About

Friday, May 8, 2009

මටත් LCD මොනිටරයක්

ඔන්න ඉතින් ම‍ටත් LCD මොනිටරයක් ලැබුණා. මම අවු 4 ක් ම පා‍විච්චි කළේ Philips 17 Flat මොනිටරයක්. මටම කියලා කොම්පියුටරයක් ලැබුනේ 2005 දි, එදා ගත්තු මොනිටරේ තමයි මේ වෙනකම්ම පාවිච්චි කළේ. ස්ක්‍රින් ෆිල්ටරයක් වත් නැතුව ඒක පාවිච්චි කරලා මගේ ඇස් දෙකත් බාගෙට පොට්ට වෙලා.

            LCD මොනිටරයක් ගන්න එක නම් අවුරුදු කිපයක ඉදලා තිබුණු හීනයක්. මම ගත්තේ Asus 19” Widescreen (Asus VW198T) මොනිටර් එකක්. මේක 1680 x 1050 Resolution තියෙන මොනිටරයක්. ම‍ට නම් මේක‍ට වියදම් වුනේ රු15000 ක් විතරයි (B/N එකක්). ලාබයි කියලා හිතෙනවා. Power Consumption එකත් 40W ක් විතරයි. පරණ 17 CRT එකට නම් 70W ක් විතර යනවා. DVI හා ස්පීකර් එහෙමත් තියෙනවා ඒත් Sound quality එකනම් සවුත්තුයි. Picture quality එකනම් එළ ඒ ඇති..


Tuesday, May 5, 2009

බම්බලපිටියේ සිට කොටුවට පැමිණිම‍ට පැය 1 යි විනාඩි 20 ක් ?

ඔන්න අද උදේම මම පොඩි වැඩකට බම්බලපිටියට ගියා, 11ට විතර මම කරගන්න ආපු වැඩේ කරගෙන 11.15 ට විතර ගෙදර එන්න කොටුවට යන බස් එකකට නැග්ගා. (අපිට කොයින්ද කාර්...?) මගදි මාර ට්‍රැ‍ෆික් එකකට අහු උනා. දැන් බස් එක කොට කොටා ඉස්සරහ‍ට යනවා (වින‍ාඩියකට අඩියක් විතර) ඔහොම ඇවිල්ලා ඇවිල්ලා පැය 1 යි විනාඩි 20 කට විතර පස්සෙ කොටුවට ආවා. එපාම වුනා. මම නම් හිතුවේ අනතුරක් නිසා ට්‍රැෆික් එක ඇතිවෙලා කියල. මොන පිස්සුද....? මිනිස්සු කට්ටියක් පාර  මැද ඉදගෙන උද්ගෝසනක් කරනවා. එක වා‍හනයකටවත් යන්න ඉඩ නෑ. ඇත්තටම මේ උද්ගෝසනයට හේතුව නම් මම දන්නෙ නෑ. ඒත් මේ අයට පා‍ර අවහිර නොකොර ඉන්න තිබ්බා. මේ නිසා තවත් මිනිස්සු කි දෙනෙක් අපහසුතාවය‍ට පත් වෙනවද?  

Sunday, May 3, 2009

AMD සමාගම සිය 40 වැනි උපන්දිනය සමරයි


(පින්තූරය www.legitreviews.com ගෙන්)

ලෝ ප්‍රකට AMD (Advanced Micro Devices) සමාගම සිය 40 වැනි උපන්දිනය පසුගිය 1 වැනි දින (2009 May 1) සැමරුවා. 1969 මැයි මස ආරම්භ කළ AMD සමාගම Desktop CPUs, Mobile CPUs, Chipsets, GPUs ආදී දෑ නිපදවයි. AMD Athlon 64 x2, 45nm AMD Phenom II x4 ඔවුන්ගේ පෙරළිකාර නිෂ්පාදනයි. ඔවුන්ගේ 40 සැමරුම වෙනුවෙන් අපූරු කරගයක්ද ආරම්භ වී තිබේ. ඔබ AMD ට ආදරය කරන කෙනෙක් නම් එය කොතරම් දැයි vedio clip එකක් හෝ Photo එකක් සකස් කිරීමෙන් ඔබට Radeon HD 4890/4650 Graphics cards හා AMD phenom II x4 Processor දිනාගැනීමේ අවස්ථාවක්ද හිමියි. වැඩි විස්තර සදහා

Friday, May 1, 2009

ලෝකයේ පළමු 40nm Graphics Card එක AMD/ATI සමාගමෙන්...


AMD/ATI සමාගම ලෝකයේ පළමු 40nm GPU(Graphics Processing Units) එක නිපදවා වෙළදපොළට එවා හමාරයි. එය වෙළදපොළට ආවේ ATI Radeon HD 4770 නමින්. මිල නියම වෙලා තියෙන්නේ US $100 කට. $100 යේ මුදල් සීමාවේ දැන‍ට රජ කරන්නේ ATI Radeon HD 4830 හා Nvidia GeForce 9800GT. නමුත් මේ Graphics Card දෙකටම වඩා performance නව Radeon 4770 Graphics Card එ‍කේ තිබෙනවා. දැන් අපි බලමු 4770 Specifications


(ඔන්න මම පින්තූර හොරකම් කළේ නෑ senyum en.expreview.com & www.legitreviews.com ගෙන්)


Radeon 4770 Graphics Card එකේ වැදගත් දේවල් කීපයක් තියෙනවා, ඒ තමයි නවතම 40nm GPU එකක් භාවිතා කිරීම, 512MB GDDR5 Memory භාවිතා කිරීම, සහ Low power consumption එක ($100 වෙනත් Graphics Card කාඩ් එකකට සාපේක්ෂව ඉතා පහල මට්ටමක පැවතීම - 80W), DX 10.1 සහාය, PCI Express 2.0 x16 bus සහාය, OpenGL 3.0 සහාය, වැඩි දියුණු කළ 7.1 channel audio සමග HD video playback

Memory Bus එක 128bit කියලා දුක්වෙන්න ඕනෙ නෑ, මේක GDDR5 මතකයක්. මෙහි Memory Bandwidth එක GDDR3 256bit ‍මෙමරි Bandwidth එකක‍ට සමාන වෙනවා. මීට පෙර GDDR5 Memory භාවිත කර තිබුනේ ඉතාම ඉහළ මටිටමේ Graphics Card වන ATI/AMD Radeon HD 4870, 4890, 4870 X2, යන Graphics Card වල හා සමහර non reference Radeon HD 4850 කාඩ් වල පමණයි.


Transistors මිලියන 826 ක් තිබෙන 4770 කාඩ් එකේ GPU එක රුපියලේ කාසියක් තරම්


(ඔය RV740 කියන්නේ 4770 GPU එක අනිත් RV770 කියන්නේ 4850, 4870, 4870 X2 වල තියෙන GPU එක, සයිස් එක තේරෙනවනේ )


මෙම 4770 කාඩ් එක CrossFire X සදහා ද සහය දක්වනවා. සල්ලි තියෙනව නම් 4770 කාඩ් 4 ක් වුනත් එකට සම්බන්ධ කරලා වැඩ කරන්න පුලුවන් (ගේම් ප්ලේ කරන්න senyum) benchmark ටිකක් en.expreview.com එකෙන් ගත්තා. 4770 කාඩ් එක පාවිච්චි කරනවා නම් පවර් සප්ලයි එක 450W හො‍් ඊට වඩා වැඩි විය යුතු අතර PSU එකේ 12V වල ඇම්පියර් ගණන 26A හො‍් ඊට වඩා වැඩි විය යුතුයි. 6pin PCI Express ප‍වර් කනෙක්ටර් එකක්ද ඕනෑ වේ.



මිලදී ගන්න ඕනෑ නම් මෙන්න Newegg kenyit( ඒත් අවාසනාවකට newegg ලංකාව‍ට Ship කරන්නේ නෑsedih)

ප.ලි - මේ වගේ ලිපියක් මම ලිව්වෙ පළවෙනි වතාවට වැරදි ඇත්නම් සමාවෙන්න.