About

Saturday, August 29, 2009

ලැපකට ගිය කලක්...

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් ටිකේම මම ලිව්වේ අළුත්න් ‍ආපු ගැජට් කෑලි ගැන. මෙන්න තවත් අළුත්ම ගැජට් එකක්. අපි දන්න විදියට ලැප්ටොප් එකකට තියෙන්නෙ එක ස්ක්‍රීන් එකයි. මෙන්න දැන් ඒ එක ස්ක්‍රීන් එක මදි වෙලා Dual screen ලැප්ටොප් හදලත් ඉවරයි. හෆෝයි... යස අගේට තිබ්බ ලැප්ටොප් එකකට ගිය කලක්...? hah මේක ඇවිල්ලා Gscreen Spacebook. මාස කීපයකට උඩදි විජය පරිගණක සගරාවෙත් අනාගතයේ ලැප්ටොප් කියලා මෙහෙම ලැපක පින්තූරයක් දාලා තිබ්බා මතකයි. අනාගතය අදයි කියන්නේ මේකට තමයි jelir. මේ ලැප්ටොප් එක අගල් 13, 14, 15, 16, 17 යන සයිස් වලින් ලබා ගන්න පුළුවන්. specifications බැලුවොත් C2D P8400 @ 2.26GHz, 4GB DDR2 Ram, 320GB HDD, NVIDIA GeForce 9800M GT හෝ NVIDIA Quadro FX 1700M Graphics, OS එක නං XP, Vista or 7 ජනේලයක් තමා.




මල්ටිමීඩියා වැඩ වල‍ට, ගේමින් වලට වලට නං හොදා. මේකේ බැටරිය 6 හෝ 9 cell බැටරියක් වෙයි. ඒත් ඒ බැටරියෙන් මේක පැය 1/2ක් වත් දුවයිද කියන එක මට නං සැකයි. මේ සේරමත් සමග මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් මේක මිලදි ගන්නත් පුළුවන්ලු ගාන නං $3000 ක් විතර වෙයිලු. කවුරු මේ ලොරි ලැප්ටොප් එක ගනියිද මන්ද?sengihnampakgigi මේක ගන්නවා නං මොබයිල් ජෙනරේටරයකුත් ගන්න.

පින්තූර හා විස්තර

9 comments:

ශාකුන්තල | Shaakunthala said...

විකාරයි. ඕක තොරණක් වගේ කොහොමද තැනකට අරං යන්නේ? :D

Thilina said...

@ශාකුන්තල

සිරාවටම මේක තැනකට අරගෙන ගිහිල්ලා වැඩක් කරන්න නං බෑ. කොහෙදී හරි මේක දිගඇරියොත් අපි ජෝකර් වෙනවා :D

said...

මේක දාගෙන ගේම් එකක් ගැහුවනම් එළ ඇතිනේ

උෂාන් කෝදාගොඩ විතාරණ said...

පිස්සු හැදෙන සඳ~`

The Pathfinder said...

subscribe to the feed of www.endgadget.com. lot of the latest gadget reviews and announcements can be found there

Kanishka said...

ෂා... පට්ට ලැප.. :P

Thilina said...

@ම

ලස්සනට ගේම් ගහන්න නං පුළුවන් ඇති. හැබැයි බැටරිය නං පට් ගාල යයි.


@ushan

:D


@The Pathfinder

ම‍ට සයිට් කීපයකින්ම rss හරහා මැසේජ් ලැබෙනවා. සමහර වෙලාවට ඔපෙරා ඕපන් කළෘම දාරා ගන්න බැරි තරං මැසේජ් එනවා.


@Kanishka

හික් හික්.. උඹටත් ලැපක්ද තියෙන්නෙ?

Narada said...

ඕක මචං ගන්න බැරි නම් එපා නම් ගන්න එපා.

සල්ලි තියෙන ලොකු ලොකු Multimedia අයියලා මල්ලීලාට කියාපු එකක්නේ ඉතිං.

අර අංශක 240ට කරකවන්න පුළුවන් ලැප්ටොප් ආවට එච්චර ජනප්‍රිය වුණේ නෑ වගේ තමා මේකත්.

Thilina said...

@-බිன்ku-

ඔව් බං මේවා නං එච්චර ජනප්‍රිය වෙන්නෑ. මේක ගත්තු ‍එකෙක්ටත් ටික දවසකින් එපා වෙනවා.

Post a Comment