About

Wednesday, December 30, 2009

2009 ට සමුදීම

කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුව 2009 අවසානයටම ඇවිල්ලා. පහුගිය දවස් ටිකේම හරියට වැඩ තිබුණා. ඒකයි හරිය‍ට බ්ලොග් එක ලියන්නවත් බැරිවුනේ. කරගන්න හිටපු වැඩ කීපයක්ම මඟ හැරුනත් මේ අවුරුද්ද ගොඩක් දුරට සාර්ථක වුනා. මේ අවුරද්දෙ දී මොනවද කළේ කිව්වොත් මේ බ්ලොග් එක පටන් ගත්තා, exam දෙක තුනක් ලිව්වා. ක්ලාස් ගියා, ඕවා තමයි කළේ kenyit.

මේ අවුරුද්දෙ දී මම අන්තර්ජාලයට ඇබ්බැහි වුනා. ඇත්තටම මම හරියටම අන්තර්ජාලෙට සම්බන්ධ වුනේ මේ අවුරුද්දෙ දි කිව්වොත් හරි. මොකද ඊට කලින් මම පාවිච්චි suntel CDMA එකක් penat. ඒ දවස් වල එච්චර නෙට් එන්නෙ නෑ. e mail බලන්නෙත් සතියකට සැරයක් විතර. CDMA එකෙන් නෙට් යන අය හේතුව දන්නවා . මේ අවුරුද්දේ මුල මොබිටෙලය ගැනීමත් එක්ක නෙට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දන්නෙම නැතුව දැන් රු 14000 ක් විතර මොබිටෙලයට පූජා කරලා තියෙනවා gigitjari. Film බාන්නත් ඇබ්බැහි වුනා කිව්වොත් නිවැරදියි. හොඳ වෙලාවට imageshack එක free service නැවැත්තුව නිසා ‍film බාන එක නං මේ වෙනකොට හොඳටම සීමා වෙලා .
‍‍
windows වලට අමතරව උබුන්ටු පාවිච්චි කරන්නත් හුරු වුනේ 2009 දි තමා. මෙච්චර කල් ජනෙල් අල්ලාගෙන ඉඳලා පොඩ්ඩ පොඩ්ඩ හරි උබුන්ටු වලට එන්න පුළුවන් වීම ගැන සතුටුයි. මේ වෙන කොට පොඩි පොඩි වැඩ උබුන්ටු වලින් කරගන්න පුළුවන් senyum. ඔය අස්සේ ගයන්ත නිසා Mac os x පාවිච්චි කරන්න පුළුවන් වුනා. e Asia වලදී ඇත්තම මැක් එකක් අල්ලලා බලන්නත් පුළුවන් වුනා.

පහුගිය 19 වෙනිදා තිබ්බ SBU g2g එ‍කට යන්න බැරිවුනු එක නං සෑහෙන පාඩුවක්. ඒනිසා මේච්චර කල් බ්ලොග් ලියපු, ටුවිටරේ හිටපු යාළුවො කස්ටිය හමුවෙන්න තිබුණු අවස්ථාව මඟහැරුනා nangih.

ගිය සතියෙද කොහොද හෙල්මට් නොදා බයික් එකේ ගියාට ජීවි‍තේ පළවෙනි පාරට දඩේකුත් කන්න වුනා tension. ඒගැන නං කතා කරලා වැඩක් නෑ ආපහු ලියිසොම ගන්න ගිහිල්ලා මාර රස්තියාදුවක් වුනේ marah. ඉතින් ඔහොමලු මම 2009 ගෙව්වෙ. පෝය කියලාවත් නිදහසේ ඉන්න නෑ, හෙට උදේත් ක්ලාස් එකක් තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ අන්තිම පෝස්ට් එක මෙතනින් නවත්තනවා.


සියළුම දෙනාට සුභ අළුත් වසරක් වේවා....!!!

9 comments:

ශාකුන්තල | Shaakunthala said...

එළ එළ... ජනෙල් නැති, මනුස්සකමෙන් පිරි සුභ 2010ක් වේවා බුවෝ!

Anonymous said...

සුබ අළුත් අවුරුද්දක් උඹටත් !!!

Priyankara Perera said...

සුබ අලුත් අවුරුද්දක් මචෝ !

වැප් said...

සුබ අලුත් අවුරැද්දක් වෙවා

කෝලමා said...

මම මේ අවුරුද්දේ (2009) පුරුදු වෙච්ච හොද දේවල් අතරින් එකක් තමයි තොරතුරු තාක්ෂනයට සම්බන්ධ සින්හල බ්ලෝග්ස් කියවන එක. ඒ බ්ලොග්ස් අතරින් මම ඔයාගේ එකේ දැක්ක වෙනස තමයි ඉතාමත් මිත්‍රශීලී විදිහට ඔය ලියන එක.

දිගටම මෙහෙම ලියන්න....

සුහ අලුත් අවුරුද්දක් වේවා ! :D

Thameera said...

ඕන්න එහෙනං බුවාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා!

said...

උඹටත් එසේම වේවා!!!!!!
චියර්ස්!!!!!!

Narada said...

උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මචං!!!

Thilina said...

@ශාකුන්තල

එසේම වේවා..! :)


@.::පිස්සා::.

එසේම වේවා...!


@Priyankara Perera

එසේම වේවා...! මචෝ..


@වැප්

එසේම වේවා...!


@කෝලමා

හෙහෙ.., සුභ අළුත් අවුරුද්දක් වේවා..


@තමීර

එසේම වේවා..!


@ම

වැඩි වැඩියෙන් බොන්න ලැබෙන වසරක් වේවා..! :P


@~බිன்ku~

එසේම වේවා..!

Post a Comment