About

Saturday, January 23, 2010

2009 දී අන්තර්ජාලය

කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි සෑහෙන දවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ.. මේ දවස් වල වැඩ වැඩ වැඩ.. bising අනෙක ලියන්න දේකුත් නෑ. මේ දවස් වල ඡන්දෙනේ.. ඉතින් ඡන්ද ඇඩ් දාන්නෙත් නෙට් එකේ youtube ගියත් වෙන සයිට් එකකට ගියත් ඡන්ද ඇඩ්. ඉතින් නෙට් එක අපිට කොච්චර සමීපද කියලා හිතෙනවා ඉතින් පහුගිය 2009 අවුරුද්දෙ අන්තර්ජාලය කොහොමද තිබුනේ කියලා බැලුවොත් ඇත්තටම පුදුම හිතෙනවා.

පහුගිය අවුරුද්දේ බිලියන 1.4 ක කස්ටියක් විසින් emails ට්‍රිලියන 90 (90 trillion) ක් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ දවසකට emails බිලියන 247 ක් විතර හුවමාරු වෙනවා. මේ emails වලින් 81% ක්ම ස්පෑම්.. garupale කොච්චර bandwidth එකක් නාස්ති කරලා තියෙනවාද කියලා හිතලා බලන්න bising. ඒවගේම 2009 දී අළුත් email user ලා මිලියන 100 ක් අන්තර්ජාලට එකතු වෙලා තියෙනවා.

web sites ගැන කතා කළොත් මිලියන 243 ක වෙබ් සයිට් ප්‍රමාණයක් 2009 දෙසැම්බර් වෙනකොට තිබිලා තියෙනවා. 2009 දී අළුත් වෙබි සයිට් මිලියන 47 ක් පමණ අන්තර්ජාලයට එකතු වෙලා. මිලියන 126 ක blog සයිට් ප්‍රමාණයකුත් අන්තර්ජාලයේ තියෙනවා. Domain Names ගැන බැලුවොත් මිලියන 81.8 ක .com Domains සහ මිලියන 76.3 ක country code top-level domains (අර .lk වගේ ඩොමේන්ස් garupale) 2009 අන්තිම වෙනකොට අන්තර්ජාලයේ තිබිලා තියෙනවා.

අන්තර්ජාලය භාවිතා කරන පිරිස බැලුවොත් බිලියන 1.7 ක පිරිසක් 2009 සැප්තැම්බර් වෙනකොට අන්තර්ජාලට භාවිතා කරනවා. 42% ක වැඩිම පිරිසක් සිටින්නේ ආසියාවේ.

ලංකාවේ සිටින හොර ISP ලා 2010 අවුරුද්දේ දී වත් වඩා හොඳ සේවයක් සැපයුවොත් අපිට තවත් අන්තර්ජාලයෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි

වැඩි විස්තර බලන්න මෙතන කොටන්න

7 comments:

Kanishka said...

හික් හික් :D සාධාරණය ඉටුවන තෙක් අපි බලා සිටිමු :D

Sujeewa de Silva said...

බොහොම ස්තුතියි මේ තොරතුරුවලට සහ link එකට.

Thilina said...

@Kanishka | කණියා

ඒත් කවදා සාධාරණයක් ඉටුවෙයිද කියලා හිතාගන්න අමාරුයි :(


@Sujeewa de Silva

එළ එළ.. :)

Anonymous said...

තෑන්ක්ස් වේවා නිව්ස් එකට!!!
2010 දි SLT ADSL unlimited එකේ ගාස්තුව 1000ක් කලොත් පින්සිද්ද වෙනවා!!!

Thilina said...

@Chinthana Jayaweera

ADSL ගාන අඩු කිරීම කෙසේ වෙතත් පුළුවන් නං තව කීයක් හරි වැඩිනං කරයි :P

said...

ඔය ඉස්පෑම් කාරයෝ අල්ලලා ගස් බඳින්න තියෙන්නේ

Thilina said...

@ම

හික් හික්.. ඔව්, ගස් බඳින්න ඕනේ තමා, නිකං බොරුවට bandwidth කනවට :D

Post a Comment