About

Tuesday, August 25, 2009

Nokia නොකියාම කොම්පියුටර් හදයි...


කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ නොකියා කිව්වොත් ඉතින් mobile phone ලෝකයක්නේ. ඒත් SE කාරයිට නං Nokia පෙන්නන් බෑsengihnampakgigi. හික් මම නං ඈත අතීතයේ සිට පාවිච්චි කරන්නේ Nokia තමා.senyum දැන් මාතෘකාවට එමුකෝ. මීට ටික කාලෙකට ඉස්සෙල්ලා Netbook කියලා කොම්පියුටර් වර්ගයක් ආවනේ. ඔය PDF බලන්න, නෙට් යන්න වගේ වැඩ වලට තමයි ගැලපුනේ. දැන් මෙන්න Nokia ත් මේ Netbook හදන්න පටන් අරන් ඉවරයි. මේක ඇවිල්ලා තාම වෙළදපොළට නිකුත් කරලා නෑලු. Intel Atom N280 Processor එකක් සහිත මෙම Netbook එකේ අගල් 10.1 ක තිරයක් තියෙනවා. තව සාමාන්‍ය netbook එකක මෙන් Wi-Fi, USB, Bluetooth, Webcam, SD card reader ආදි පහසුකම් තිබෙනවා. වැදගත් වන්නේ අනෙක් Netbook වල නැති SIM card slot එකක් මෙහි තිබීමයි. මෙම Netbook එක HSDPA සපෝට් කරන නිසා සිම් කාඩ් එකක් ඇතුළු කළ පසු අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගන්න පුළුවන්. ලංකාවට නං මේ නෙට්බුක් එක එළටම ගැලපෙයි. මොකද නිකං දෙන සිම් එකක් අරන් පහසුවෙන්ම නෙට් ලබාගත හැකි නිසා. මෙයට GPS පහසුකමත් ලබා ගැනීමට පුළුවන්. 720p HD වීඩියෝ ප්ලේ කිරීම සදහා nvidia GN40 chip එකක්ද අඩංගුයි. HDMI පෝට් එකක්ද ඇත. මේ පහසුකම් නිසා සාමාන්‍ය නෙට් බුක් එකකට වඩා කැපී පෙනෙයි. මේ සියළු දේම සමග මෙහි පැය 12 ක බැටරි ආයු කාලයකුත් ති‍බෙනවා. දවසක්ම වැඩ කිරීමට හොදටම ප්‍රමාණවත්.

පින්තූර සමග විස්තර මෙතනින්

6 comments:

Indranama said...

මේකෙ නම Sparrow නේද?

උෂාන් කෝදාගොඩ විතාරණ said...

එල බඩුවක් ගාන තමයි පුරස්නෙ

Thilina said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම

නෑ මේක Nokia Booklet 3G.

http://conversations.nokia.com/2009/08/24/nokia-booklet-3g-mini-laptop-unveiled/


@ushan

මේ පහසුකම් එක්ක ගාන නං ටිකක් වැඩි වෙයි තමා.

said...

මේවා කොයිද
කාසි නැතුව
නාඩන් මගෙ මරණේ

Thameera said...

හ්ම්, මේක සලකා බලන්න ඕන රස්සාවක් කරන දවසක :) අපි ඉතින් කොහොමත් හැමදාම නොකියා තමයි

Thilina said...

@ම

හික්, උඹ රස්සාවක් කරනවනේ... :P


@තමීර

එළ එළ... මමත් නොකියාම තමයි.

Post a Comment