About

Friday, December 25, 2009

මැච්/ඇඩ් බැලීම සහ නත්තල

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න දවස් 10 කට විතර පස්සෙ තමයි ආයෙත් ලියන්න ලැබුණේ xpasti. පහුගිය 19 වෙනිදා SBU හමුවීම තිබ්බනේ, ඒකටත් යන්න බැරි වුනා nangih. මොනව කරන්නද? ලබන පාරවත් යන්න ඕනේ. වැ‍ඩේ නං හොඳට නැඟලා ගියා කියලයි ආරංචි.

ඉතින් අද නත්තල්, ඉතින් ඉස්සෙල්ලාම සියළුම දෙනාට සුභ නත්තලක් කියනවා . දැන් අවුරුදු ගාණක් තිස්සේ අපේ A/L class එකේ යාළුවෙක් හැම නත්තල් දවසෙම අපිට පාටියක් දෙනවා. අවාසනාවට මේ අවුරුද්දෙ දි මිනිහා රට ගිහිල්ලා. ඒ නිසා මේදා පාර නත්තලට නෝ පාටි sedih .

මේ දවස් වල ශ්‍රී ලංකා, ඉන්දියා මැච් එකක් යනවනේ, වාර්තා තියමින් මැචි එක නැගලා යනවා. (අපේ කස්ටිය නං ඊයෙත් පරාද වුනා nangih) ලංකාව ඇතුලෙ තරඟයේ විකාශන අයිතිය තියෙන්නෙ channel eye නාලිකාවටනේ. ඒත් මැච් එක අතර තුර දාන ඇඩ් කෑලි නිසා මැච් එක බැලීමත් එපා වෙනවා marah. overs එකක් ඉවර වුනාට පස්සේ ඇඩ් දාන එකට අමතරව අර ලකුණු පුවරුවටත් උඩින් ඇඩ් දාන එක නං අනිතිම සවුත්තු වැඩක් කියලයි හිතෙන්නේ. අපි හිතමු අළුත් Bowler කෙනෙක් ආවා කියලා, ඉතින් මෙන්න මෑන්ස්ගේ Best bowling, Wickets ‍වගේ දේවල් කියලා දාන පොඩි විස්තරයට උඩිනුත් ඇඩි එකක් දානවා. ඉතින් අපිට අර Bowler ගැන කිසිම තොරතුරක් දන්නෙ නෑ. හරියටම අර Bowler ගැන දාපු විස්තරෙ අයින් කලාම ඇඩ් එකත් ඉවර වෙනවා. ඒ වෙලාවට ඉතින් හොඳ ඒවා මතක් වෙනවා ketukmeje. මොනව කරන්නද සල්ලි දීලා චැනල් ගන්න වත්කමක් නැති නිසා, මේක ලංකාව කියලා හිත හදාන්න තමයි වෙන්නෙ.

10 comments:

Supun Sudaraka said...

මේකට විරුද්ධව මුකුත් කරන්න බැරිද මන්ද... හැබැයි ඉතින් ඊට වඩා හොඳයි නිකන් ඉන්න එක. ලංකාවෙ මීඩියා වලට හරියට පාලනය කරගන්න පුලුවන් තාක්ෂණේ තිබුනාට. ඒ අයට ඒක හරියට කරගන්න බැරි එකයි ලොකුම අවුල. වෙනරටක චැනල් එකක එපා වෙන්න ඇඩ්දැම්මත්... ඒ අය 90%ක් දුරට ක්‍රිකට් මැච් එක විඳින්න දෙනව.

ඒකට අපේ ලංකාව!

Malith said...

දැන් ලංකාවෙ හුගක් අයට ඔය රජයේ චැනල් බලන එක එපාවෙලා තියෙන්නේ, එත් ඉතින් අකමැත්තෙන් හ‍රි මැච්එක බලන්න තියෙන අසාවට බලනව , අඩුම ත‍රමේ මැච් එකේ යන හැම ඔවර් එකකටව‍රක් අඩ්දාන එවුන්ගේ අහිංසක දෙමව්පියන්ටයි නැදැයන්ටයි බනින්න සිද්ධ වෙනව.
මම හිතන්නේ ආන්ඩුවෙන්ම රජයේ නාලිකාවලට පමණක් විකාශන අයිතිය ලබාදුන්න වගේම බලන අයගැනත් හිතන්න ආන්ඩුවට වගකීමක් තියෙනව කියලයි එත් ඉතින එක සිද්දවෙන එකක්නම් නෙවි මොකද රුපවාහිනියට ආන්ඩුව නිසා වෙන පාඩුව ආව‍රනය ක‍රගන්න තියෙන එකම අවසිතාව මැච් එක පෙන්නෑක විත‍රයි

budhajeewa said...

අනිත් එක, ලංකාව ක්‍රිකට් නොගහන හැබැයි බලන අය විතරක් ඉන්න රටක් නම්, අපේ අය හිතාගන්නවා ඕවරේකට බෝල තියෙන්නෙ 5යි කියලා! ඕවරේට බෝල 6ක් තියන බව අපේ අය දන්නෙ මෙහෙ ක්‍රිකට් සාමාන්‍ය දැනීම හොඳ නිසා.

අර යටින් දාන ඇඩ් වලට ඉන්දියන් චැනල් කරන්නේ මැච් එක විකාශනය වෙන කොටස පුන්චි කරලා, දකුණෙනුයි යටිනුයි ඇඩ් පෙන්නන එක. අපේ එවුන්ට කරන්න බැරි කම නෙවේ, ක්‍රීඩකයෙක්ගෙ විස්තර දාලා හැම කෙනාගෙම ඇස් එතනට යනකොට තමයි මුං ඇඩ් එක දාන්නේ!

Thilina said...

@Supun Sudaraka

ඉන්දියානු නාලිකාවක් වන DD national වලත් මේ මැච් එක යනවා. ඒකෙත් ඇඩ් දානවා ඒත් මෙච්චර ජරා විදියට ඇඩ්
දාන්නෙ නෑ.


@Malith

බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ නිසා කිසි දෙයක් කරන්න විදියක් නෑ :(


@Supun Budhajeewa

ඔව්, කොහොමත් ඕවර් එක ඉවර වෙලා ඇඩ් එක දාලා ආයෙත් මැච් එක පටන් ගන්නකොටත් ඊලඟ ඔවරෙන් එක බෝලයක් ගිහිල්ලා ඉවරයි. මම මැච් එක බලන්නේ DD national එකෙන්. ඒත් මේ දවස් වල වැස්සත් වලාකුලු නිසා ඒක හරියට පේන්නෙ නෑ. ඒ නිසා channel eye එකෙන්ම බලන්න වෙලා.

බිඟූ said...

ඔව් මචං...
මටනම් මල පනිනවා ඔය ඇඩ් හින්දා..
මොන මගුලක්ද බං...

/නිශාන්ත

Kanishka said...

හික්.. :D online බලන්න ක්‍රමයක් වත් නැද්ද?

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඕවරේ අන්තිම බෝලෙත් ඊළඟ ඕවරේ පළවෙනි බෝලෙත් දෙකම හරියට බලන්න නෑ. අඟේ ලේ කෝප වෙනවා මැච් බලන්න ගියාම.
මේ series එක බලලා නිකන් හිතේ අමාරුව හදා ගත්තා. අපේ අය කොච්චර හොඳට සෙල්ලම් කලත් ඉන්දියාව ඊට දශම කීපයක් උඩින්. හාරසිය ගානක් ගහලා ලකුණු තුනකින් පරදින කොට ඉතින් එපා වෙනවා. ඊයෙත් එහෙමනේ පස්සෙ ගහන්න අන්තිම අමාරුයි කියපු pitch එකේ ඉන්දියාම 316 ගහලා දිනුවා. ඒකත් ෂෙවාග් තෙන්ඩුල්කාර් දෙන්නම ලකුණු දහයට අඩුවෙන් අවුට් වෙලා.

ශාකුන්තල | Shaakunthala said...

ඕකට හොඳම විසඳුම, ක්‍රිකට් මැච් නොබලා ඉන්න... මේ මං වගේ... :)

Thilina said...

@නිශාන්ත අනුරුද්ධ

සිරාවටම


@Kanishka | කණියා

online බලන්න නං පුළුවන් ඇති. ඒත් ඊලඟ ප්‍රශ්නේ නෙට් එක :(


@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

අනෙත් එක විකට් එකක් ගියාම හරි හදිස්සියේ ඇඩ් එකක් දානව. මොකද වුනේ කියලා වත් බලාගන්න බෑ. මේ series එකේදි නං අපේ Bowlers ලා චාටර් විදියට තමයි ප්ලේ කළේ. සංගාත් හැමතිස්සෙම වගේ කළබල වෙලයි ඉන්නේ.


@ශාකුන්තල

හෆෝයි.., එහෙම කරන්නේ කොහොමද? මැච් එකක් යනවා නං ඉබේම බැලෙනවා. :P

Post a Comment