About

Sunday, March 21, 2010

මුද්දර

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල නං බ්ලොග් ලියවෙනවත් අඩුයි කියලා පරණ තැටියම දාලා අදත් පෝස්ට් එක පටන් ගන්නංකෝ. garupale හික්.., ඉතින් මේ ළඟදී දවසක කාමරේ තිබ්බ පරණ පොත් ගොඩක් එහාට මෙහාට කරනකොට ඉස්කෝලෙ යන කාළේ ආසාවෙන් තියාගෙන හිටපු දෙයක් හම්බවුනා. ඒ තමයි මගේ මුද්දර එකතු කරපු පොත. හැමොම වගේ මේ මුද්දර එකතු කිරීම කරලා ඇති. ඉස්කොලේ 6 - 7 වසර වලදී තමයි මේ මුද්දර එකතු කිරීමේ උණ ගොඩක් උත්සන්න වුනේ. හැමෝටම ඕනේ වුනේ අනිත් එකාගේ මුද්දර පොතේ තියෙන මුද්දර ගානට වඩා වැඩි මුද්දර ගානක් තමන්ගේ ‍මුද්දර පොතේ තියෙනවා දකින්නයි. එකම වර්ගයෙන් වැඩිපුර මුද්දර තියෙනවා නං එවා වෙන මුද්දරත් එක්ක හුවමාරු කරගැනීමත්. මුද්දර සල්ලි වලට විකිණිමත් ජයටම කෙරුණා garupale. ඉතින් ඔහොම එකතු කරපු මුද්දර 300 - 400 කි විතර අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. 8 - 9 වසරට එනකොට මුද්දර එකතු කිරීම අමතක වෙලාම ගියා. අපේ ඉස්කෝලේ නං මුද්දර එකතු කරන්නන්ගේ සංගමය කියලා එකකුත් තිබ්බා වගේ යාන්තමට මතකයි.

මට වැඩ්පුරම ඕනෙ වුනේ Ceylon කියලා ගහපු මුද්දර එකතු කරන්න. ඒත් මට Ceylon කියලා ගහපු මුද්දර ලැබුනේ අත් දෙකේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්. මේ තියෙන්නේ ‍මගේ මුද්දර පොතේ පිටුවක්.


මේ මුද්දර දෙක තමයි මං ගාව තියෙන වටිනම මුද්දර දෙක. මම දන්න හැටියට ඔය රතු පාට Tapping Rubber මුද්දරය ලංකාවේ පළවෙනියට ගසක පින්තූරයක් දාලා හදපු මුද්දරය. (මම වැරදි නං නිවැරදි කරන්න)


අපි exercise පොතක මේ මුද්දර ඇලෙව්වට මේකටම විශේෂයෙන් හදපු පොත් තියෙනවා. මෙතන කොටන්නකෝ වැඩි විස්තර වලට. ebay එකෙන් නං මේ stockbooks මිලදී ගන්න පුළුවන් garupale. පුළුවන් වුනු කාලෙක stockbook එකක් අරගෙන මේ මුද්දර ටික එකට දාන්න ඕනේ..

මුද්දර එකතු කිරීම ගැන වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.

10 comments:

සසීන්ද්‍ර වීරසිංහ said...

මටත් ඔය පිස්සුව තිබුණ කාලයක්, අපෙ අම්ම මට තවත් ඔය මුද්දර පොත් දැක්කහම බනිනව ඒ දවස්වල අම්මට දීපු වද වල හැටියට.... :D

බිඟූ said...

මගේ නෝනාගේත් තියෙනවා ඔහොම පොත් ගොන්නක්...

/බිඟුවා...!

Kanishka said...

මගෙ ගාවත් අර ව‍ටිනා කියන මුද්දර නම් තිබ්බ :)

Thilina said...

@සසීන්ද්‍ර වීරසිංහ

හික් හික්.. මමත් කන්න තියෙන සල්ලි වියදම් කරලා මුද්දර අරන් තියෙනවා :P


@බිඟුවා...!

අහන්නත් සතුටුයි :)


@Kanishka | කණියා

ආ.. එළනේ :)

කතන්දර Kathandara said...

ඔතන 2 වෙනියට තියෙන්නේ අර ධරම චක්‍රයක් එක්ක, ඒක තමයි ධර්මිෂ්ඨ සමාජයේ මුද්දරේ.

ඔය ගැන තමයි මං මෙන්න මේ කතාව ලිව්වේඃ
http://kathandara.blogspot.com/2010/01/blog-post_28.html

කතන්දරකාරයා

ඇනියා said...

ඔය වටිනවා කියලා ඔයා දාලා තියන මුද්දර දෙක කොච්චර විතර වටිනවද? මොකද මං ගාවත් ඔය දෙක තියනවා විකුනගන්නවත් බැරියැ

Thilina said...

@කතන්දර කාරයා

මුද්දරේ පිටිපස්සෙ තියෙන කතාව දැක්කේ දැන්.


@ඇනියා

හෙහෙ.. ebay එකට දාලා බලන්න :D

Buddhi said...

අපේ තාත්තා​ ඉස්සර තැපැල් ස්ථානාධිපති කෙනෙක්. ඒත් මට මුද්දර වල​ට ආසා හිතුනෙ නැති එකනේ පුදුමෙ. මං ගාව එක මුද්දර පොතක් වත් නෑ. හැබැයි අපේ තාත්ත නං අලුතෙන් මුද්දරයක් ආපු ගමන් සල්ලි දාලා අරං සීල් නැති මුද්දර පොතක් හදලා තිබුනා. :D

said...

මටත් ඉස්සර ඔය පිස්සුව තිබ්බ, දැන් නම් නැහැ. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා විසාල එකතුවක් ඒක දැක්කම පිස්සු හැදෙනවා. සීල් ගහලා නැති මුද්දර වලට වඩා සීල් තියෙන ඒවාලු වටින්නේ. අනික අපි පොත්වල මුද්දර අලවන්නේත් ලියුම් කවරේ අලවන විදිහට එහෙම නෙමෙයිලු හරි විදිහ පොඩි කොල තීරුවක් දෙකට නමලා ඒකෙන් මුද්දරේ පොතේ අලවන එකලු.
ඔය කඳාන පැත්තේ තිබ්බ පිනිබිඳු කියලා මුද්දර සංගමේකට මාත් බැඳිලා හිටියා ඒ කාලේ

Thilina said...

@බුද්ධි

අපරාදේ එකතු කළා නං හොඳ එකතුවක් හදාගන්න තිබ්බා


@ම

මටත් තිබ්බ මේ මුද්දර පිස්සුව දැන් ‍හොඳ වෙලා :)

Post a Comment