About

Tuesday, April 28, 2009

මගේ පළමු Dialog Broadband අත්දැකීම

11 වෙනි පෝස්ට් එකේ මම ලිව්වනෙ මගේ මොඩෙමෙ unlock කරගන්න කාපු ක‍ට්‍ට. හරි..., දැන් කොහොම හරි unlock නේ senyum. අන්ලොක් කරගත්තේ Airtel පාවිච්චි කරන්න හිතාගෙන, කොහෙද හරිය‍ට සිග්නල් නෑනෙ. හුලං ටෙල් සිග්නල් නැති නිසා Dialog සිම් එක දාල වැඩ දාලා සිම් එකත් block වුනා. ඔන්න ඉතින් ඊයේ සිම් එකත් අරගෙන යකඩ අස්සය පිට නැගී ජා-ඇල Dialog එකට ගියා. කියල වැඩක් නෑ ලස්සන අක්කලා 7-8 ක්ම ඉන්නවා. පෝලිමේ ඉදලා ඔන්න මමත් අක්කා කෙනෙකුට මගේ දුක කිව්වා. පස්සෙ ඒ අක්කා කිව්වා සිම් එක block වෙලා නිසා මේක මාරු කරලා අලුත් සිම් එකක් දෙන්නම් කියලා. මම පාවිච්චි කලාට මගේ නමට සිම් එක නොතිබුණු නිසා මම කෝල් ගත්තු නොම්බර 5 කුත් ඉල්ලා ගත්තා. ඊට විනාඩි 20 කට විතර පස්සෙ ඒ අක්කා ම‍ට කතා කරලා මගේ පරණ සිම් එක අරගෙන අලුත් සිම් එකක් දුන්නා. පරණ සිම් එක අවු 5 ක් පරණ නිසා අලුත් සිම් එක‍ට ගන්න රු 300 ගත්තෙ නෑsenyum. කොහොම හරි ඔය එක එක කොළ අනං මනං සේරම ඒ අක්කා පිරෙව්වා. හරිම හොද අක්කා කෙනෙක්senyum. සිම් එකේ අයිතියත් මගේ නමට ගත්තා, පැය 8 කින් විතර සිම් එක ඇක්ටිවි වෙයි කියලා කිව්වා මම ඉතින් ගෙදර ආව. ඊයේ රෑ 10 ත් පහු වෙලා තමයි ඇක්ටිවේට් කළේ.

ඔන්න අද හාහාපුරා කියල සිම් එක මොඩමෙට දැම්මා, අපරාදෙ කියන්න බෑ සිග්නල් නම් තියෙනවා senyum. Prepaid Mobile Broadband ඇක්ටිවේට් කළා. (රු 20 යි, ටෙස් කරන්නනේ) ස්පිඩ් එක නම් එළකිරි. ඇයි මන්දා ගොඩක් අය කියන්නෙ Dialog අප්සැට් කියලා. 300KBps (not kbps) විතර එනවා senyumහැබැයි stable නෑ. මට නම් නිකන් speed එක මැජික් වගේ.

















එළ එළ Mac OS X DVD එකක් (3.67GB) බාන්න දැම්මා 250KBps - 300KBps ක් අතර speed එකක් තියෙනවා, පැය 4 1/2 යි යන්නෙ. ඔන්න රු 20 ට දෙන පැය 1/2 ඉවර වුනා 360MB විතර ඇවිල්ලා. IDM එක Pause කරලා දැම්මා රු50 ක්. ඔන්න කනෙක්ට් වුනා. IDM එක resume කරනකොට මෙන්න error මැසේජ් එකක් එනවා resume කරන්න බෑ කියලාtension. සාමාන්‍යයෙන් imageshack එකෙන් resume support කරනවා (මම වැරදි නම් දන්න අයියෙක් කියලා දෙන්න). පස්සෙ වෙන පොඩි file එකක් softpediaඑකෙන් බාල Pause කරලා නැවත resume කරන්න බැලුවා. බඩු හරිනේ, කලින් error මැසේජ් එකම එනවා. මම හිතන්නේ connection එකේ අවුලක් කියලා. අද තමයි Dialog Prepaid Broadband මුලින්ම පාවිච්චි කළේ. ප්‍රශ්නෙ මොකක්ද කියලා හොයන්න ඕනෙ (කාටහරි මෙහෙම අත්දැකීමක් තියෙනව නම් හරි මේකට විසදුමක් දන්නව නම් හරි ම‍ට කියන්න) අපරාදේ කලින් බාපු 360MB. රු50 කුත් දාපු එකේ, මොනව හරි බාන්නත් ඕනෑනේ ඕන මගුලක් කියලා බෑව Ubuntu 9.04. විනාඩ් 50 විතර ආවා හැබැයි. තව පැයක් විතර ඉතුරුයි, හෙට මොනව හරි බාල දානවා. හම්මේ නිදිමතයි....ngantuk


3 comments:

meegodaya/sman said...

වලලු දාපු අත් දෙකකින් හුර.තල් කතා කියලා සිම් එකක් දුන්නට ඩයලොග් කෙරැවාව අන්තිමයි(විශේෂයෙන්ම පෙරගෙවුම්)වේගය නම් ඒ ඒ ස්ථානය,වෙලාව,පිරිස අනුව හැමෝගෙම එක වගේ.

බුද්ධික said...

මට නම් resume කරන්න අවුලක් ඇවිල්ලම නෑ ඕකෙන්....මම දවසක් ඕකෙන් බාගෙට බාලා ඉතුරු ටික ADSL වලිනුත් බෑවා ;)

sandaruwan said...

ane machan mamath blog ekak haduwa eka google walin serch karata penanne naa mokada karanne.mage blog eke name
sandaruwan-siracom.blogspot.com
ane mata visadumak deepan pinsiddawei

Post a Comment