About

Thursday, December 10, 2009

Broadband බදු

කස්ටිය කොහොමද ඉතින්...? Broadband.., ලංකාවේ ජනප්‍ර්‍රිය මාතෘකාවක්නේ.. ඉතින් අද ලංකාවේ හැම දේටම බදු ගහනවා වගේ මේකත් බද්දක් කියලා එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. ගොඩක් අය මේ tax එක ගැන උනන්දු නෑ. අඩුවට Broadband දෙනවා නං tax එක ගැන නොහිතා agreement එකකටත් යටත් වෙලා connection එක ගන්නවා. පස්සේ බිල ආවාම තමයි tax එක මතක් වෙන්නේ.

ගොඩක් අය පාවිච්චි කරන්නේ ADSL, WiMax නිසා ඒකට තියෙන tax එක මුලින්ම බලමු. ADSL Home (512kbps Unlimited) එකේ ගාස්තුව රු 1600 ‍ක් වෙනවා. මේකට tax එක ලෙස VAT 12.37% ක් හා NBT 3.09% ක් එකතු වෙනවා සම්පූර්ණ tax එක 15.46% ක් වෙනවා. එතකොට රු 1600 සියළුම tax සමඟ රු 1847.36 ක් වෙනවා. මේ විදියට රු 1750 ක Dialog WiMax Home (512kbps Unlimited) ගාස්තුව tax සමඟ 2020.55 ක්. රු 2000 ක Bell WiMax (512kbps Unlimited) tax එක්ක රු 2309.20 ක් වෙනවා. ගාන අඩුවට තිබ්බ‍ට tax එකතු වුනාම කෝමද ගාන ?

ඊලඟට Mobile Broadband.., Mobile Broadband අඩුයි අඩුයි කියලා දුන්නට මේකේ සම්පූර්ණ tax එක 31.31% ක් nangih. රු 890 ක Mobitel 4GB පැකේජය සඳහා tax සමඟ රු 1168.66 ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ගිගාබයිට් එකක් රු 292 කටත් වඩා වැඩියි hah. රු 1290 ක Mobitel 8GB පැකේජයට tax සමඟ 1694 ක් පමණ වෙනවා. Broadband සඳහා අය කරන tax එක වගේ දෙගුණයක් Mobile brodband සඳහා අය කරනවා. බැලූ බැලුමට අසාධාරණයි.

‍ඒත් මෙහෙම අලි බිලක් හා විශාල tax එකක් අරගෙන ලබලා දෙන සේවය ගැන නං කියන්න වචන නෑmarah. ඒක කොයි ISP ටත් එකයි. ඉතින් Broadband connection එකක් ගන්නවා නං පොඩ්ඩක් tax එක ගැනත් හිතලා බලන්න

18 comments:

Anonymous said...

ඩයලොග් ස්ටුඩන්ට් පැකේජයට මාසයට බදු සමඟ 1956.96 පමණ අයවේ

laks said...

Athha... ung maha horu thamii we need to get together and complain this to TRC.. i mean hi tax.. bad service...

Supun Sudaraka said...

සිරා!
මම මේ comment කරනකොට මේ ලිපිය කියවලා නැහැ. මාතෘකාව දැක්ක ගමන්ම comment කරන්න හිතුනේ මේක කතාවෙන්න වටින සිරා මාතෘකාවක් නිසා. කතාව පටන්ගත්තාට ‍‍බොහොම ස්තූතියි...

Thilina said...

@Anonymous

හ්ම්... කැම්පස් කාරයෙක් අල්ලලා ගත්තොත් ඔය ගානෙන් බේරෙන්න පුළුවන්. නැත්නං රු 3926.16 ක්‍ වෙනවා. කෝමද?


@laks

TRC එකට complain කරන එක තමා කරන්න පුළුවන්. එත් වැඩක් වෙයිද කියලා සැකයි


@Supun Sudaraka

ඔන්න පටාන් ගත්තා. දැන් කස්ටියම ‍එකතු වෙලා මේ BB බදු ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්

සහන් සටහන් said...

ඔක්කොම කුනු බේරුවල් බොක්කට වගේ අපිටම තමා ඔක්කොම

Anonymous said...

එතකොට බද්ද ගහල සේවෙ කන්නෙ මොන රටේද?
එංගලන්තෙ...එංගලන්තෙ...
නිතර නිතර service එක down වෙන්නෙ මොන රටේද?
එංගලන්තෙ... එංගලන්තෙ...
හැබයි එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපේ සෑවිස් එකෙ කිසි අඩුවක් නෑ....

Anonymous said...

Mobile Broadband වලට ඉහළින් සැලකීම ගැන ( බද්දත් වැඩි කිරීමෙන් පෙනෙයි)අඬන්න බැරී නිසා හිනා වෙමු!

Thilina said...

@සහන්

ඒක තමා බන්.., අපිටමයි වෙන්නේ :(


@නුවන් චින්තක

ඔව් ඔව්.., එංගලන්තෙ වගේ චාටර් සර්විස් නෑ මෙහෙ :P

අඩුගානේ postpaid Mobile BB වල වත් tax එක ටිකක් අඩු කලොත්.....

බිඟූ said...

බලන්න දෙයක් නෑ මචං. හොඳම දේ නොගෙන ඉන්න එකයි.
ලංකාවේ කොහෙද හොර ගැහිලි නැත්තේ?
/නිශාන්ත

said...

මක් කොරන්නද බන් ටැක්ස් කියලා නොගෙන ඉන්නත් බැහැනේ

Thilina said...

@නිශාන්ත අනුරුද්ධ

ඒත් BB නොගෙන ඉඳලා කොහොමද? කිරි හින්ඳා අහක දාන්නත් බෑ උණු හින්ඳා බොන්නත් බෑ.


@ම

ඒකනේ. බැන බැන වත් පාවිචිචි කරන්න වෙනවා. ලබා උපන් හැටි තමා. :D

Narada said...

ඕහ්, Tax ගැහුවා කියලා කමක් නෑ. ඒත් සේවාව හරි නිසි ලෙසට බදු අය කරන ක්‍රමයක් තිබ්බා නම්? ඒ දෙකම නෑ නෙව. අන්තිමට අපෙන් හුල්ලා කන උන්ට වාසියි වගේම උන්ට මේක කජ්ජකුත් නෙමේ.

*****

මෙහේ ඔය දෙකම තිබ්බට රූපවාහිනි සේවා ගැන බදූ අවුලක් තියෙනවා. මෙහේ රූපවාහිනි සේවා Cable හෝ Satline වලින් දෙන්නේ, ඒවාත් පැකේජ විදිහට. ඒ ඔක්කෝටම නොමිලේ සේවා සපයන රූපවාහිනි සේවා නොමිලේම දුන්නා (Canadian National Channels). ලබන අවුරුද්දේ මේවායේ පැවැත්ම සඳහා බදු අය කරන්න ඉන්නේ. ඒකට ටTV Channel Prividers හා ඇතැම් නරඹන්නන් විරෝධය පානවා, පෙත්සම් ගහනවා, දැන්වීම් දානවා. National Channels වගේම ඒවායේ ඇතැම් නරඹන්නනුත් ඊට හේතු දක්වලා පාක්ෂිකබව පෙන්වනවා. ඉතිං මේ බදූ දැමීම නොදැමීම ගැන තීර්ණ ගැනීම කල් ගියා.


අපේ එහෙමවත් වෙයිද අප්පා?

Thilina said...

@~බිன்ku~

ඔව්.., සේවාව වත් හරියට දෙනවා නං හිතට දුක නෑ. හෙට ලංකාවේ BB වල‍ට තව 10% ක tax එකක් ගහන්න වුනත් අපේ අයියලා දෙපාරක් හිතන්නෙ නෑ. මෙහෙදී කොච්චර පෙස්සම් ගැහුවත් ඒවා නිකම්ම කුණු කූඩෙට තමා යන්නේ.

පැතා said...

කවදත් adsl එල තමා

Thilina said...

@පැතා

ඕව් Adsl home පැකේජය නං එච්චරම අවුලක් නෑ. ඒත් අර 1GB පැකේජය නං අන්තිම අසාධාරණයි.

C0dE | කෝඩ් said...

අපි ඉතින් කවදත් ADSL පාවිච්චි කරන්නේ. ඒක හන්දා ගොඩ නැතිනම් අපිටත් කෙලවෙනවා.

Kolama said...

මම පාවිච්චි කරන්නේ 490 (1.5 GB) මොබිටෙල් එම්3 එක. මම මෙච්චර දවසක් හිතන් හිටියේ ඒක ලාබයි කියල :D . ඒත් එකේ මුලු ගාන 643.45 ක් වෙනවා. එතකොට මට එක ගිගාබයිට් එකකට 429 ක් ගෙවන්න වෙලා... :O

Thilina said...

@C0dE | කෝඩ්

මට කොයින්ද එච්චර වාසනාවක් Adsl පාවිච්චි කරන්න.


@Kolama


හෆෝයි රු 429කට 1GB..., අහන්නත් දුකයි. අර උපහාර පැකේජයට මාරු වෙන්න බලන්න ඒක මීට වඩා ටිකක් ලාබයි.

Post a Comment