About

Wednesday, November 25, 2009

Core i9 ගැන පොඩි තොරතුරු ටිකක්

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ Intel ? ලෝකයේ අංක එකේ processor නිෂ්පාදකයා. දැනට ඔවුන් desktop computer සඳහා නිකුත් කරලා තියෙන හොඳම processor එක Core i7 හා Core i5. මේවා සේරම Quad Core processor. ඔන්න දැන් මේ Core i7, Core i5 Quad core processor පැත්තකට දාන්න කාලේ හරි. sengihnampakgigi ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී 6 Core processor වෙළඳපොළට එන්න නියමිතයි. මේ processor එක හඳුන්වන්නේ Core i9 කියලා. මේ Core i9 එක 6 core processor එකක් වුනාට power consumption එක හා උෂ්ණත්වය Core i7 වලට වඩා අඩුයි.


Core i9 වල code name එක Gulftown. නිපදවල තියෙන්නේ 32nm transistor වලින්. 12MB L3 cache memory එකක් හා 3 channel memory controller එකක් මෙහි තියෙනවා. LGA 1366 socket එකකට Core i9 ගැලපෙනවා. මේ සියල්ලත් එක්ක Performance නං Core i7 එකට වඩා හොඳයි. PCLab නම් වෙබ් අඩවියක් Core i9 ES (Engineering Sample) එකකින් review එකක් කර තිබෙනවා. මේ තියෙන්නේ එකෙන් ගත්ත result ටිකක්.


කොහොමද තාක්ෂණයේ දියුණුව ? දවස පුරාම ගේම් play කරන එක්කෙනෙකුට හෝ හඳට රොකට් එකක් යැවීමට ගණන් හඳන ඒකෙනෙකුට නං මේ core i9 හොඳයි sengihnampakgigi .

Full review එකට යාමට මෙතන කොටන්න.

8 comments:

Januka said...

ශාහ්.. එල තමයි.. හැබැයි සල්ලි තමයි අවුල.. මොනවවුනත් එල නිවුස් එක..

Thilina said...

@ජනුක

නිවුස් එක නං එළ තමා. ගාන නං සෑහෙන වැඩි වෙයි බොහෝ විට $ 1000 - $ 1500 ක් වත් වෙයි :(

සහන් සටහන් said...

අපෝයි මම core i7 එකක් ගන්නයි හිටියේ :/ , ඒ කියන්නේ තව ටිකක් ඉදලා i9 එකක්ම ගන්නවා... ඒත් එක්කම තව අලුත් එකක් එයිද දන්නෑ එහෙම උනොත් මොකද ක‍රන්නේ.....;)

Thilina said...

@සහන්

Core i7 එකක් ගන්නකං ලැපකට ට්‍රයි කරානං හොඳයි වගේ. :)

Narada said...

මේවාවා දැක්කාම මට හිතෙන්නේ මහ ලොකු කොම්පුටර්යකට සල්ලී පුදන ඒක අමු මෝඩ වැඩක් කියලා. අද එන එව්වා හෙට චාටර් වෙනවා නෙව!

Thilina said...

@~බිன்ku~

ඒක නං ඇත්ත. ළඟදී core i7 එකක් ගත්තු එක්කෙනෙක් මේක දැක්කොත් අනේ අපොයි කියලා හිතෙයි :P අද හොඳම processor එක හෙට චාටර්ම processor එක වෙන්න පුළුවන්. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් මිල අඩුම processor එක ගත්තම හරි.

Kanishka said...

අපිට නම් හීන තමයි ඉතින් මේව :D

Thilina said...

@Kanishka | කණියා

හ්ම්... රස්සාවක්වත් කළා නං ට්‍රයිකරන්න වත් තිබ්බා

Post a Comment