About

Sunday, December 6, 2009

e Asia බැලීමට ගියෙමි

කස්ටිය කොහොමද ඉතින්..? පහුගිය දවස් ටිකේ BMICH එකේ e Asia තිබ්බනේ. දෙසැම්බර් 2 ඉඳලා 4 වෙනිදා වෙනකම් තමයි තිබුනේ. මමත් ගියා ඉතින් ඕක බලන්න. තනියෙම යන්න කම්මැලි නිසා යාළුමාළුවෙකුත් ඇඳගෙන යන්න හිටියත් එකෙක්වත් ආවෙ නැති නිසා මම තනියෙන්ම ගියා. ඒත් BMICH එක හොයා ගන්න බැරිව පැයක් විතර ඇවිදලා අන්තිමට ත්‍රීවීලර් එකකටත් රු 220 ක් පූජා කරලා යාන්තං BMICH එකට ගියා penat.


ඇතුල් වෙන තැනම අප්සැට් කණ්නාඩි වගයක් හයිකරලා තිබ්බා. ඒ කණ්නාඩි වලින් මාව පේනකොට මටම හිනා යනවා sengihnampakgigi. කොහොමහරි ඇතුලටත් ගියා කියමුකෝ e Asia 2009 කියලා ලොකුවට ගහලා තියෙනවා. එක එක උන් එතන ඉස්සරහට වෙලා ෆොටො ගන්නවා. මේ තියෙන්නේ එතන් ෆොටෝ එකක්.


එතනින් ඇතුලට ගියාම දවසක්ම බලන්න දේවල් තියෙනවා. මතක හැටියට ඉස්සෙල්ලාම තිබ්බෙ SLT එකේ stall එකක් . තමා. ලස්සන අක්කලා ඉන්නවා jelir. SLT එකේ වැඩගැන දන්නා නිසා එතන අක්කලා ටික බලලා මාරු වුනා. පස්සේ ඉතින් වටේම ඇවිද්දා. Asus stall එකේ කොම්පියුටර් ටිකක් අල්ලගෙන කස්ටිය ගේම් ප්ලේ කරනවා. එතනත් ටිකක් බලාගෙන ඉඳලා. ටෙක්කතා stall එක හෙව්වා. ඒ හොයන අතරේ මෙන්න බොලේ ඔරිජිනල් මැක් එකක් තියෙනවා. පටස් ගාලා එතනට සෙට් වුනා. මගේ ජීවිතේ පළවෙනි පාරට ඇත්තම මැක් එකක් දැක බලා ගත්තා. දැක්කට විතරක් මදි පොඩ්ඩක් අතපත ගාලා බලන්නත් එපා යැ jelir. යාන්තං ක්ලික් දෙකතුනක් කලා.


එතනිනුත් මාරුවෙලා පොඩ්ඩක් එහාට මෙහාට යනකොට ටෙක්කතා + සිංහල bloggers stall එක හම්බවුනා senyum. කාලිංග අයියා සහ මලින්ත විතරයි එතන හිටියේ. මම යනකොට එතන කොල්ලො සෙට් එකක් පිරිලා. යාන්තං වචනයක් දෙකක් කතා කරලා එතනිනුත් මාරු වුනා. පස්සේ ගියා samsung stall එකට. මෙන්න බොල් එතන Samsung LED TV (LED-backlit LCD TV) තියෙනවා. TV එක නිකං පත්තර කොළයක් වගේ. හිතාගන්න බැරි තරම් හීනියි. සේරම stall වලට ගිහිල්ලා බලලා BMICH එකෙන් එළියට එනකොට හවස 4 ට විතර ඇති. කොටුවේ ඉඳලා වත්තල පහුවෙනකම්ම ට්‍රැෆික් marah. හෆෝයි.. එපාම වුනා. 6 ට විතර යාන්තං ගෙදරට ආවා.

10 comments:

jnuwan said...

cooooooool

දුකා said...

ela . . ayeth kawadada oka tiyenne???

Gayan Tharaka said...

මැක් එකේ රයිට් ක්ලික් කරන්න එහෙම හම්බුනේ නැද්ද?

Prabath Chaminda said...

ලංකාවේ මැක් කොයි තරම් අඩුද? ඔයාගේ පෝස්ට් එක දැක්කම මට එහෙම හිතුනා.

Priyankara Perera said...

@ ගයාන්,
සීරාවටම මමත් රයීට් ක්ලික් කරන්න මාර ගේමක් දුන්නා , එත් වෑඩ නෑහෑ ! ඈයී ඒ ?

Thilina said...

@jnuwan

:)


@දුකා

සමහර විට ලබන අවුරුද්දේ වෙන්න ඇති. හරියටම දන්නෙ නෑ


@ගයාන් තාරක

රයිට් ක්ලික් කළෙ නෑනේ :P


@Prabath

ඇත්තෙන්ම. නියම මැක් එකක් ඇහැට දැක්කෙත් එදා. මැක් එක උස්සාගෙන එන්න හිතෙනවා :D


@Priyankara Perera

:P

Uraj Deemantha said...

Win7 download link එක දුන්නට පට්ට තැන්ක්ස් මචෝ..... :) කලින් කියන්න එපායේ..... E Asia කවදද ආවේ.....?? Sinhala Bloggers එකට එහා පැත්තේ මමත් හිටියා හික් හික්...... :D ElaKiri stall එකේ.....!! :)

Thilina said...

@Uraj Deemantha

එළ එළ... :) මම නං 4 වෙනිදා තමයි e Asia බලන්න ගියේ. මම දැක්කා ElaKiri stall එක තියෙනවා. කවුද දන්නේ Uraj අයියා ඉන්නව කියලා :o

dmat1992 said...

මාත් ඕක බලන්න ගියා තව බූරුවො දෙන්නෙක් එක්ක.2012 බලල ඕක බලන්න ගිය නිසා වටින් ගොඩින් බලල එලියට ආව.ලබන අවුරුද්දෙ ඕක තියෙන්නෙ ඉන්දියාවෙ.කස්ටිය යනව නම් යං..හික්ස්....:D

Thilina said...

@dmat1992

කස්ටිය සෙට් වෙලා කීය කීය හරි එකතු කරා නං යන්න තිබ්බා. හික් හික්... :P

Post a Comment