About

Saturday, July 4, 2009

මේ දවස් වල ජීවිතේ...

කස්ටිය කොහොමද ඉතින්. ලියන්න විශේෂ දේකුත් නෑ. මේ දවස් වල වුනු දේවල් ටිකක් ලියන්නම්. මේක ටෙලිකොම් කතාවක් මම ADSL ගන්න ෆෝම් එකක් දුන්නනේ, ඒත් සති දෙකක් ගියත් මුං කිසිම සද්දයක් නැති නිසා මම ගිහිල්ලා SLT එකට කිව්වා. ඊලග දවසේ SLT එකෙන් කතා කරල කියනවා සෑර්, සෑර්ලගේ ගෙදරට දුර වැඩියි ඒනිසා සිග්නල් නෑ ADSL දෙන්න විදියක් නෑ. ඒත් speed එක අඩු වුනාට ප්‍රශ්නයක් නෑ කියල සර් ලිවුමක් දෙනවා නම් අපි ලයින් එක දෙන්නම් කියලා. මේක ගම්දෝ නොගම්දෝ soalමොනව කොරන්නද මන්ද. ප්‍රශ්නේ ටෙක්කතා අයියලට කිව්වා. ඒත් කස්ටිය ඊයෙ පොලු තිබ්බනේ.

***
හෆෝයි... මේ ලගදි මට මාර වැඩක් වුනානේ. මම ගමනක් යන්න හොදට ඇදගෙන බස් හොල්ට් එකට ගියා. බස් එක ආවා මම බස් එකට නැග්ගා. බස් එකට නගිනකොටයි මම දැක්කේ මගේ කලිසමේ සිප් එක ඇරලාsedih. හෆෝයි මොනව කොරන්නද? බස් එකේ ගෑණු කස්ටිය ගොඩක් ඉන්නව. සේරමල වගේ ඉදගෙන තමයි හිටියේ. හොද වෙලාවට මටත් ඉදගන්න සිට් එකක් ලැබුණා. ඒත් එහා පැත්තේ ඉන්නේ ටිකක් වයසක ගෑණු කෙනෙක්. වෙලාව කියන්නේ මම එදා බෑග් එකක් අරගෙන ගියා. මම මොකෑ කළේ බෑග් එක උඩ්න් තියාගෙන බෑග් එක යටින් අත දාල අමාරුවෙන් සිප් එක දාගත්තා. හෆෝයි මීට පස්සේ ගෙදරින් එළියට බහිනකොට සිප් එක දාලද කියල හොදට චෙක් කරන්න ඕනේsengihnampakgigi.

***
මීට ටික දවසකට කලින් මට පාරේ පාන් බෙදන අක්කල කස්ටියක් හම්බවුනානේ. ලස්සනට පාන් පෙත් 4 ක් විතර පැක් කරලා පාර මැද පාන් බෙදනව. පාන් පැකට් එකක් ගන්න මට බයික් එකේ ක්ලච් එක අත ඇරගන්න බැරි වුනානේ. බයික් එක නිවුටල් කිරීම හරි අමාරු වැඩක්. මොනව වුනත් ලස්සන අක්කලා ටිකක්. මීට කලින් දවස් වල වත්තලයි මහාබාගෙයි මේ කස්ටියම පාන් බෙද බෙද හිටිය කියල දැනගන්න ලැබුණා. මම මේ අයව දැක්කේ ජා ඇල දි. ඇයි මම ක්ලච් එකක් තියෙන බයික් එකක් ගත්තේ?ketukmeje

***
මේ දවස් වල මම උබුන්ටු වල අනංමනං කරනවා. වින්ඩෝස් එක්ක ඩුවල් බූට් කරන් ගිහිල්ලා පොඩ්ඩක් චොර වුනා. පස්සේ VM ware වලින් අත්හදා බලන්න තීරණය කළා. පස්සේ ඩුවල් බූට් ගැන A - Z ලිපියක් හොයාගත්තා. එක එක විදියට වින්ඩෝස්, උබුන්ටු ඉන්ස්ටෝල් කරන විදිය තියෙනවා. මෙන්න මෙතන ඒක තියෙනවා ඕන කස්ටිය බලන්න.

18 comments:

Anu said...

ඔය සිප් වැඩේ මටත් වෙපා කියනවා. උදේ හදිස්සියේ පරක්කුවෙලා දුවනකොට ගෑනු ළමයි. මගේ දිහා අමුතු විදියට බලනවා. මට තේරුනේම නෑ. පස්සෙ බස්හෝල්ට් එකේ ඉන්නකොට තමයි දැක්කෙ. මතක් වෙනකොටත් හිනා..

පැතා said...

හුලං වදින්නද සිප් එක අැරන් යන්නෙ?

änthräX said...

තිලිණ බුවා ජාඈල පොරක්ද?

Thilina said...

@Anu

හෆෝයි මීට පස්සෙ නම් මම හොදට වෙක් කරල තමයි ගෙදරින් එළියට බහින්නේ :)

@amila pathum

හික් හික්... හදිස්සියට බං

@änthräX

නැතුව නැතුව උපන් දා සිට ජා ඇල. බට් ADSL නැත.

Kanishka said...

හික් හික්..... :D

Thilina said...

@Kanishka

:)

Chrishi said...

ජා ඇල කොහෙටද ADSL නැත්තෙ ???

Thilina said...

@Chrishi

මෙකනේ සිද්ධිය, ජා ඇල ටවුන් එකට ADSL තියෙනවා. මම ඉන්නේ ටවුන් එකට 4km විතර දුරින් ඒත් වයර් එක එහෙන් මෙහෙන් හැරිලා එනකොට 8km දුරක් සෙටි වෙලා. ඒනිසා SLT කස්ටිය මට ADSL දෙන්න බෑ කියනවා.

said...

උඹලගේ ගෙදරටත් එහා ඉන්න ADSL තියෙන කෙනෙක් දන්නේ නැද්ද?
ගිහින් Speed එක ගැන අහන්න
මටත් ඔය කතාව කිව්වා ඒත් අවුලක් නැහැ අපේ ගෙවල් වලට එහා එකෙක් Cafe එකකුත් දාන් ඉන්නවා.

හැබැයි අපිට නම් SLT එකේ ඉඳන් උපරිම් 5KM වගේ ඇත්තේ

Thilina said...

@ම

නෑනේ. මේ පැත්තටම ඉස්සෙල්ලාම මම තමයි ADSL ගන්න හදන්නේ :). ඕනෙ එකක් කියලා ADSL ගන්නත් හිතෙනවා. ඒත් සල්ලි ටිකට කෙල වෙයිද මන්ද?

ශාකුන්තල | Shaakunthala said...
This comment has been removed by the author.
ශාකුන්තල | Shaakunthala said...

ලස්සන අක්කල ටිකක් කිව්ව නේද?
මම වුණානං ඕන මගුලක් වෙද්දෙන් කියල front brake එක හොඳ තදට අල්ලගෙන ගානට මිම්මට ක්ලච් එක අතාරිනව... :D

මොළේ පාවිච්චි කරපං ඔය වගේ වෙලාවට... ;)

--
ජුවල් බූට් ගයිඩට තැංකූ වේවා!

Thilina said...

@ශාකුන්තල

හික් හික්... කොළඹ මිගමු පාරේ බං. මම සාමාන්‍යයෙන් ඔය පාරේ වැඩ දාන්නෙනෑ. මොකද කලින් ඔය පාරේ වැඩ දාල ඇක්සිඩන්ට් වෙලා තියෙන නිසා :(

මමත් ඉස්සෙල්ලා උබුන්ටු දාලයි ඉස්සෙල්ලා වින්ඩෝස් දාලයි බූට් ‍කරා. වැඩේ සාර්ථකයි. ඒත් තාම Mp3, DVD ප්ලේ වෙන්න හදා ගන්න බැරි වුනා.

mplgmg said...

nice post

Thilina said...

@Aruna

තැන්කූ වේවා...:)

Charana said...

මෙ මේ අයියලා.. මම මේ බ්ලොග් කියවන්න පටන් ගත්තෙ අදයි... මට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නකො බ්ලොග් එකක් හදගන්න... ට්‍රයි කලා ට්‍රයි කලා හරි ගියේ නැහැ... ප්ලීස්..

änthräX said...
This comment has been removed by the author.
änthräX said...

charana,
බෑ බෑ කිව්වට ඔය හදාගෙන තියෙන්නෙ අපූරුවට. දෑන් ඉතින් මොකක් හරි post එකක් දාන්න. ;)

Post a Comment