කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි. නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. මේ අරුතම ඇති ගීයක් ඇති මුත් එය දැන් මාගේ මතකයට නැඟෙන්නේ නැත. කෙල්ලක් පිනවිම යනු හිල් කළයකට දිය පිරවීමකි. කොතරම් උත්සාහා ගත්තත් එය සම්පූර්ණ කළ නොහැක. කෙල්ලෙක් නැතුවත් බැරිය ඇතුවත් බැරිය. නමුත් සිටීම සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණය.
Saturday, February 8, 2014
කෙල්ලන්...

Monday, November 19, 2012
ඈ...
සුන්දරය ඇය
සරළ විය ඇය
නිහඬය ඇය
මොහොතකින් සිත්ගත්ය, ඇය මගේ
දැක ඇත සුන්දර රූසපු ඇයට වඩා
නමුත් විශේෂ විය ඇය
කරගන්නට ඕනෑ විය ඇය මගේ
කැරකුනෙමි ඇය වටා
අහෝ.. ! දැන ගතිමි සොරාගෙන ඇති බව කවරෙකුද ඇය, මීට බොහෝ කළකට පෙර
කඩා වැටුනි මා මොහොතකින්
විය යුතුය පුදුම, සොරාගෙන නොතිබුනහොත් වැනි කෙනෙකු ඇය
ඕනෑ නැත වද දෙන්නට, රිදවන්නට ඇය හට, සිත්ගත් නිසා අවංකවම, නිහඬ වෙමි මා කිසිවක් නොකියාම ඇය හට
පතමි හැම සතුටක්ම, ලැබෙන්නට ඇය පතන
දනිමි මම කවුරුන්ද යන වග මා
දනිමි නොහැකි බව ලබාගන්නට වැනි කෙනෙකු ඇය
මිරිඟුවකි ඇය, කාන්තාරයේ මා හට
කැමතිය පතන්නට, වන්නට ඇය මගේම මතු භවයකදී හෝ...
මේක ටික කාලෙකට කලින් ඩයරියේ ලියපු එකක්, බ්ලොග් එකේ දාන්න හිතුනා. ඔය පද වල නොගැලපීම් නම් ඇති. ඒවා ගනන් ගන්ට එපා ඕං..
Monday, November 12, 2012
වසරකට පසු
සෑහෙන කාලයක් බ්ලොග් එක ලියන්නෙත් නැතුව කියවන්නෙත් නැතුව ඉඳලා එක පාරටම නිකන් බ්ලොග් එක ලියන්න කියලා හිතුනා
. සෑහෙන කාලයක් සිංහල බ්ලොග් වලන් ඈත් වෙලා හිටපු නිසා සිංහල බ්ලොග් අවකාශයේ අළුත් තත්ත්වය ගැන කිසිම අයිඩියාවක් මට නෑ. Blogger එකත් අම්බානකට වෙනස් වෙලා. හොයාගන්ත් බෑ
. ඒත් හැමදේම හොඳින් සිද්ධවෙන හැඩයි.

මේදවස් වල මම නම් හරිම ඒකාකාරි ජීවිතයක් ගත කරන්නේ, උදේ වැඩට යනවා රෑ වෙලා ගෙදර එනවා, කනවා, නිදි, අයෙත් උදේට වැඩට යනවා. වෙනසකටත් එක්කයි ආයෙත් ලියන්න පටන්ගන්න හිතුවේ. ඒත් මොනවද ලියන්නේ....? කවි අනං මනං ලියන්න මං දන්නෙත් නෑ. දැන්නම් තාක්ෂණික දේවල් ලියන්න නම් මගේ වැඩි කැමැත්තකුත් නෑ. ඒත් VMware ගැන ලියන්නත් හිතෙනවා. අපේ office එකේ තියෙන නිසා මාත් පොඩ්ඩක් ඉගෙන ගන්න හිතුවා. ඒත් මන් Vmware වලට සෑහෙන්න අළුත්. Android ගැන පොඩි පොඩි දේවල් ලියන්නත් හිතෙනවා. එන හැටියට බලමු. ඔහොම කියලා මේ පෝස්ට් එකෙන්ම නතර වෙයිද දන්නෙත් නෑ
. එහෙනම් ආයෙත් හම්බ වෙමු.

Saturday, October 8, 2011
අම්මේ මම නුඹට ආදරෙයි...
කතාකරන්ට හැකි වූ විට පොඩි ළමයෙකුගේ මුවින් පිට වන පළමු වචනය "අම්මා" ය. ඇය එතරම් අපට සමීපය. මේ කතාව මගේ මගේ මව ගැනය.
වෘත්තියෙන් ඇය සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුවරියකි. විශ්‍රාම යන විට ඇගේ සේවා කාලය වසර 28 කට වැඩිය. දිනක් ඇය පාසලේ උගන්වමින් සිටින විට සිහිසුන් වීම නිසා එදිනම සවස රාගම පුද්ගලික රෝහලකට රුගෙන යන ලදී. එහිදී ඇගේ මොළය ස්කෑන් පරීක්ෂාවකට ලක්කල යුතුබව තීරණය විය. පසුව කොළඹ ආසිරි රෝහලේදී එම පරීක්ෂාව සිදු කළේය. එම පරීක්ෂණයෙන් ඇගේ මොළයේ කුඩා ගෙඩියක් ඇති බව තහවුරු විය. ඒ සමඟම ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත යෙමු කෙරිනි. නවලෝක රෝහලේදී කළ පරීක්ෂණ කීපයකින් පසුව එම ගෙඩිය සැත්කමක් මගින් වහාම ඉවත් කල යුතු බව තීරණය විය. 2003 නොවැම්බර් මාසයේදී එම සැත්කම සාර්ථකව සිදු කෙරිනි. සැත්කම සඳහා ඇගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා දැමීමටත් සිදුවිය. ඒත් කබලෙන් ලිපට වැටීමකි. සැත්කමෙන් ඉවත් කල ගෙඩියේ පිළිකා සෛල වැඩී ඇති බව රෝහලෙන් දන්වන ලදී. පසුව මගේ මව මහරගම පිළිකා රෝහල වෙත යොමු කරන ලදී. පසුව පිළිකා රෝහලෙන් ඇයට මාසයක් නොකඩවා විකිරණ ප්‍රතිකාර හා එන්නත් ලබා දෙන ලදී. එම ප්‍රතිකාර ලබා දෙන කාලය තුල ඇය වේගයෙන් ශාරීරිකව පිරිහිනි. අඳුරාගැනීමට වත් නොහැකි වන ලෙස වෙනස් විය.
කෙසේ නමුත් සියළු ප්‍රතිකාර වලින් පසුව නැවතත් මොළයේ ස්කෑන් පරීක්ෂාවකින් සියළුම දේ යහපත් අතට හැරී ඇති බව තීරණය විය. පසුව ක්‍රමයෙන් ඇය නැවතත් පෙර සිටි තත්ත්වට පත් විය. 2004 වසරේ රුකියාවට නොගොස් විවේක ගත් ඈ 2005 වසරේ සිට නැවතත් පාසලේ ඉගැන්වීමේ කටයුතු වල නිරත විය. නමුත් 2005 අවසානයේ සෞඛ්‍ය හේතු නිසාත් ගෙදර අයගේ බලකිරීම නිසාත් ඇය විශ්‍රාම යන ලදී.
කාලය මෙසේ ගෙවෙද්දී මෑතක සිට ඇයට එදිනෙදා සිදුවූ දේ අමතක වීමට පටන් ගත් අතර එය ක්‍රමයෙන් වැඩි විය. නැවතත් ඇය ප්‍රතිකාර සඳහා යොමු විය. පසුව කල ස්කෑන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඇගේ මොළයේ "වතුර" පිරී ඇති බවයි. වෛද්‍ය වරුන්ගේ නිගමනය වූයේ බටයක් යොදා එම වතුර ඉවත් කළ යුතු බවයි. එහෙත් කලින්, ප්‍රතිකාර මගින් එය පාලනය කළ හැකිදැයි බලා ප්‍රතිකාර නියම කෙරිනි. වැඩක් වූයේ නැත. ඇගේ අමතක වීම එන්න එන්නම වැඩි විය. එය කොතරම් දැයි කිවහොත් දිනක් ඇය මාව අඳුරාගත්තේද නැත.
පසුගිය සැප් 26 වනදා ඇය නැවතත් නවලෝක රෝහලට පරීක්ෂාවක් සඳහා ගෙන යන ලදී. පසුව ඊලඟ සතියේදි ඇගේ මොළයේ ඇති වතුර ඉවත් කිරිමට තීරණය කරන ලදි. සැත් 27 උදෑසන 5.30 ට පමණ නිවසේ කුස්සියේ සිටියදී ඇය වැටෙන්නට ගොස් ඇති අතර තාත්තා විසින් ඇය වැටෙන්නට නොදී පුටුවක වාඩි කරවා ඇත. ඒ මොහොතේ ගෙදර කිසිවෙකුවත් ඇය හඳුනාගත්තේ නැත. නමුත් ටික වේලාවකින් ඇයට සියළු දේ මතකය. එවෙලේම ඇයව නවලෝක රෝහලට ඇතුලත් කෙරිනි. 27 රාත්‍රියේ ඇගේ මොළයේ වතුර ඉවත් කිරීමට තීරණය විය. නමුත් රාත්‍රියේ ඇගේ රුධිර පීඩනය අසමාන්‍ය ලෙස අඩු වීම නිසා දැඩි සත්කාර ඒකකයට (I.C.U) ඇතුළු කරන ලදි. සැප් 28 දවසම ඇය සිටියේ දැඩි සත්කාර ඒකකයේය. නමුත් ඒ වන විට සියළු දේ සාමාන්‍ය අතට හැරී තිබිණි. සැත් 28 රාත්‍රී 10 ට පමණ මම ඇය ළඟට යන විටත් ඇය හොඳ සිහියෙන් යුතුව මාත් සමඟ කතා කළේය. 29 උදෑසන ඇයව දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කරන බව වෛද්‍යවරුන් පැවසූ අතර අපට රුදී සිටිම තේරුමක් නොමැති නිසා අපට නිවසට යන ලෙස පැවසීය. 29 උදෑසන අපට නවලෝක රෝහලෙන් ඇමතුමක් ලැබිණි.
පාන්දර 5 වන විට අප නවලෝක රෝහලට ගියේය. පසුව පවුලේ සියළු දෙනා ICU එක තුලට ගත් වෛද්‍ය වරයෙක් පැවසුවේ මගේ මවගේ රුධිර සීනි මට්ටම අසාමාන්‍ය ලෙස වැඩි වීම නිසාත්, රුධිර පීඩනය නැවතත් අසාමාන්‍ය ලෙස පහත වැටීම නිසාත් ඇය මෙලොව හැර දා ගිය බවකි.. ඒ වෙලාවේ ඇති වූ හැගීම වචනයෙන් විස්තර කළ නොහැක. ඇගේ නිසල සිරුර දෙස තත්පරයක් වත් මට බලා සිටීමට නොහැකි විය.
ඇගේ හදවත දුර්වලව පැවත ඇති බව වෛද්‍යවරුන් පසුව පැවසීය. අක්ෂි දාන සංගමයේ ලියාපදිංච් වී සිටි නිසා ඇගේ ඇස් දෙකද පරිත්‍යාග කෙරිනි. නැවතත් ඇය මට පුතා කියන්නේ නැත. නැවතත් ඇය මට උදේට කෝපි සාදා දෙන්නේද නැත. කෑම උයන්නේද නැත. මම ගෙදර එන්නට පරක්කු වූ විට බනින්නේද නැත. දින 9 ක් ගත වී ඇතත් ඇය අප අතර නැත කියා මට විස්වාශ කළ නොහැක. නමුත් එය ඇත්තය.