About

Tuesday, May 19, 2009

එනවා එනවා USB 3.0 නෑ නෑ ආවා




කස්ටිය කොහොමද ඉතින්? මෙන්න මේකයි නිවුස් එක. ලොකයේ පළමු USB 3.0 පාලකය (Controller) Nec සමාගම විසින් හදුන්වා දී තිබෙනවා (May 18, 2009). දැන් බලන්න කස්ටියගේ හාඩ් ඩිස්ක් වල සයිස් එකsenyum, එකෙක් කියයි 160GB තව එකෙක් 250GB, 500GB, 1TB, 2TB දැන් පොඩ්ඩක් හිතල බලන්න මේ ඩේටා (චිත්තර පටි, සිංදු & විඩියෝ තමාsenyum) external HDD එකකට බැකප් කරන්න වුනොත්....? 500GB external HDD එකක් USB 2.0 ‍වලින් පුරවන‍ව කියන්නෙ දවසක්ම යන වැඩක් මෙන්න මෙතනදී තමයි USB 3.0 වැදගත් වෙන්නෙ.

USB 3.0 හරහා Data හුවමාරු වන්නේ 5Gbps වේගයකින්. USB 2.0 වල වේගය 480Mbps පමණයි . නව USB 3.0 පැරණි USB 2.0 ට වඩා 10 ගුණයක් පමණ වේගවත්. උදාහරණයක් වශයෙන් 25GB ගොනුවක් හුවමාරු කිරීමට USB 2.0 හරහා විනාඩි 14 ක් පමණ ගත වන අතර මෙම නව USB 3.0 වලින් 25GB හුවමාරු කිරීමට ගත වන්නේ තත්පර 70 ක් පමණයි. Speed එක තේරෙනවනේ. මෙම USB 3.0 පාලකය පැරණි USB 2.0 සහ 1.1 සදහාද සහය දක්වනු ලබනවා.


වැඩි විස්තර මෙතනින්

8 comments:

Malinda - මාලින්ද said...

මේක මරු. ඒත් SATA 3gbps කීවට අපේ ඒව එන්නෙ උපරිම 40ක් විතර. ඒක 8න් වැඩි උනත් 320mbps එතකොට ඉතුරුව....

GNS said...

හික් හික්...

එළ එළ.... !!!

meegodaya/saman said...

එළනං තමයි.නමුත් අනිත් මූලික උපාංග පවා වෙනස් වෙන්න එපැයි.(USB 1.5ISG)

said...

මේ අලුත් ඒවා එන වේගෙට අපේ පරන ඒවා මොනා කරන්නද මන්දා. මන් ගාව තාම 128MB එකක් තියෙනවා ඒක තමා මන් වැඩියෙන්ම ගනන් දීලා ගත්තේ (3200/=)

Kanishka said...

හෙ‍හ් හෙහ්.. මමත් 8GB එකක් ගත්ත 2300කට :D

Thilina said...

@ Malinda

5Gbps කිව්වට 1Gbps ‍වලින් වත් එන්නැතෑ

@ ගයන්ත

එළ එළ

@ meegodaya/saman

ඔව් ඔව් pen එක ප‍වා USB 3.0 සපෝට් කළ යුතුයි

@ ම

මම 2006 අන්තිම 256MB පෙන් එකක් ගත්තා රු 3750 ක‍ට. හැබැයි තාමත් වැඩ.

@ Kanishka

මම මීට මාස 4 කට විතර කලින් 8GB එකක් ගත්තා රු 1800 කට (imation 5 yr warranty)

said...

කොහෙන්ද බන් උඹ 8GB එක ගත්තේ?

Thilina said...

@ ම

බම්බලපිටියෙ යුනිටි ප්ලාසා තමයි

Post a Comment