About

Thursday, April 23, 2009

මේක අහලා තියෙනවද?

අද උදෙ‍් පරණ පොත් වගයක් අස්කරන කොට පරණ පොතක් ඇතුලෙ තිබිලා මේක හම්බ වුනේ. මේක මට ලැබිලා අවු 3-4 කට වැඩියි. සමහර අය නමි මේක අහලත් ඇති. (Title එක හරිද මන්දා)

අස්ථිර වූ ස්ත්‍රිරූපයෙහි ස්ථිර වූ ආලයක් බලාපොරොත්තු විය හැකි නම් පුත්තලමේ ගෝවා ද වගාකළ හැකිය.‍‍

ණය දීමෙන් මිතුරාත් මුදලුත් බිරිදත් නැති වේ.

දුර ගමන්පුද්ගලික නගරාන්තර බස් රථයක ඉදිරිපසම ආසනයේ ගමන් කිරීමෙන් ජීවිතයේ අස්ථිරත්වය ද පිටුපසම ආසනයේ ගමන් කිරීමෙන් ජීවිතයේ සුන්දරත්වයද ව‍‍ටහාගත හැක.

කුඩා කාලයේ ගැහැණු ළමයින් කැමති බෝනික්කන්‍‍ටය, පිරිමි ළමයින් කැමති යෝධයින්ටය. එහෙත් යොවුන් විය එළඹෙත්ම ගැහැණු ළමයින් කැමති යෝධයින්ටය, පිරිමි ළමයින් කැමති බෝනික්කන්ටය.


එකතු කිරීමට යමක් තිබේ නමි එකතු කිරීම මැනවි.

3 comments:

said...

ආදරේ කෙසේවෙතත් පුත්තලමේ ගෝවානම් වවන්න බැරි වෙන එකක් නැහැ

පොතේ ගුරා said...

හික් හික්..මරු කතා ටික!

Thilina said...

@ ම

සිරාවටම හික්...

@ පොතේ ගුරා

ස්තූති වේවා

Post a Comment