු. මම ඉතින් කන්දක් දකිනතකොට කන්ද මැද නතර කිරිමට නොලැබේවා කියල දෙවියන් සිහිකරගෙන තමයි යන්නේ. ඔහොම බයික් එක මාස හත අටක්ම පැද්දා. ලයිසනුත් ගත්තා. ඊට පස්සේ ඕන වැඩක් දාන්න පුළුවන් වුනා. මාර වේගෙන් යන්නත් පුරුදු වුනා. සාමාන්‍ය පොඩි පාරකදි වුනත් වේගය 60kmph කට වැඩි වුනා. හොද කාපට් පාරකදි වේගය ඊටත් වැඩියි. දන්න කියන කස්ටිය කිව්වා ඔච්චර වේගෙන් යන්න එපා කියලා. මම ඒවා තුට්ටුවකට ගණන් ගත්තේ නෑkenyit. බයික් එක අරන් මාස 10 කට විතර පස්සේ කොළඹ මිගමුව පාරේදි මාව හැප්පුනාsedih. වෙන බයික් කාරයෙක් පාර හරහා අනෙක් පැත්තට යනකොට මිනිහගේ බයික් එක පාරටම පාර මැද නතර වුනා. මම පාර දිගේ කෙලින් ආවේ 65 - 70kmph කට විතර ආපු මම අර මිනිහගේ බයික් එකේ හැප්පුනා. මාව උඩින් විසිවෙලා ගියා. හෙල්මට් එක නිසා ඔලුව බේරුණා. පාර දිගේ ඇදිලා ගිය නිසා අතයි කකුලයි පොඩ්ඩක් ලෙලි ගියා. අත පය නම් කැඩුනේ‍නෑ. හැබැයි බයික් එක කුඩු. ඉස්සරහා රිම් එක ඇද වුනා, පෝක් දෙක, හැඩල් එක ඇද වුනා, ලයිට් අනං මනං කුඩු වුනා. පස්සේ බයික් එක හදන්නෙ නැතුවම හෙන අඩුවට විකුණලා දැම්මා. (ඉන්ෂුවරන්ස් තිබ්බෙ නෑනේ) තුවාල එහෙම සනිප වුනාම ආයෙත් බයික් එකක් ඔනෙ වුනා. මාස කිපයකට පස්සේ හිමින් යාමේ පොරොන්දුව පිට ආයෙත් බයික් එකක් අරගෙන දුන්නා. ඒක Bajaj Pulsar 150 Digital එකක්senyum. තාමත් මම පදින්නේ ඒ බයික් එක. මේකේ ගියර් දාන්නෙ උඩ පැත්තට. ඒක පුරුදු වෙන්න මට මාර කාලයක් ගියා.


(මගේ යකඩ අස්සයා)

දැන් මේකට අවු දෙකකට කිට්ටුයි. දැන් නම් මම හයියෙන් යන්නෑ. සාමාන්‍ය වේගය 45 - 50kmph යි. හොදම පාරකදි නම් 60 ට විතර යනවා. ඒත් දවසක් හදිස්සියකට 90ත් පැනලා ගියා. හෆෝයි ආයෙනම් යන්නෑ. හිමින් ගිය නිසා වෙනන ඇති තාම මම මේ pulsar එකෙන් වැටුනේ නෑ. මම නම් බයික් පදින උන්ට, බයික් ගන්න ඉන්න උනට කියන්නේ පුළුවන් තරමි හිමින් යන්න. හදිස්සියට කියලා හෙන වේගෙන් ගිහිල්ලා හැප්පිලා මාස ගණන් ඇදට වෙලා ඉන්නවට වඩා හිමින් ගිහිල්ලා පැය ½ ක් පරක්කු වුනාට කමක් නෑ කියලයි මම හිතන්නේ. බයික් කාරයෝ හයියෙන් යන්නේ හදිස්සියට නෙවේ ජොලියට, ආතල් එකට. මේ මොන බයිලා ගැහුවත් මමත් හයියෙන් යන වෙලාවල් තියෙනවා. බැරිවෙලා වත් මම මාස 2 – 3 ක් මේ බ්ලොගය ලියන්‍නැතුව හිටියොත් මාව බයික් එකෙන් හැප්පිලා උඩ ගිහිල්ලා තමයිsengihnampakgigi. පල්සරේ ගත්තට මොකද මම ආසම බයික් එක Suzuki GSX1300R Hayabusa . මේක 1300cc බයික් එකක්. 340kmph කට විතර යන්න පුළුවන්. Dhoom 1 ෆිල්ම් එකේ තිබුණෙත් මේ බයික් එක තමා.ඉතින් මේක තමයි මගේ බයික් ඉතිහාසය.

බයික් වලට කැමති කස්ටියට. බයික් review සයිට් එකක් මෙතන තියෙනවා.

21 comments:

තරිඳු said...

ඒක ගත්තොත් අවසානෙ තමා :O
දැන්නම් ඔය ඔක්කෝටම වඩා ප්‍රශ්නෙ ගන්න බයික් එක පරිස්සං කරගැනිල්ල.
හැන්ඩ්ල් එක ලොක් නොකර කඩේකටවත් යන්ඩ එපා.
ළඟදි මගෙ මල්ලිගෙ බයික් එක නැති උනා, වැල්ලවත්තෙ කඩේකට ගිහින් ආපහු එළියට එද්දි බයික් එක නෑ කිව්ව...

අනූ said...

හපෝයි අඩු නං කඩාගන්න එපා.. බයික් දකිනකොට මගෙ බඩ දනවා.. අඩු කඩාගෙන හොඳට දුක්විඳල තියනව.

ශාකුන්තල | Shaakunthala said...

හ්ම්... මගේත් ප්‍රියතම බයික් තමා. ඒ වගේම Hayabusa...

Anonymous said...

හැබැයි මගේ ප්‍රියතම ලැයිස්තුවේ බයික් තියෙන්නේ ටිකක් පස්සෙන්... ඒ වුනාට තාම ඉගන ගන්න කොල්ලොනේ... බයික් එකක් තියෙන එක හොදයි.. හැබැයි බයික් ඇක්සිඩන්ට් දකිද්දි හිරි ගඩු පිපෙනවා... අපි පරිස්සමෙන් ගියත් අනිත් එවුන් ඇවිල්ලා හප්පනවනේ.... :(

Thilina said...

@තරිඳු

මල්ලිගේ බයික් එක වෙනුවෙන් මගේ කණගාටුව. අපෝයි.. බයික් පරස්සම් කිරිම, නඩත්තුව නම් ඉතින් කියලා වැඩක් නෑ.


@අනූ

හෆෝයි... හයියෙන් ගිහින් අඩුත් කඩාගත්තද?


@ශාකුන්තල

මෙන්න තවත් බයික් කාරයෙක් :D යූ ටියුබ් එකේ විඩියෝ වගයක් තිබුණා Suzuki බයික් එකෙන් වැඩ දාන හැටි. පිස්සු හැදෙනවා.


@panhida

ඔව් අපි කොච්චර හිමින් ගියත් පිටිපස්සෙන් එන එකා හැප්පුවොත් සොරි තමා.

Uraj Deemantha said...

අම්මෝ බයික් එකක් ගන්න පට්ට ආසාවක් තිබුනත්, ඇක්සිඩන්ට් දකිද්දි, ඕනා නෑ කියලා හිතෙනවා බයික්...........!! :(

Anonymous said...

මචන් තෙල් ලිටරයකට ගමෙදි කියක් වැඩකරණවද? ටවුමට බැස්සොත් ලිටරේට කියක් වැඩද? ;P

Thilina said...

@Uraj Deemantha

ගනිං බං බයික් එකක්, පරිස්සමෙන් යනව නම් අනතුරු අඩුයි. දැන් බයික් පදින් නැතුව කවද බයික් පදින්නද? :D


@දිසා

ගමේ නම් ලිටරේකට 50km විතර යනවා. හොද පාරක නම් 55 - 60km විතර යනවා. (60 ක් නං යන්නෑ, මාසෙකට පෙට්රල් ලිටර් 10 ක් විතර යනවා)

Anonymous said...

හික් හික් මම කරපු විහිලුව උබට වැටහිලා නැ එකත් හොද හික් හික්

Gayan Tharaka said...

මේං මෙයා හෙමිං යන්න CT100 එකකින් Pulsar එකකට බැහැලනේ. ඒකත් මාරයි ආ. අවුලක් නෑ ඉතිං මීටරේ තිබ්බ පලියට මිට කරකවන්නේ නැත්තං.

@Thilina
ඔය බස් කාරයෝ බයික් ගණන් ගන්නෙ නෑ නොවැ. :D
ඉතිං Uraj බයික් එකක් ගන්නව නං බොරු.

@hayabusa
අඩේ උඹ මේ නම පාවිච්චි කරන්නේ බයික් එක නිසාද?

@Tharindu
මලේ ඔයාගේ බ්ලොග් එ‍කට කමෙන්ට් දාන්න බෑ පොඩ්ඩක් බලනවද?

Thilina said...

@ගයාන් තාරක

හික්...හයියෙන් ගිහින් බෙල්ල කඩාගන්න ඕනේ නෑනේ. Urajට බස් තියෙනවා කියල මට මතක් වුනේ නෑ. බස් වලින් තමයි බයික් හප්පන්නේ...

said...

අපොයි මට නම් පෙන්නන බැරි වාහනයක්. කොහෙ හරි ගිහින් ආවම කොන්දෙයි උරහිස් වලයි තෙල් ගන්න ඕනේ

මම නම් ඉතින් වයසක මනුස්සයා හිඳා පාවිච්චි කරන්නේ Scooty Pep එකක් ඒකත මගෙ නෙමෙයි අපේ අයියගේ. දෙයියනේ කියලා බෝතලයයි අනික් බඩු ටිකයි දාගන්න සීට් එක යට ඉඩ තියෙන නිසා වෙන මොනා නැතත් කමක් නැහැ

Thilina said...

@ම

බයික් කියන්නේ මම නම් ආසම වාහනයක්. Scooty Pep එකක් මම නම් පැදලා නෑ. සීට් එක යටට හෙල්මට් එකත් දාන්න පුළුවන් නේද?. හෙල්මට් එක පරිස්සම් කිරීම මාර අමාරු වැඩක්

said...

බැහැ බන් හෙල්මට් දාන්න ඉඩ නැහැ අලුතෙන් ආපු Scooty streak එකේ නම් පුළුවන්ළු හැබැයි බෝතලයයි, බයිට්, සැන්ඩි , සිගරට්, ප්ලස්ටික් කෝප්ප ඒ ටිකකට නම් ඇති.

පදින්න මාර ලේසියි ඔටෝනේ එහෙම නැත්නම් මැනුවල් ඒවා මට පදින්නත් බැහැ

ශාකුන්තල | Shaakunthala said...

අපොයි ස්කූටි කියන්නෙ ලේඩීස් අයිටම් එකක්නේ... :P
අපේ ස්ටයිල් එකට U turn එකක් ගන්න ගියාම විසි වෙනවා.

Deeps said...

මම නම් ඔව්වගේ යන්නත් බයයි අප්පා. ජීවිතේට වන් ටයිම් ඔන්ල්යි බයික් එකක ගිහින් තියෙන්නේ

Thilina said...

@deeps

අර Scooty එකක් අරන් පැදල බලන්න. ස්ටාට් කළා ගියා.

Deeps said...

අනේ මේ යසට තියන අත් කකුල් ටික කඩාගන්න වැඩක් මයි කියන්නේ

Kanishka said...

හික් හික්... laptop එක ගත්තෙ නැත්තම් මටත් bike එකක් ගන්න තිබුන :D

Thilina said...

@deeps

එකපාරක් දෙපාරක් අතපය කඩාගන්න ඕනේ...:D


@Kanishka

laptop එක විකුණලා ගණින් බයික් එකක්. :D ලැප්ටොප් වගේද බයික්...?

මලියා said...

අඩෝ මං නම් තාම කතාව පටන්ගත්තා විතරයි.CD 90 න් පටන් අරන් උ‍ඩට යනවා...

Post a Comment