About

Sunday, September 13, 2009

පැය 1/2 න් charge වෙන බැටරියක්



අපි හැමෝටම වගේ ජංගම දුරකථනයක් කියලා එකක් තියෙනවා නොවැ. සමහර උදවියට නං ‍ලැප්ටොප් එහෙමත් තියෙනවා. ඉතින් මේ ජංගම දුරකථන, ලැප්ටොප් එහෙම බලය දෙන්නේ ආරෝපණය කල හැකි බැටරියකින්නේ, තේරෙන ‍විදියට කියනවා නං Rechargeable බැ‍ටරියකින් senyum. ඒත් මේ බැටරි බැහැපුවාම ආපහු චාජ් කරන්න පැය දෙක තුන යනවා. එතකොට ඉතින් බැටරිය හදපු එවුන්ගේ මුළු පරම්පරාවම ආදරයෙන් සිහිපත් වෙනවා sengihnampakgigi. මෙන්න ඒකට විසදුම Sony සමාගමෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැය 1/2 න් ආරෝපණය වෙන බැටරියක්. මේක ඇවිල්ලා ලිතියම් අයන් බැටරියක්. ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කියලා මේක ආයුකාලය අඩු බැටරියක් එහෙමත් නෙවේ. බැටරි ආයුකාලය ඉතාම ඉහළ මට්ටමෙන් තියෙනවා. පැය 1/2 න් බැටරියේ සම්පූර්ණ ධාරිතාවෙන් 99% ක් චාජ් කරගන්න පුළුවන්. මේ විදියට 2000 වාරයක් charge/discharge කරන්න පුළුවන්. Sony සමාගම කියන විදියට මේ බැටරි 2000 පාරක් charge/discharge කළත් ඊට පස්සෙත් බැටරියේ ධාරිතාවෙන් 80%ක් විතර රදවා ගන්න පුළුවන්ලු. කෝමද බැටරිය?

ඇත්තටම විදුලි බලයෙන් දුවන කාර්, බයිසිකල් එහෙමත් එච්චරම ජනප්‍රිය නොවෙන්න ප්‍රධානම හේතු තමයි බැටරිය බැහැලගියාම චාජ් කරන්න දවසක් විතර යන එක. මේ බැටරි දාලා ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කාර් බයිසිකල් එහෙම ආවොත් ඒවත් ‍ගොඩක් ජනප්‍රිය වෙයි කියල හිතෙනවා.

pictures

Wednesday, September 9, 2009

සුපිරි රූපවාහිනී නාලිකා...

කස්ටිය කොහොමද ඉතින්...? හෆෝයි දවස් 4-5 කින් බ්ලොග් ලියන්නත් බැරිවුනා. අද‍ නං වෙනස් දෙයක් ලියන්න හිතුවා. සාමාන්‍යයෙන් මම ඔය දේශපාලන හා මඩ ගැසීම් වගේ ඒවා ලියන්නෑ. නිකං ‍ජොලියට වගේ අපේ රටේ සුපිරි TV චැනල් ටිකක් ගැන ලියන්න හිතුවා. හික් හික්... රූපපෙට්ටිය, රූපවාහිනිය තේරෙන සිංහලෙන් කියනව නං TV එකක් හැම ගෙදරකම වගේ තියෙනවනේ sengihnampakgigi. මම දන්න විදයට ලංකාවේ TV චැනල් 13 ක් විතර තියෙනවා.

ඉස්සෙල්ලාම ගමු ජාතික රූපවාහිනිය, මේකෙ ඇවිල්ලා XXXXගේ වීර වික්‍රම යනවා ඇරෙන්න වෙන දෙයක් නං යන්නෑ. මේක බලලා නං කවදාවත් ගොඩ යන්න බෑ jelir.

දෙවනියට අයි නාලිකාව මේක ඉතින් මැච් එකක් සමග ඇඩ් බැලිමට නං හොදයි වෙන දෙයක් නං යන්නෑ.

තුන, මේක ස්වාධීනයිලු. අනේ මට නං කවදාවත් එහෙම පෙනිලා නෑ ඒ නිසා ඒකත් වැඩක් නෑ.

ඊලගට Art TV මේකෙ CNN ප්‍රවෘත්ති නං යනවා ඒත් මට කඩ්ඩ තේරෙන් නැති නිසා මේකත් හරියන්නෑ.

දෙරණ, ස්ටාර් සිද්ධි කොපි කිරීමට වඩාත් දක්ෂ බව පෙනී යනවා. ඒත් අද දෙරණ නං පට්ට බව හැගී යනවා.

මැක්ස්, මේකේ නං මොනවා යනවාද කියා නොදනිමි.

TV බැලීමට යන කාලයෙනුත් වාසි ලැබිය හැකිය. ගෙයක් සමග රන් කාසි දිනා ගැනීමට නං ඔබ රන් දෙපැය නැරඹිය යුතුය. සමහර පුද්ගලයින් මෙයට ගොන් දෙපැය යනුවෙන් අමතයි. ඒ ඇයි දැයි මම නං දන්නේ නැතhah. මේ සුපිරි නිවස ඇත්තේ ජා ඇල ලේක් සිටි වලය. මේ ලේක් සිටි වල මිල අඩුම නිවාසයකුත් රු ලක්ෂ 50 - 60 ඉක්මවයි. නොමිලේම නිවසක් ලැ‍බෙන මෙම රන් දෙපැය අත්හැරීම නං නුවණට හුරු නැත.

සුපිරි නිවසක් සමග සුපිරි බඩු මල්ලක් දිනා ගැනීමට ඔබ නැරඹිය යුත්තේ මොණරාගේ ලකුණ ඇති නාලිකාවයි. පෙර නාලිකාවේ මෙන් නොව මෙහි රන් තුන් පැයක්ම ඇත. මාර ආතල්ය. ජීවන බර වැඩි මේ කාලයේ ජීවන බර අඩු කිරීමට මෙසේ බඩු මල්ලක් දීම පැසසිය යුතුයkenyit. බට් Live @ 8, මුල් පිටුව, ලෝක සිතියම මැක්සා බව නං කිව යුතුමයි.

මේ TV බලන කාලයේ ගේම් එකක් ප්ලේ කිරීම දාහෙන් සම්පතකි.

Friday, September 4, 2009

RJ-45 Ethernet කේබල් එකක් හදමු

කස්ටිය කොහොමද ඉතින්....? දැන් ADSL තියෙන ගොඩක් කස්ටියට තියෙන්නෙ රවුටරයක් නොවැ. ඉතින් මේ රවුටරයත් කොම්පියුටරයත් සෙට් වෙන්නෙ RJ-45 Ethernet කේබල් එකකින්. රවුටරේ ගන්න කොට ඒකත් එක්ක මේ Ethernet කේබල් එකක් ලැ‍බෙනවා. ඒත් ඒක‍ හෙන කොටයි නොවැ. ඉතින් මේ කේබල් එක දිග මදි නිසා ගොඩක් වෙලාවට අළුත් කේබලයක් ගන්න වෙනවා. කේබල් එකක් ගන්න ගියත් කඩේ එකා කරන්නේ මේ කේබල් එකක් හදලා දෙන එක. ඒත් ඒකට ගන්න ගාන නං සාධාරණ නෑ කියලා හිතෙනවා. ඒ නිසා අපිට කේබල් එකක් හදා ගත්තොත් වැඩේ ලේසියි වගේම මුදලත් ඉතුරුයිsenyum. මෙන්න මෙහෙමයි කරන්නෙ.

මේකට ගන්නේ Cat5 Ethernet කේබල් මේවා කොම්පියුටර් බඩු තියෙන කඩ වල තියෙනවා. අවශ්‍ය දිගට මේ කේබල් අරගන්න. (මිටර් 100ට අඩුවෙන්)


තව කේබල් එකේ දෙපැත්ත සෙට් වෙන RJ-45 කනෙක්ටර් දෙකක් ඕනේ වෙනවා. (මේ එකක් රු15 - 20 ක් විතර වෙනවා) මේක සෙට් කරන්න විශේෂ අඩුවක් ඕනේ මේක නං කාගෙන්හරි ණයට ඉල්ලා ගන්න වෙනවා. නැත්නං මේක රු 950/- කට තියෙනවා මෙන්න මෙතන. එකක් ගත්තම ජීවිතකාලයටම ඇතිjelir. එච්චරයි ඕනේ. ආ.. කතුරකුත් ඕනේ.

ඉස්සෙල්ලාම නෙට්වර්ක් කේබල් එකේ තියෙන රබර් කවර් එක අයින් කරගන්න ඕනේ. 2cm විතර ප්‍රමාණයක් කවර් එක අයින් කළාම මෙහෙමයි පේන්නෙ.



දැන් මේක අතුලේ වයර් 8 ක් තියෙනවා. මේ වයර් ටික කලර් කෝඩ් එක අනුව වෙන් කරන්න ඕනේ.... RJ-45 කනෙක්ටර් එකේ පින් 1 එක පටන් ගන්න තැන රූපයේ තියෙනවා. දැන් මේ වයර් 8 සම්බන්ධ වෙන හැටි බලමු.


මේ කේබල් එක කනෙක්ටරය‍ට සවි කරන ක්‍රම 2ක් තියෙනවා එකක් තමයි. කොම්පියුරේ ඉදලා ස්විච් එකකට රවුටරේකට කනෙක්ට් වෙනකොට කනෙක්ටර් දෙකේම වයර් ටික එකම රටාවකට සම්බන්‍ධ කරනවා ඒ පහළ රූපයේ විදියට

එක කොම්පියුටරයක ඉදලා තවත් කොම්පියුටරයකට කෙලින්ම (direct) සම්බන්ධ කරනවා නං කලරි කොඩ් එක මාරු කරන්න ඕනේ. මේකට තමයි cross කේබල් කියන්නෙ. ඒ වයර් එකේ කනෙක්ටර් වලට වයර් සම්බන්ධ කරන්නේ මේ රූපයේ විදියට.

දැන් අවශ්‍ය පිළිවෙලට වයර් ටික හදාගෙන කතුරකින් වයර් ටික එකම ගානකට කපා ගන්න.

දැන් RJ-45 කනෙක්ටර් එක ඇතුලට මේ වයර් ටික දාන්න.‍ මේක එච්චර අමාරු‍ දෙයක් නෙවේ. එතකොට මේ විදියට තමයි පේන්නෙ.


දැන් වයර් ටික ගානට තියෙනවද කියලා ආපහු සැරයක් බලලා, හරියට තියෙනව නං කනෙක්ටරය අඩුව ඇතුලට දාලා තද කරන්න. මේ විදියට වයර් එකේ දෙපැත්තම හදා ගන්න. එච්චරයි.

මේ තියෙන්නේ අවසානට ලැබෙන RJ-45 කේබල් එක.


පින්තූර

Tuesday, September 1, 2009

පාසල් කාළේ... 2

කස්ටිය කොහොමද ඉතින්...? පහුගිය දවස් ටිකේම අනං මනං ගැජට් කෑලි ගැනනෙ ලිය ලිය හිටියේ. ඒ නිසා පාසල් කාළේ 2 වෙනි එක විදයට ඉස්කෝලේ සිද්ධ වුනු තවත් සිදුවීමක් ලියන්න හිතුවා.

මේක වුනේ ඉස්කෝලේ A/L ක්ලාස් පටන් ගත්ත මුල් දවස් වල. මම මැත්ස් නොවැ කළේsenyum. ඉතින් මැත්ස් කරන‍ කොට කෙමිස්ට්‍රි කියලා චොර විෂයක් ඉගෙන ගන්න තියෙනවනේ. අපෝ මතක් වෙනකොටත් පිස්සු වගේsengihnampakgigi. ඒත් A/L පටන් ගත්ත මුල් දවස් වල මාර ආසාවෙන් කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා. මොකද ලැබ් වල අනං මනං එහෙම කරන්න ලැබෙනවනේ. ඔන්න එක දවසක් ලැබ් එකේ පරික්ෂණයක් කරන්න තිබ්බා. ඒ ස්ටොයිකියොමිතිය සෙවීම. (කෙමිස්ට්‍රි කරන උන් නං දන්නවා). ඒකට ඔය තියෙන උපකරණ ටික ඉස්සෙල්ලාම වතුර යොදාගෙන ටෙස් කරල බලන්න කියලා මිස් කිව්වා. ඔතන පිපෙට්ටුව කියලා ගැජට් එකකුත් තිබ්බා. මේ තියෙන්නේ ඒකේ රූපයක්.


මේක ඇවිල්ලා බීම බටයක් වගේ ඒත් මැද ටිකක් ලොකුවට තියෙනවා. (මේකේ උඩ පැත්තෙන් කට තියලා උඩට අදින්න ඕනෙ. එතකොට මැද්දට ද්‍රාවනය පිරෙනවා. ඊට පස්සේ උඩින් ඇගිල්ල තියා ගත්තම පිරුණු ද්‍රාවනය එලියට යන්නෑ.) දැන් ඉතින් පිපෙට්ටු ටික අරගෙන එක එකා ඒකෙන් වතුර උඩට ඇදලා බලනවා. මේ අස්සේ අපේ පන්ති නායකයාට (අපි ඌට නිමල් කියමුකෝ) කවුද සර් කාරයෙක් එන්න කියලා ඒ යකා ලැබ් එකෙන් ගියා. ඒ නිසා ඌට පිපෙට්ටුවෙන් වතුර ඇදලා ඒක ටෙස් කරන්න ලැබුණෙ නෑ. පස්සේ දැන් ඇත්තටම අම්ලයක් පිපෙට්ටුවට පුරවලා පරීක්ෂණය කරන වාරය ආවා. දැන් එක එකා අම්ලය පිපෙට්ටුවට පුරවලා ඒක වෙන අම්ලයකට මික්ස් කරලා බලනවා. දැන් පන්ති නායකයා නිමල් ගෙ වාරයත් ආවා. මිනිහා දැන් පිපෙට්ටුවට ක‍ට තියලා අම්ලය උඩට අදිනවා... ඔය පිපෙට්ටුවේ මැද මහත කෑල්ලට අම්ලය පිරෙන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මේ යකා ෆුල් ඩම් එක දාලා අම්ලය උඩට ඇද්දා. කලින් මේක වතුර දාලා ටෙස් කළේ නැති නිසා මේ යකා අර අම්ලය කටටම ඇදලා ගත්තා hah. දැන් නිමල්ගේ කටේ අම්ලය. පටස් ගාලා අම්ලය එළියට දාලා ඊට පස්සෙ දහපාරක් විතර වතුරෙන් කට හොදලා දැම්මා. දැන් මිනිහගේ කට රතු පාට වෙලා. වෙලාවට අර අම්ලය එච්චර සැර එකක් නෙවේ. පස්සේ මිනිහ‍ට මොනවද වගයක් කට හොදන්න කියලා දුන්නා. කොහොම හරි ස්ටොයිකියොමිතිය සෙවීමත් පැත්තකට දාලා සේරටම ආපහු ක්ලාස් එකට එන්න වුනා.