About

Friday, August 14, 2009

LCD මොනිටර් පිරිසිදු කරමු


කස්ටිය කොහොමද ඉතින්...? කොම්පියුටරයක් තියෙන හැමෝටම ඉතින් මොනිටරේකුත් තියෙනවානේ. හික් හික්... sengihnampakgigi ඒත් ඉතින් සමහර වුන්ගේ මොනිටර් දැක්කොත් බල්ලො බත් කන්නෙත් නෑsengihnampakgigi. ඒ තරමට ජරා වෙලා. මකුළු දැල් බැදලා දූවිලි බැදිලා ස්ටිකර් අලවලා. ඒත් වුන්ට ගානක් නෑ, රෑප ටික පේනවනං ඒ ඇති. මේ මොන බයිලා කිව්වත් මගේ මොනිටරෙත් ඔහොම තමා :P. දූවිලි බැදිලා ගන්න දෙයක් නෑ. ඉතින් මේ මොනිට‍රෙන්නේ අපි ලෝකය දකින්නේ.. ඒනිසා මොනිටරේ පිරිසිදුව තියා ගන්නේ කොහොමද කියලා බලමු. දැන් ගොඩක් කස්ටියට තියෙන්නේ LCD මොනිටර් නිසා ඒ ගැන බලමු. මේ LCD මොනිටර් සුද්ධ කරන්න ඒ සදහා වෙනමම හදපු liquid තියෙනවා. මම ඒවා ගැන කතා කරන්නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මොනිටරේ සුද්ද කරන විදිය තමයි මේ තියෙන්නේ...

ඉස්සෙල්ලාම මොනිටරේට සම්බන්ධ කරලා තියෙන සේරම වයර් ටික (VGA/DVI, Power, Audio) ගලවලා අයින් කරලා, මොනිටරේ වෙන ඉඩ තියෙන තැනනට ගෙනියන්න.

දෙවනියට මේක සුද්ධ කරන්න හොද රෙදි කෑල්ලක් හොයා ගන්න ඕනේ. සිනිදු කපු රෙදි කෑල්ලක් තමා හොද. නැත්නං පරණ බැනියමක් හොයා ගන්න.

ඊට පස්සේ මොනව හරි ගාලා මේක සුද්ධ කරන්න ඕනේ. ඒකට හොදම දේ තමයි වතුර. සමහර කස්ටිය මේකට alcohol, ඕඩික්ලෝන් වගේ එව්වා ගන්නවා. ඒක එච්චරම හොද වැඩක් නං නෙවේ.

දැන් මොනිටරේ බැදලා තියෙන මකුළු දැල් ටික කඩලා දාලා හොයා ගත්ත සිනිදු කපු රෙදි කෑල්ල වතුරෙන් පොගවලා හොදට මිරිකා ගන්න. වතුර බිංදු බිංදු ‍වැටෙන්න නැති වෙන්නම මිරිකා ගන්න.

දැන් හොදට screen එක පිහලා දාන්න. වැඩිය තද කරලා පිහින්න නං එපා. මොනිටරේට සොරි වෙයි sengihnampakgigi .

දෙපාරක් විතර මේ විදියට වතුර පොගවලා screen එක පිහලා දාන්න. සම්පූර්ණයෙන් පිරිසුදු කළාට පස්සේ වයර් ටික පිළිවෙලට හයිකරලා ඔන් කරන්න. දැන් වෙනස බලන්න.

13 comments:

Uraj Deemantha said...

එළ එළ හොද සටහනක්..... :D

හැබැයි ඔය මොකෙන් උනත් LCD තදට පිහිදැම්මොත් නම්..... බඩුම තමා..........!! :P

Deeps said...

අපි නම් CRT ඉතින් නේ. දැන් එකෙත් කල දසාව හොඳ නෑ වගේ. ඕෆ් කලොත් ඔන් කරගන්න 2 X 2 පොල්ලකින් 4 පාරක් විතර ගැහුවාම හොඳටෝම ඇති.

අනූ said...

දැංකාලෙ තියන අලුත් LCD නං පුංචි තෙරපුම් වලට ටිකක් ඔරොත්තු දෙනවා. ඒක නිසා ටකක් තද කලාට කමක් නෑ.. හැබැයි ඔන්න මොනවහරි උනොත් මට බනින්න එපා.

Thilina said...

@Uraj Deemantha

හික් හික්. හීමීට පිහලා දාන එක තමා වඩා හොද.


@deeps

ඔය CRT ඇස්වලට එච්චර හොද නෑ. ඕක විසිකරලා ගන්න LCD එකක්. :D


@අනූ

ඔව් ඔව්. ඔන්න මොනිටර් පුච්ච ගත්තොත් මාත් නෑ. :D

rane said...

LCD ගන්න පුලුවන් ඒත් ගාන තමා අවුල

Kanishka said...

LCD පිරිසිදු කරන්න ගොඩක් නිශ්පාදකයින් අනුමත කරන්නෙ alcohol.
වතු‍ර පාවිච්චිය නම් එච්චර ණුවනට හුරු නෑ..‍ නමුත් Thilina කිව්ව වගේ වතුර ටික හොදට මිරිකල ගත්තත් අවුලක් නැති වෙයි..

ශාකුන්තල | Shaakunthala said...

අපි නං ඉතිං LCD ඔන්ලිනේ.

Thilina said...

@රන්දීර වීරකෝන්

ගාන වැඩි නෑ බං. දැන් LCD හරි ලාබයි නේ.....


@Kanishka

මේක ලියන්න කලින් මම ගොඩක් තැන් වල මේක ගැන හොයලා බැලුවා. කස්ටිය කියලා තිබ්බෙ නං alcohol පාවිච්චියට වඩා වතුර පාවිච්චිය හොදයි කියලා. නැත්නං දෙක එක‍ට මික්ස් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්


@ශාකුන්තල

එළ එළ. අපිට කොයින්ද ලැප්??? LCD වලට මාරු වුනෙත් මේ ලගදී

චා_එස් එල් said...

දැකල තියනවද පාට පාට බූල් තියන ඩස්ටර් කූරු.
එවයෙ ඩස්ට් එක ඇදල ගන්නෙ ස්ටැටික් එකෙන් (ස්තිති ව්ද්‍යුතයෙන්)
මොනිටර් එක තලන්නෙ නැතිව සුද්දකරන්න පුලුවන්.
මොනිටර් එක විතකර්ක් නෙවෙයි මුලු රිග් එකම වයර් ගල්වන්නෙවත් නැතුව සුද්දකරන්න පුලුවන්.
හැබයි හූනු බෙටි වැටිල අමබානක් කිලිටු නං ඉස්සල්ල වතුරෙං හෝදල ගන්නව්නන් හොදා. ඊටපසෙ සතියකට පාරක් ඩස්ටර් කරතෑකි.
ඔය බාන්ඩෙ රුපියල් පනහක් වෙයි වැඩිම උනොත්.
ක්ලීන් එකට තියාගන්න ඕනෙනං මරු බාන්ඩෙ.

said...

alcohol ??? :-O
කවුද බන් මෙච්චර වටින alcohol මොනිටරේ අතුල්ලන්නේ?
මම අවූරුදු ගානකට කලින් අර කඩේ තියෙන සෙට් එකක් ගෙනවා කොම්පියුටරේ සුද්ද කරන්න කියලා ඒත් තාම පාවිච්කලේ නම් නැහැ.
හැබැයි LCD නම් නෙමෙයි තාම CRT මම නම්

Thilina said...

@චා_එස් එල්

ඔව් ඔව් මාත් දැකලා තියෙනවා. අපේ උන්ගේ මැසිං සුද්ධ කරන්න ඕවා මදි බං. කෙලින්ම හෝස් එකක්ම අල්ලන්න ඕනේ. :D


@ම

CRT ඇස් වලට ඇගට හොද නෑ බං. විසිකරලා ගණින් LCD එකක්. එතකොට අර ගෙනාපු කොම්පියුටර් සුද්ධ කරන්න ගෙනාපු සෙට් එකෙන් වැඩ ගන්නත් පුළුවන් :P

Kanishka said...

@ම
Alcohol කිව්වෙ ඔය කස්ටිය බොන ඒව නෙමෙයි.. :P
මමත් හරි වචනෙ කිව්වෙ නෑ.. ඕකට පාවිච්චි කරනව Isopropyl alcohol කියන liquid එක, මේක හැදෙන්නෙ ජලය සහ propene එකතු වෙලා..
අනික් කාරණය තමයි මේකට කඨින ජලය (hard water නැත්තම් කිවුල් ජලය) පාවිච්චි කරන්නත් එපා.. මොකද පිහදෑමෙන් පස්සෙ ජලයේ අඩංගු ලවණ LCD එක මත තැන්පත් වෙනව..

හොදම දේ තමයි Isopropyl alcohol සහ distilled water සමානව මිශ්‍ර කර භාවිතා කිරීම..

දොඩන් said...

Acer වල manual එකේ කියලම තියෙන්නෙ alcohol සහ අනෙකුත් cleaners පාවිච්චි කරන්නම එපා කියල. පිරිසිදු ජලය පමණයි පාවිච්චි කරන්න කියන්නේ

Post a Comment