About

Monday, June 28, 2010

මමත් දැම්මා Mac OS X Snow Leopard

කස්ටිය කොහොමද ඉතින්..? ඕං ටික දවසකට පස්සේ ආයෙත් බ්ලොග් එක මතක් වුනා bising. ඕං මමත් Snow leopard දැම්මා. ඉස්සෙල්ලාම මට snow leopard DVD එකක් දීම ගැන ගයන්තට ස්තූතිවන්ත වෙන්න ඕනේ bising. මීට ඉස්සෙල්ලත් මම Mac OS දාලා තිබුණා. ඒ 10.5.2 වර්ෂන් එක. ඒකේ අවුල් කීපයක්ම තිබුණු නිසා වැඩිය පාවිච්චි වුනේ නෑ bising. ලොකුම අලය තමා resolution එක මගේ මොනිටරයට අවශ්‍ය විදියට වෙනස් කරන්න නොහැකි වීම. ඉතින් ඕක ඉන්ස්ටෝල් කරන්න නං එච්චඑර කරදර වෙන්න උවමනා වුනේ නෑ. එක පාරින්ම බබා වගේ ඉන්ස්ටෝල් වුනා bising. ඒත් එච්චර ලේසියට Snow leopard දාගන්න නං පුළුවන් වුනේ නෑ. දවස් 2-3 ක් කටු කාලා තමයි දාගත්තේ. අතුරු කතා හලලා කෙටියෙන් කියන්නංකෝ සිද්ධිය

මම SL ඉන්ස්ටෝල් කරනකොට DVD එකේ read error එකක් ආවා. වෙන DVD එකකින් ට්‍රයි කරත් ඒ error එකම ආවා. පස්සේ SL ඉන්ස්ටෝල් කිරීමත් එපා වෙලා ඉන්නකොට තමයි Hazard Forum එකෙන් උදවු ගන්න මතක් වුනේ. (මම දැම්මේ www.leohazard.com මගින් හැදූ Mac OS SL DVD එකක්) ඉතින් Forum එකේ රවුං ගහන කොට තමා දැනගත්තේ Snow leopard සඳහා IDE HDD, IDE DVD Drive සහාය නොදක්වන බව bising. ඒත් මගේ DVD Drive එකත් HDD එකත් SATA වුනාට Motherboard එකේ BIOS මගින් SATA Drives IDE විදියට වැඩ කරන්න තමයි settings හදලා තිබුණේ. පස්සේ SATA Drivers IDE mode වෙනුවට AHCI Mode තෝරලා Install කරන්න පටන් ගත්තම අර කලින් read error ආපු DVD හොඳින් වැඩ කරලා Mac OS ඉන්ස්ටෝල් වුනා. ඒත්....


ඊලඟ අලය, ඉන්ස්ටොල් වෙලා ඉවර වෙලා, කරදරයකින් තොරව Boot වුනා කියමුකෝ.., සිරාම Video එකකුත් play වෙලා ඔය නම ගම ර‍ට ආදි විස්තර අහන්න ගත්තා bising.




පස්සේ පරණ Mac එකකින් data transfer කරන්න පහසුකම් සලසන Do You Already Own a Mac වින්‍ඩෝවෙන් එහාට යන්නේ නෑ.. bising දෙතුන් පාරක් restart කළත් Already Own a Mac වින්‍‍‍ඩෝවෙන් එහාට යන්නේ නෑ. පස්සේ ආයේ Google කරලා බලනකොට උත්තරේ ලැබුණා. මෙන්න උත්තරේ. ඒත් ඕක කොරන්න ගිහිල්ලා මැක් එක Boot වෙන එකත් නතර වුනා bising. මොකක් හරි කමාන්ඩ් එකක් වරදින්න ඇති. උත්තරේට අනුව. ඒ ලෙඩේ එන්නේ Network කාඩ් එක නිසා. පස්සේ මම On board Network card එක disable කරලා තවත් Motherboard එකේ තියෙන අනවශ්‍ය කෑලි disable (serial, parallel ports) disable කරලා ආයෙත් Snow leapard දැම්මා. මෙන්න බාබා වගේ වැඩ bising. කලින් 10.5.2 වල තිබුණු අවුල් හැම එකක්ම වගේ විසඳිලා තිබුණා. මේ තියෙන්නේ මගේ Desktop එක.

(Desktop)


(VLC)


(සිංහල ත් වැඩ)


(Resolutions)



(Applications)

resolution, Audio, සියල්ලම වගේ හොඳින් වැඩ කරනවා. Huawei E160 ත් කරදරයකින් තොරව දාගන්න පුළුවන් වුනා. හැබැයි මගේ වෙබ්කෑම් එක නං වැඩ කළේ නෑ. සිංහලත් අකුරක දෙකක පොඩි අලයක් තිබ්බා. සිංහල ටයිප් කිරිමට නං qsfox addon එකේ පිහිට තමා.


ඉතින් Mac OS Snow leopard Install කරන්න යන අය‍ට මගේ අත්දැකීම අනුව පොඩි දේවල් ටිකක් කියන්නං bising

1. Image එක බාලා, රු 20 DVD වලට Burn කරන්නේ නැතුව හොඳ DVD එකක් පාවිච්චි කරන්න bising

2. අනිවාර්යයෙන්ම SATA DVD Drive හා SATA HDD භාවිතා කරන්න.

3. Motherboard එකෙ BIOS වලින් SATA mode එක AHCI වලට හරවන්න. මේක නොකොළොත් SL ඉන්‍ටෝල් වුනත් Boot වෙන්නේ නං නැත bising. ඒත් අනෙක් අලය තමා මේ AHCI mode එකේදී Windows XP වැඩ කරන්නේ නැත bising. ඒ ගැනත් පොඩ්ඩක් සැලකියමත් වෙන්න

4. SL ඉන්ස්ටෝල් වෙලා boot වුනත් Already own mac වලින් එහාට යන්න බැරි නං Network කාඩ් එක BIOS වලින් Disable කරන්න.

5. Serial ports, parallel ports වගේ එවා Disable කරන්න.

6. Customize වලදී හරියටම තමන්ගේ මැසිමට ගැලපෙන option එක විතරක් තෝරන්න.

7 Onboard VGA පාවිච්චි කරන්නේ නැතුව ගණන් අඩු nvidia වගේ VGA කාඩ් එකක් පාවිච්චි කරන්න.


මෙන්න ලින්ක් ටික

Hazard

මෙන්න Forum ලින්ක් එක

මෙන්න ටොරන්ට් ලින්ක් එක

මෙන්න Rapid ලින්ක් එක

11 comments:

සෑම් said...

මචෝ මම වින්ඩොව්ස් විස්ටා පාවිචි කරන්නේ..මචෝ...අපේ මැශින් එකට OS එකට මේ MAC OS snow leopard OS එක දන්න පුලුවන්ද..?

Anonymous said...

මචෝ කරන පියවර වල් ටික පැහැදිලිව දැම්මා නම් අපිටත් දාගන්න තිබ්බා....පොඩ්ඩක් ඒක ගැන පෝස්ට් 1 දාපන්කෝ

සහන් said...

එලනේ කොල්ලෝ..........
මේපාර ගෙදර ගිය ගමන් බාගන්න ඕන. අවුලක් ගියොත් කතාකරන්නම් ;)

Thilina said...

@සෑම්

බොහෝ විට පුළුවන් වෙයි. ඒත් Hardware සපෝට් කරනවද කියලා බලන්න වෙනවා.


@Anonymous

හොඳයි මම windows එක්ක ඩුවල් බූට් කරන එකත් කරලා බලලාම පෝස්ට් එකක් දාන්නංකෝ


@සහන්

එළ එළ.. පුළුවන් සපෝට් එකක් දෙන්නං :)

Dakshina said...

Onboard VGA අවුල් නම් ඉතින් දාන්නේ කොහොමැයි? හ‍ෆොයි

ගයන්ත said...

හැකින්ටොෂ් දානව කියන්නෙ ඉතින් කොහොමත් පණ යන වැඩක් තමයි.. (whew)

Anonymous said...

Macho mage CPU 3.0 cor2duo, Ram 512 Mac daganna puluwanda?

Thilina said...

@Dakshina

සමහර Onboard VGA වලිනුත් වැඩ කරන්න පුළුවන් (GMA 950, X3100, 3500, X4500). ඒත් ගොඩක් Onboard VGA අල වෙනවා


@ගයන්ත

හ්ම් හ්ම්, මේක දාන්න ගිහිල්ලා මගේ හොඳ පණ ගියා


@Anonymous

Ram එක 512 නං මදී වෙනවා :(. 1GB+ ඕනෑ වෙයි. processor එක නං හොඳටම ඈති.

Ashen said...

fattane , mac OS maru wage

Ansh Lucky Sri Jay said...

කදහසක් තියේ MAC OS එකට මාරු වීමට.
උදව්වක් ඕනේ උනොත් හෙම පිහිට වෙන්න ඕනේ ඕං..
:)

Thilina said...

@Ashen

හ්ම් හ්ම්.., මේක මරු. :)


@Ansh Lucky Sri Jay

එළ එළ.., :D

Post a Comment