About

Friday, July 30, 2010

Mac OS X Snow Leopard Install කරමු

කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ.., bising ඕං අද Mac OS Snow Leopard දාන හැටි ලියන්නයි යන්නේ. තමන් ගාව තියෙන් USB Pen/Flash Drive එකට HDD එකට SSD එකට Mac OS දාන හැටි බලමු bising. මේක නං මීට කලින් ගොඩක් අය ලියලා තියෙනවා. ඒත් ඉතින් ඔන්න ඔහේ මමත් ලියන්නංකෝ bising. ඉස්සෙල්ලාම බලමු මොනවද ඕනේ කියලා.

Mac OS DVD එකක්

මම පාවිච්චි කරන්නේ නං Hazard Mac OS SL 10.6.2 DVD එකක්. ඒත් IAtkos මගින් 10.6.3 DVD එකක් නිකුත් කරලා තිබුණා. හැබැයි ඒක Intel only එකක් AMD අයට දාන්න බෑ. Hazard එන නං Intel/AMD දෙකටම දාන්න පුළුවන්.

SATA HDD එකක්

ටෙස්ට් කරන්න වගේ USB Flash drive එකක Mac OS X SL Install කරන්නත් පුළුවන්. Screen shots ලබා ගැනීමට මම අද Mac os ඉන්ස්ටෝල් කරන්නේ Imation 8GB USB 2.0 Flash Drive එකක. Flash Drive එකක ඉන්ස්ටෝල් කරනවා නං 8GB හරි ඊට වඩා වැඩි USB 2.0 Flash Drive එකක් භාවිතා කරන්න.

SATA DVD Rom එකක්

USB KB සහ USB Mouse

ඔය ටික තමා අත්‍යවශ්ය දේවල් ටික. සේරම හරි නං ඊලඟ පියවරට යමු. HDD එකේ data නොතිබෙන තරමට හොඳයි. ඕං HDD එකේ තිබුණු දේවල් වලට මම නං වගකියනු නොලැබේ bising.

ඉස්සෙල්ලාම Bios වලට යන්න. එකේ SATA Mode එක IDE වලින් AHCI වලට මාරු කරන්න. මේක නං අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් bising. මේක නොකළොත් අල පාත්ති සෙට් වෙන්න පුළුවන් bising. ඔය Serial, Parallel Ports Disable කරන්න. වැඩිපුර HDD තියෙනවා නං ගලවන්න. Flash Drive එකට install කරනවා නං Flash Drive එක සෙට් කරන්න. 1st Boot එක CD Rom දීලා DVD එක දාලා boot කරන්න.


ටික වෙලාවක් Apple logo එක වැටිලා තිබිලා Language එක අහයි. English තෝරලා ඉස්සරහට යන්න.

පස්සේ Welcome screen එක Continue කරලා ඉස්සරහට යන්න.


OS එක Install කරන තැන select කරන්න එන තැනදී උඩ තියෙන Utilities > Disk Utility යන්න.


Disk Utility වල වම් පැත්තේ තමන්ගේ HDD එක FD එක පෙන්නාවි. ඒක උඩ Right click කරලා Partition select කරන්න. අවශ්‍ය විදියට පාටිෂන් කරගන්න පුළුවන්. නැත්නං පාටිෂන් නොකර කෙලිම්ම Format කරනවා නං Erase එක select කරන්න.


Format එක විදියට Mac OS Extended (Journaled) තෝරන්න. ඊලඟට Erase


හරියට කළා නං Select a Destination කියන තැනට හදපු partitions ටික එයි. දැන් Continue


Install Summary එකේදී Customize select කරන්න.


මෙතනදී තමන්ගේ කොම්පියුටරයට ගැලපෙන Option එක විතරක් Select කරන්න ඕනෑ. මට මෙතනදී නං මේ Option එකම select කරන්න කියලා කියන්න බෑ. තමන්ටම තමා හරි Option එක තෝරා ගන්න වෙන්නෙ. හැම Option එකකටම ගිහිල්ලා ලැබෙන විස්තරය කියවන්න. හැමෝටම පොදු වෙන Option ටිකක් මම select කරලා තියෙනවා. තව Nvidia VGA card තියෙන අය NVEnabler select කරන්න. හරියටම තෝරා ගන්න බැරිවුනොත් Hazard Forum එකෙන් උදව් ගන්න. තමන්ගේ මැසිමේ විස්තර ටිත Forum එකට දුන්නාම ඒ අය අදාල Option ටික දෙයි bising.



පස්සේ Install කරන්න. විනාඩි 25-30 ක් විතර යන්න පුළුවන්. FD එකක Install කරනවා නං කාලය වැඩි වෙන්න පුළුවන්.


Install වෙලා ඉවර වුනාම restart කරලා ආයෙත් Bios වලට ගිහිල්ලා 1st boot එක HDD කරන්නත් අමතක කරන්න එපා.


හරියට Install වෙලා නං Video එකක් ගිහිල්ලා නම ගම විස්තර අහයි. ඔය රට අහන තැනදී හරියටම Sri Lanka කියලා දෙන්න. නැත්නං වෙලාව අල වෙන්න පුළුවන් bising. Do You Already Own a Mac එකෙන් එහාට යන්නේ නැත්නං Network කාඩ් එක Disable කරලා උත්සාහ කරන්න bising.


මේ තියෙන්නේ Flash Drive එකේ Install කරපු Mac OS X SL bising. Boot වෙන්න තරමක් වැඩියෙන් වෙලා ගන්නවා. ඒත් ලොකු අවුලක් නෑ. Mac OS දැම්මට පස්සේ කරන්න ඕනේ ටික ගයන්ත ලියලා තියෙනවා. ඕං ඔහොමලු Mac OS දාන්නේ, bising ප්‍රශ්න තියෙනවා නං අහන්න.

Thursday, July 22, 2010

මේ දවස් වල ජීවිතේ

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. පරණ තැටියම තමා bising. ලියන්න විශේෂ දේකුත් නැති එකේ පොඩි බයිලා පෝස්ට් එකක් වත් දාන්න හිතුවා. Mac OS X SL ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් පෝස්ට් එකක් දාන්න හිටියත් කම්මැලි කම නිසාම ඒකත් බගෙට ලියලා නවත්තලා තියෙනවා. කොහොම හරි ඒකත් ඉක්මනටම දාන්න ඕනේ. හැම එකකටම හරහට හිටලා තියෙන්නෙ අන්තර්ජාලය. මොබිටෙලය පහුගිය කාලේ චා මැක්ස් වුනා නෙවැ. ඔය අස්සේ මමත් ගත්තා ඩයලොග් 2GB අන්ලිම්ටඩ් පැකේජ් එකක් bising. ඒත් ඉතින් ඒකෙත් මහා ලොකු වෙනසක් තිබ්බෙ නෑ. මොබිටෙල් වගේම තමා bising. දවස් හතර පහක් යනකොට 2GB ඉවර වෙලා FUP සෙට් වෙලා ස්පීඩ් එක 8kBps - 10kBps වලට අඩුවුනාට පස්සේ ඩිස්කනෙක්ට් කළා bising. දැන් නැවතත් මොබිටෙල්. මේ ළඟකදි ඉඳලා ආයෙත් මොබිටෙලය ටිකක් විතර හොඳ අතට හැරෙම්න් තියෙන බවත් පේන්න තියෙනවා bising. BB කතා ඉවරයි.

ඔය අතරේ මම win 7 64bit එකත් දාගත්තා නෙවැ. හේතුව නං පස්සේ වෙලාවක කියන්නංකෝ bising. ඒත් 64bit දාගෙන සෑහෙන දුකක් විඳින්න වුනා bising. අංක එක වුනේ Mobile Partner software එක අල වීම. පස්සේ Mobile Partner එක විසිකරලා දාගත්තා Mobile Connect. ඒකත් දාලා Modem එකට Win 7 64 bit Drivers වෙනමම බාලා දාගත්තා. ඒක නං අලයක් නැතුව වැඩ. Modem එකේ Firmware එකත් අප්ඩේට් කළා. Huawei සයිට් එකේ දැන් අදාලා software නොතිබුණු නිසා Google කරන කොට වෙන සයිට් එකක් හම්බවුනා. මේකේ Huawei, ZTE වගේ ගොඩක් Modems වලට Firmware, Drivers වගේ දේවල් තියෙනවා. මෙන්න සයිට් එක. sterowniki.bez-kabli.pl. අවශ්‍ය අය firmware එකෙම අප්ඩේට් කරගන්න bising. ඒත් ඔන්න ඔය firmware update කරගන්න ගිහින් අල කරගෙන මොඩම් එක කඩා ගත්තොත් මම නං වගකියනු නොලැබේ bising. වින්ඩෝස් කතා ඉවරයි.

පහුගිය දවස් වල මමත් SQL class එකකට සෙට් වෙලා හිටියා නෙවැ. CCNA කිරීමේ ලොකු උවමනාවක් තිබුණත් තාම කරගන්න බැරිවුනා. ඔය අස්සේ ජොබ් වලට අප්ලිකේෂන්ස් දාන එක තමා මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ bising. ඔය විදියට කාලය ගිහිල්ලා දැන් අවුරුද්දෙන් බාගෙකටත් වැඩිය ඉවරත් වෙලා.

Monday, June 28, 2010

මමත් දැම්මා Mac OS X Snow Leopard

කස්ටිය කොහොමද ඉතින්..? ඕං ටික දවසකට පස්සේ ආයෙත් බ්ලොග් එක මතක් වුනා bising. ඕං මමත් Snow leopard දැම්මා. ඉස්සෙල්ලාම මට snow leopard DVD එකක් දීම ගැන ගයන්තට ස්තූතිවන්ත වෙන්න ඕනේ bising. මීට ඉස්සෙල්ලත් මම Mac OS දාලා තිබුණා. ඒ 10.5.2 වර්ෂන් එක. ඒකේ අවුල් කීපයක්ම තිබුණු නිසා වැඩිය පාවිච්චි වුනේ නෑ bising. ලොකුම අලය තමා resolution එක මගේ මොනිටරයට අවශ්‍ය විදියට වෙනස් කරන්න නොහැකි වීම. ඉතින් ඕක ඉන්ස්ටෝල් කරන්න නං එච්චඑර කරදර වෙන්න උවමනා වුනේ නෑ. එක පාරින්ම බබා වගේ ඉන්ස්ටෝල් වුනා bising. ඒත් එච්චර ලේසියට Snow leopard දාගන්න නං පුළුවන් වුනේ නෑ. දවස් 2-3 ක් කටු කාලා තමයි දාගත්තේ. අතුරු කතා හලලා කෙටියෙන් කියන්නංකෝ සිද්ධිය

මම SL ඉන්ස්ටෝල් කරනකොට DVD එකේ read error එකක් ආවා. වෙන DVD එකකින් ට්‍රයි කරත් ඒ error එකම ආවා. පස්සේ SL ඉන්ස්ටෝල් කිරීමත් එපා වෙලා ඉන්නකොට තමයි Hazard Forum එකෙන් උදවු ගන්න මතක් වුනේ. (මම දැම්මේ www.leohazard.com මගින් හැදූ Mac OS SL DVD එකක්) ඉතින් Forum එකේ රවුං ගහන කොට තමා දැනගත්තේ Snow leopard සඳහා IDE HDD, IDE DVD Drive සහාය නොදක්වන බව bising. ඒත් මගේ DVD Drive එකත් HDD එකත් SATA වුනාට Motherboard එකේ BIOS මගින් SATA Drives IDE විදියට වැඩ කරන්න තමයි settings හදලා තිබුණේ. පස්සේ SATA Drivers IDE mode වෙනුවට AHCI Mode තෝරලා Install කරන්න පටන් ගත්තම අර කලින් read error ආපු DVD හොඳින් වැඩ කරලා Mac OS ඉන්ස්ටෝල් වුනා. ඒත්....


ඊලඟ අලය, ඉන්ස්ටොල් වෙලා ඉවර වෙලා, කරදරයකින් තොරව Boot වුනා කියමුකෝ.., සිරාම Video එකකුත් play වෙලා ඔය නම ගම ර‍ට ආදි විස්තර අහන්න ගත්තා bising.




පස්සේ පරණ Mac එකකින් data transfer කරන්න පහසුකම් සලසන Do You Already Own a Mac වින්‍ඩෝවෙන් එහාට යන්නේ නෑ.. bising දෙතුන් පාරක් restart කළත් Already Own a Mac වින්‍‍‍ඩෝවෙන් එහාට යන්නේ නෑ. පස්සේ ආයේ Google කරලා බලනකොට උත්තරේ ලැබුණා. මෙන්න උත්තරේ. ඒත් ඕක කොරන්න ගිහිල්ලා මැක් එක Boot වෙන එකත් නතර වුනා bising. මොකක් හරි කමාන්ඩ් එකක් වරදින්න ඇති. උත්තරේට අනුව. ඒ ලෙඩේ එන්නේ Network කාඩ් එක නිසා. පස්සේ මම On board Network card එක disable කරලා තවත් Motherboard එකේ තියෙන අනවශ්‍ය කෑලි disable (serial, parallel ports) disable කරලා ආයෙත් Snow leapard දැම්මා. මෙන්න බාබා වගේ වැඩ bising. කලින් 10.5.2 වල තිබුණු අවුල් හැම එකක්ම වගේ විසඳිලා තිබුණා. මේ තියෙන්නේ මගේ Desktop එක.

(Desktop)


(VLC)


(සිංහල ත් වැඩ)


(Resolutions)



(Applications)

resolution, Audio, සියල්ලම වගේ හොඳින් වැඩ කරනවා. Huawei E160 ත් කරදරයකින් තොරව දාගන්න පුළුවන් වුනා. හැබැයි මගේ වෙබ්කෑම් එක නං වැඩ කළේ නෑ. සිංහලත් අකුරක දෙකක පොඩි අලයක් තිබ්බා. සිංහල ටයිප් කිරිමට නං qsfox addon එකේ පිහිට තමා.


ඉතින් Mac OS Snow leopard Install කරන්න යන අය‍ට මගේ අත්දැකීම අනුව පොඩි දේවල් ටිකක් කියන්නං bising

1. Image එක බාලා, රු 20 DVD වලට Burn කරන්නේ නැතුව හොඳ DVD එකක් පාවිච්චි කරන්න bising

2. අනිවාර්යයෙන්ම SATA DVD Drive හා SATA HDD භාවිතා කරන්න.

3. Motherboard එකෙ BIOS වලින් SATA mode එක AHCI වලට හරවන්න. මේක නොකොළොත් SL ඉන්‍ටෝල් වුනත් Boot වෙන්නේ නං නැත bising. ඒත් අනෙක් අලය තමා මේ AHCI mode එකේදී Windows XP වැඩ කරන්නේ නැත bising. ඒ ගැනත් පොඩ්ඩක් සැලකියමත් වෙන්න

4. SL ඉන්ස්ටෝල් වෙලා boot වුනත් Already own mac වලින් එහාට යන්න බැරි නං Network කාඩ් එක BIOS වලින් Disable කරන්න.

5. Serial ports, parallel ports වගේ එවා Disable කරන්න.

6. Customize වලදී හරියටම තමන්ගේ මැසිමට ගැලපෙන option එක විතරක් තෝරන්න.

7 Onboard VGA පාවිච්චි කරන්නේ නැතුව ගණන් අඩු nvidia වගේ VGA කාඩ් එකක් පාවිච්චි කරන්න.


මෙන්න ලින්ක් ටික

Hazard

මෙන්න Forum ලින්ක් එක

මෙන්න ටොරන්ට් ලින්ක් එක

මෙන්න Rapid ලින්ක් එක

Monday, June 14, 2010

Can You Run It ?

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න ආයෙත් සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. අද පොඩ්ඩක් විශේෂ දවසක්, ‍ඔන්න මම අද ලිපි 100ක් සම්පූර්ණ කරනවා bising. ඒත් ඉතින් පහුගිය අවුරුද්ද වගේ නෙමෙයි. මේ අවුරුද්දේ බ්ලොග් ලියන්න එච්චරම කික් එකක් නෑ bising. හේතුව තමා ලියන්න දෙයක් නැති වීම හා කම්මැලි කම.

අද කියන්න යන දේ නං සමහර අය දන්නවත් ඇති. අපි හැමෝම වගේ මොකක් හරි ගේම් එකක් ප්ලේ කරලා තියෙනවනේ. මීට ටිකකාලෙකට උඩදී ගොඩක් තිබුනේ කාටුන් රූප වගේ ගේම්ස් තමා bising. ගේම් එකේ graphics දැක්කම ගේම් එකම එපා වෙනවා. ඒත් දැන් තියෙන ගේම් වල වගේ graphics ඉතාම උසස් විදියට තියෙනවා. ගේම් එක ගොඩක් හොඳ graphics, sounds වලින් සමන්විත වෙනකොට ගේම් එකට වඩාත් හොඳ පරිගණකයක් ඕනෑ කරනවා. අපි ඉතින් ගේම් වල හොර කොපි පාවිච්චි කරනවා කියන එක ප්‍රසිද්ධ රහසක් නෙවැ bising. Unlimited නෙට් කනෙක්ෂන් එකක් තයෙන උදවිය ටොරන්ට් එකක් හොයාගන්නවා. අනෙක් අය DVD පාවිච්චි කරනවා. ඒත් තමන් බාන්න/ ගන්න යන ගේම් එකේ තියෙන system requirements මොනවද කියලා පළවෙනියටම දැන ගන්න එපායැ. ඒක නං ගේම් එකේ නමින් සර්ච් පාරක් දාලා හොයාගන්න පුළුවන් බව ඇත්ත bising. ඒත් සමහර වෙලාවට හොයාගන්න අමාරුයි bising. ඒවගේ වෙලාවට www.systemrequirementslab.com සයිට් එකෙන් තමන් බාන්න හෝ ගන්න යන ගේම් එක තමන්ගේ මැසිමේ ප්ලේ කරන්න පුළුවන්ද බැරිද කියලා විස්තර සහිතව බලාගන්න පුළුවන්. තව ගේම් එක ප්ලේ කරන්න බැරි නං ඒකට හේතුව හොයාගන්නත් පුළුවන්. මේක වැඩකරන්නේ IE හා FireFox Web browsers එක්ක විතරයි. කරන්න තියෙන්නේ අවශ්‍ය ගේම් එක තෝරලා Can You Run it කියන බොත්තම ඔබන එක විතරයි.

(ලොකු කරලා බලන්න)

ඕං මගේ දුප්පත් මැසිමේ නං Call of Duty Modern Warfare 2 ප්ලේ කරන්න බැරිලු. Processor එක හොඳ මදිලු