About

Thursday, May 28, 2009

SATA 3.0 ත් ඇවිල්ලා...




අලි මදිවට කොටි.... මෙන්න SATA 3.0 ත් ඇවිල්ලා. දැන් කාලේ hard drives, solid-state drives, optical drives වල දත්ත හුවමාරුව සදහා භාවිතා කරනු ලබන්නේ SATA interface එකනේ. වර්තමානයේ භාවිතා වන්නේ මෙහි දෙවන ආකාරය වන SATA 2.0 ය. එහි උපරිම දත්ත හුවමාරු වේගය 3Gbps ක්. ඒ කියන්නේ 300MBps පමණ වේගයක්. ඇත්ත‍ටම මේකත් අපේ රටේ Brodband Internet වගේ තමයිsenyum. ඔය කිව්වට එන්නෑsengihnampakgigi. මේකෙන් දෙකෙන් පංගුවක් වත් එනවා නම් මම දැකල නෑ. හරි කතාවට එමුකෝ... ඉතින් මේ නවතම SATA 3.0 වල උපරිම දත්ත හුවමාරු වේගය 6Gbps ක්kenyit. ඒ කියන්නේ 600MBps ක් විතර වේගයක්. භාගයක්වත් එනවා නම් හොදයි.

AMD සමාගම නම් ඔවුන්ගේ ඉදිරියට පැමිණිමට නියමිත Southbridge chip එක වන SB800 එකෙන් මෙම නවතම SATA 3.0 සදහා සහාය දැක්වීමට බලාපොරොත්තු වන අතර Intel සමාගම SATA 3.0 සදහා සහාය දක්වන Southbridge chip එකක් ගැන සදහන් කරන්නේ නෑ. Intel සමාගම ඔවුන්ගේ නවතම CPU එක වන Core i5 සමග මේ දිනවල කාර්ය බහුල වීම මීට හේතුව බවයි බොහෝ දෙනා පවසන්නේ. Intel Core i5 ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


වැඩි විස්තර

2 comments:

said...

IDE වල මොකුත් අළුත් Version එන්නේ නැද්ද?
මට එකක් දාගන්න

Thilina said...

@ ම

IDE නම් කුණු ගොඩට තමා මචෝ. හික් හික්...

Post a Comment