About

Wednesday, December 2, 2009

මේ දවස්වල ජීවිතේ

කස්ටිය කොහොමද ඉතින්..? මෙකනං පොඩ්ඩක් අල පෝස්ට් එකක් xpasti. ලියන්න හිටියේ වෙන එකක්. ඒත් ලියවුනේ වෙන එකක්. ඒ නිසා එච්චර ගණන් ගන්න එපා kenyit. ඕං දෙසැම්බර් මාසෙත් ආවලු. ඔන්න මේ අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. දැන්නං එන්න එන්න බ්ලොග් ලියන එකත් මඟඇරෙනවා. ගිය මාසෙට පෝස්ට් 6 ද කොහෙද දැම්මෙ. මේක තව ටික දවසකින් මාසෙට එකක් වෙයිද දන්නෙත් නෑ. එහෙම නොවී බ්ලොගය ගැනත් ටිකක් බලන්න ඕනේ. එත් ලියන්න දේවල් නැති එක තමා පුරස්නේ. අනික මොබිටෙලය විසින් පාරිභෝගිකයාට සලකන විදිය දැක්කමත් නෙට් එක පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නෑ marah.

පහුගිය මාසෙම වගේ කස්ටිය උබුන්ටු ගැන ලිව්වනේ. මමත් ඉතින් දාලා තිබ්බ super Ubuntu 9.04 එක අයින් කරලා දැම්මා ubuntu 9.10. super ubuntu 9.10 එනකං බලන් හිටියත් ඒක එන පාටක් නැති නිසා normal ubuntu දැම්මා. පස්සේ දෙයියනේ කියලා Nvidia vga driver එකේ ඉඳලා VLC player දක්වා දේවල් මොබිටලයෙන් බෑවා. දැන් මම මේ බ්ලොග් පොස්ට් එක ලියන්නෙත් උබුන්ටු වල ඉඳලා. මේක තමයි මම උබුන්ටු වල ඉඳලා ලියන පළවෙනි පෝස්ට එක senyum. අනික මේ දවස් වල මගේ ජනේලෙට වෛරස් යාළුවෙක් ඇවිල්ලා sedih. avast එකත් ඔහේ බලාගෙන ඉන්නවා. ඒ නිසා එක අයින් කරගන්නකම් උබුන්ටු වලම ඉන්නවා.

මේ තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් එක. හරී... උබුන්ටු කතා ඉවරයි.

* * *

දෙසැම්බර් මාසෙත් ආපු නිසා ශ්‍රී පාද වන්දනා සමයත් ඇවිල්ලා. මම නං එකපාරක් ශ්‍රී පාද කන්ද නැගලා තියෙනවා, ඒ 2003 දී, ආයෙත් යන්න නං ආසයි කවුරුහරි කස්ටියක් සෙට් වුනොත් යන්න ඕනේ. හැටන් පාරෙන් නං ගිහිල්ලා කිසිම ගතියක් නෑ. යනවා නං යන්න ඔනේ රත්නපුරේ පාරෙන් tanduk. ටිකක් දුෂ්කරයි ඒත් හොඳ අත්දැකීමක්. කවුරුහරි ශ්‍රී පාදේ යන්න ඉන්නවා නං එක පාරක් රත්නපුරේ පාරෙන් ගිහිල්ලා බලන්න. ඒක අමතක නොවෙන ගමනක් වෙයි.

6 comments:

budhajeewa said...

සිරීපාදෙ නං යන්න තිබ්බ නං හොඳයි කියල මටත් හිතෙනවා, ඒක් කොහෙද අෆ්ෆා වෙලාවක්! :O

Januka said...

මමනම් ගිහිල්ලම නැ.. යන්නොන බලන්න.. :)

Narada said...

Ubuntu වුණාට කමක් නෑ කොකටත් Antivirus එකක් දා ගන්න ඒකට, දාලා ස්කෑන් කරලා බලන්නකෝ. ඇතැම්විට ප්‍රශ්ණේ විසදන්න පුළුවං වගේම උබුන්ටුවට පිං සිද්ධ වෙන්න බය නැතිව හිටිය හැකිනේ?

Thilina said...

@Supun Budhajeewa

යමු යමු.. වෙලාව හොයා ගන්න පුළුවන්. දවස් 2 යි යන්නේ :P හැබැයි අපිට රත්නපුරේ පාරෙන් ශ්‍රීපාද කන්ද නගින්න පැය 15 ක් විතර ගියා. බහින්න ඊටත් වඩා වෙලා ගියා. දවස් 2 ක ගමන දවස් 3-4 කට දික් වුනා :D


@ජනුක

හෆෝයි... මේපාරවත් යමු.. නැත්නං වැඩක් නෑ.


@~බිன்ku~

මම kaspersky trial එකක් දැම්මා. එකෙන් වයිරස් යාළුවා අල්ලා ගත්තා. :) දවස් 30 ඉවර වෙනකං ඒක තියාගන්නවා. ඊට පස්සේ වෙන මොනවහරි කරන්න ඕනෙ

Anonymous said...

කොහොමද අයියෙ ඔය වගේ ලස්සන interface එකක් ගන්නේ

මම කරන්නෙ 9.04

පුලුවන්න් නම් mail එකක් දාන්න ස්ටෙප් by ස්ටෙප්
thanx

buddhikainarush@gmail.com

Thilina said...

@Anonymous

මමත් ගොඩක් දේවල් දන්නේ නෑ. ඒත් මම දන්න විදියට කියලා දෙන්නම්. :)

Post a Comment