About

Monday, April 12, 2010

වසරක බ්ලොග් කරණය


කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුම මමත් බ්ලොග් කරණයට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා... bising අවුරුද්දක් මේක ඇදගෙන ආව එක ගැන නං සතුටුයි. මොකද බ්ලොග් එකක් පටන් ගන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක් වුනාට පටන් ගත්තාට පස්සේ පවත්වාගෙන යන්න නං පොඩි ගේමක් දෙන්න වෙනවා.

බ්ලොග් කරණයට ආවේ කොහොමද කියෙනව නං, මට මතක විදියට ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් එකකට කියලා දැක්කේ කාලිංග අයියගෙ බ්ලොග් එක. මොබිටෙල් එක ගැන මොකක් හරි හොයනකොට තමයි අහම්බෙන් වගේ අහුවුනේ. ඒත් මං ඒ වෙනකොට යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරලා තිබුණෙත් නෑ. පස්සේ යුනිකෝඩ් එහෙම දාගෙන ඒ බ්ලොග් එකේ තිබුණු ලින්ක් එකෙන් එකට ගිහිල්ලා තමයි සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙනව කියලා දැනගත්තේ.. ඔහොම මාස කීපයක් බ්ලොග් කියව කියව ඉන්නකොට තමා මටත් බ්ලොග් එකක් කරන්ක හිතුනේ. ඉස්සෙල්ලාම My blog.lk එකේ තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එක පෝස්ට් එකක් වත් දැම්මෙ නෑ garupale. පස්සේ Blogger වලට බැස්සා. මගේ පළවෙනි ලිපිය එක පේළියකට සීමා වුනා garupale. පස්සේ පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. පෝස්ට් 3 -4 ක් දානකොට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයටත් ඇතුළු වුනා. පටන් ගත්ත දවස් වල වේලි වේලි තිබුණු මේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මේ මගේ මරණය. ඒ දවස් වල තමයි 2009 බ්ලොග් මැරතන් තිබ්බෙ. එකෙනුත් ගොඩක් අය අඳුරගන්න පුළුවන් වුනා.

ඔං පටන් ගත්ත දවසේ ඉඳලා තිබ්බ බ්ලොග් එකේ පෙනුමත් පොඩ්ඩක් වෙනස් කළා bising. පුළුවන් තරං වැඩ කෑලි අඩු තීම් එකක් තමයි දාගත්තේ. මේකේ තාක්ෂිණික ලිපි වගේම බයිලාත් ලියවෙනවා. ‍මේකේ තියෙන සමහර පෝස්ට් දැක්කාම මේකත් මම ලිව්වනේ කියලා මටම හිතෙනවා garupale. අවසාන ව‍ශයෙන් බ්ලොග් එක මෙච්චර කල් ඇඳගෙන එන්න පුළුවන් වුනේ මේක කියවන, කමෙන්ට් කරන ඔබ නිසාමයි. ඉතින් අවුරුද්දක් තිස්සේ මේක කියවපු, කමෙන්ට් කරපු ඔබට ස්තූතියි...

Picture

27 comments:

ශාකුන්තල | Shaakunthala said...

අවුරුද්දක් පුරා කියවන්න යමක් ඉතිරි කළ එකට ඔබටත් ස්තුතියි. :-)
ඒ වගේම සිංහලෙන් බ්ලොග් එකක් පවත්වාගන්න එක සිංහල භාෂාව වෙනුවෙන් කරන ලොකු සේවයක්!

ත‍රිඳු said...

සුභ පැතුම්

වැප් said...

යාලුවා සුබ පැතුම් ......

Anonymous said...

මමත් සුබ පතනව ඔයාට.මම නම් තාම බ්ලොග් ක්ෂේත්‍රයට ආධුනිකයි.

රොකියා | Udara said...

සුබ පැතුම් ! අලුත් තීම් එකත් හොඳයි !

Prasanna said...

මගෙනුත් සුබ පැතුම්‍.

Indranama said...

සුබ පැතුම්! :)

Raven said...

සුබපැතුම් මිත්‍රයා.

said...

පළවෙනි උපන්දිනයට ඕන් එහෙනම් අපෙනුත් සුභ පැතුම්
උඹව දැන අඳුනගෙන එහෙනම් අවුරුද්දකුත් ගියා :-D

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

එල කොල්ලෝ, ඔහොම යං :)

Jay said...

සුභ පැතුම්...
:)

චතුරංග රූපසිංහ said...

සුබපැතුම් මත්‍රයා

Thilina said...

@ශාකුන්තල @ත‍රිඳු @වැප් @isimbuwa @රොකියා | Udara

බොහොම ස්තූතියි...


@Prasanna @ඉන්දරේ | Indranama @Raven

බොහොම ස්තූතියි...


@ම

ස්තූතියි., ඒක නේන්නං අවුරුද්දක් ගිය ඉක්මන


@ඉශාන් තිළිණ @Ansh Lucky Sri Jay @චතුරංග රූපසිංහ

බොහොම ස්තූතියි...

Anonymous said...

දිගු බ්ලොග් කලාවකට සුභ පැතුම්.. :)

Kanishka said...

:D යකෝ මූත් අවුරුද්දක් ආ.. එල එල :D

Naya said...

දිගටම ලියන්න...සුභ පැතුම්..!

Anonymous said...

සුභ පැතුම්!!! බුවා.

C0de BlUe said...

බූරුම් බුරුම් ඔහොම යං !!! අවුරුද්දක බ්ලොග් කෙරුවාවට මගෙනුත් උනුසුම් සුබ පැතුම් !!! , හැබැයි ඉතින් මම නම් සිංහල බ්ලොග් කෙරුවාවට නම් බොහොම අලුත් !!! :D

Anonymous said...

මගේ සුභ පැතුම්. බ්ලොග් එකට සුභ උපන් දිනයක් ! :P

Anonymous said...

වර්ෂ පූර්ණයට සුභපැතුම්!
දිගටම බ්ලොග් ලියන්න ලැබේවා!

විශ්මි said...

තවත් දිගු ගමනකට සුබපැතුම් සහෝ.........

Thilina said...

@panhida @Kanishka | කණියා @Naya @පහන්

බොහොම ස්තූතියි...


@හිඟන්නා @rajeenprasanna @nadeesthoughts @විශ්මි

බොහොම ස්තූතියි...

කාලිංග said...

සුබ පැතුම්!

cake! cake !

Thilina said...

@කාලිංග

බොහොම ස්තූතියි.., ආ මෙන්න කේක්.. :)

සහන් සටහන් said...
This comment has been removed by the author.
සහන් සටහන් said...

එල එල......
මෙන්න තීම් මාරු කරන්නෙ නෑ.... මම ඔය තීම් වල මජං වැඩවලට කැමති නෑ කියපු එකා තීම් එක මාරු කොරලා :P
කමක් නෑ කමක් නෑ.. "variety is food of life" කියනවනේ පලමු වර්ෂ පූර්ණය වෙනුවෙන් නේ.

Thilina said...

@සහන්

හෙහෙ.. එහෙම තමයි හැමදාම එකම විදියට ඉන්න බෑනේ.. :P

Post a Comment