About

Thursday, January 14, 2010

තාමත් ටයිප් කරන්නේ අඟලි දෙකෙන්ද?

කස්ටිය කොහොමද ඉතින්..? සතියකට විතර පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නෙ. හේතුව තමයි ලියන්න දෙයක් නෑ..bising හරි කතාවට එමුකෝ.. ‍දැකලා තියෙනවද ගොඩක් කස්ටිය ටයිප් කරන්නේ තනි ඇඟිල්ලෙන් නැත්නං ඇඟිලි දෙකෙන් garupale. ඉතින් A4 කොලයක් එහෙම ටයිප් කරන්න දවසක්ම යනවා. හැමදාම ඇඟලි දෙකෙන් ටයිප් කරලා දියුණුවෙන්න බෑනේ. ඒ නිසා මේ ටයිපින් පුරුදු වුනොත් හොඳයි. ඇඟිලි 10 ම ‍භාවිතා කරලා ටයිප් කරනකොට ඇත්තටම පහසුයි. ගොඩක් ඉක්මනින් ටයිප් කරන්නත් පුළුවන්. A4 කොලයක් ටයිප් කරන්න ගතවෙන්න ඉතාම අඩු කාලයක්. ගොඩක් අයට මේ ගැන එච්චර උනන්දුවක් ඕනෑකමක් නෑ. ඕක පස්සේ බැරියැ කියලා ඉන්නවා. එතකොට කවදාවත් පුරුදු වෙන්නෙ නෑ.

මමත් මෑතක් වෙනකම්ම ටයිප් කලේ ඇඟලි දෙකෙන් තමා garupale. සමහර වෙලාවට අකුරක් හොයා ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. . පස්සේ යාළුවෙක් Typing Master ගෙනත් දුන්නා. එච්චරලොකු ආසාවක් නැති වුනත් ටික ටික ඒක පුරුදු වුනා. ඒත් ඒක trial එකක් නිසා "C" පුරුදු වෙන තැන ඉඳලාද කොහොද වැඩ කලේ නෑ. ඉතින් ඒක එහෙම්මම අමතක වෙලා ගියා. Network ඉගෙන ගන්න ගියාම ඉක්මනට කමාන්ඩ් කොටන්න ටයිපින් ඕනෙ වුනා. පස්සේ අයෙත් එක එක ටයිපින් software පාවිච්චි කරලා අන්තිමට Typing Master crack එකක නතර වුනා garupale. අර මුලදී පාවිච්චි කරපු නිසාද මන්දා මට Typing Master එක විතරයි අල්ලලා ගියේ. කොහෙම හරි දැන් නං මට අඟලි 10 ම දාලා ටයිප් කරන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට වරදිනවා එච්චරම ලොකු වේගයකුත් නෑ.

ඉතින් කස්ටියත් ටයිපින් පුරුදු වෙන්න ඕනේ නං ඇඟලි ටික හරි තැන්වල තියාගෙන Keyboard එක දිගා නොබලා ටයිප් කරන්න. මුලදී නං එපාම වෙයි. එත් දන්නෙම නැතුව පුරුදු වෙනවා. Typing Software වලිනුත් සෑහෙන උදව්වක් ගන්න පුළුවන්. Windows, Mac, Linux තුනටම හොඳ Free Software තියෙනවා. ඉතින් පරක්කු නොකර අද ඉඳලාම වැඩේ පටන් ගන්න.

මෙන්න Typing Software ලිස්ට් එකක්ම තියෙනවා. Free ඒවා වගේම සල්ලි දීලා ගන්න ඕනේ ඒවාත් තියෙනවා ඕනේ එකක් තෝරා ගන්න.

18 comments:

දුකා said...

thankooo thankooo . .. maaath taama agili 2n tama typing hiks . ..

වැප් said...

කිව්වට ඇස් වහ කටවහ නැහැ, මට ඇගිලි 10 යම යොදගෙන ඉංගිරිසි හා යුනිකොඩි කියන දෙකම හොදට ටයිප් කරන්න පුලුවන්. කි බොර්ඩි එක නොබලා

දුකා said...

wap ela kollekne . .

වැප් said...

@දුකා
තැන්කියු වෙවා....

Januka said...

තැන්ක්යූ වේවා.. මේ සෙට් එකෙන් හොඳම එක මොකක්ද ?

Anonymous said...

මම කාලයක් පුරුදු වෙන්න ට්‍රයි කලා. ඒත් හරි ගියෙ නෑ. තාම ඉතින් ඇඟිලි 2 තමා... :(

LG said...

මතක් කරපු එක හොදයි..

ආපහු ට්‍රයි එකක් දීලා බලන්න ඕන ඉගෙන ගන්න ;-)

Thilina said...

@දුකා

හික් හික්..., ඉක්මනට පුරුදු වෙමු...


@වැප්

නියමයිනේ.., :) මට නං සිංහල ටයිප් කරනකොට නං තාම පොඩ්ඩක් අප්සැට්


@ජනුක

Free නං KeyBlaze Typing Tutor ටිකක් හොඳයි., නැත්නං Typing Master හොරකොපි තමා.. :P


@indik

අද ඉඳන් පුරුදු වෙමු.. එච්චර අමාරු නෑ.


@LG

එළ එළ.., අද ඉඳන්ම කීබෝඩ් එක නොබලා ටයිප් කරන්න.

Sujeewa de Silva said...

ස්තුතියි, මල්ලි. මේක අපි ‍වගේ අයට ලොකු උදව්වක්. මම list එකේ මුල්ම එක බාගෙන දැනටමත් වැඩ පටන් ගත්තා.

nadeera said...

මම නම් හැමදාම පාවිව්චි කලේ කෝ කෝ ටපියින් සිස්ටම් අකුර කොහෙද කියලා හැම තැනම හොයනවා උත්සාහ කරලා බලන්න :-)

Kanishka said...

මම නම් ඇඟිලි 4ක් විතර පාවිච්චි කරනව :P

Thilina said...

@Sujeewa de Silva

නියමයි අයියේ.., ඉක්මනටම පුරුදු වෙයි..,


@nadeera

මම නං පාවිච්චි කරලා නෑ


@Kanishka | කණියා

4 නං මදි.., :P අඟිලි 10 ම පාවිච්චි කරමු.

Ishan said...

මාත් ඇගිලි 2න් තමා

ට්‍රයි කරලා බලන්න ඕන

Thilina said...

@Ishan

එළ එළ..,

Thameera said...

මම පුරුදු වුණේ ඔය ලිස්ට් එකේ තියෙන Bruce's Unusual Typing Wizard එකෙන්. බොහොම සරල විදියට තියෙන්නෙ. පුරුදුවුණාම විනාඩියට වචන 70කට වැඩිය ගහන්න පුළුවන්.

Thilina said...

@තමීර

හෆෝයි.., විනාඩියකට 70 ක්.., මට නං එච්චර වේගයක් නෑ

GNS said...

මම නම් Type කරන්නෙ ඇඟිලි 9න්.. හේතුව දන්නෝ දනිති.. :X

Thilina said...

@ගයන්ත

??? :O

Post a Comment