About

Sunday, August 2, 2009

කොම්පියුටරය සහ මගේ ඇස්

මට කොම්පියුටරයක් ලැබිලා වැඩි කාලයක් නෑ. ඒත් ඒ කාලේ ඇතුළත මගේ ඇස්වලට ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. මම උදේ නැගිට්ට ගමන් මූණ එහෙම හෝදලා කරන පළවෙනි වැඩේ තමයි(ගෙදර ඉන්න දවස් වලට) මේ මැසිම දාගන්න එක. උදේ කෝපි එකත් මැසිම ඉස්සරහම බිලා දානවා (ආ..... මම කිරි බොන්නෑනේ..., බබාලනේ කිරි බොන්නේ...sengihnampakgigi) ඊට පස්සේ අම්මා ‍ කෑගහනකොට කෑම එක මැසිම ගාවට අරන් ඇවිල්ලා මැසිමෙ මොකක් හරි ෆිල්ම් එකක් බලන ගමන් කෑම එක කනවා. කාලා පැය කාලක් බාගයක් ගියාට පස්සේ නැගිටලා ගිහිල්ලා වතුර බොනවා. උදේ වෙලාවම මැසිමෙන් ඇහැ අයින් වෙන්නෑ. දවල්ට, රෑට බත් කන්නෙත් මැසිම ඉස්සරහ ඉදගෙනම තමාsengihnampakgigi. මේක කියවන කිදෙනක් මෙහෙම කරනව ඇත්ද?

මේ ළගදි මිගමුවෙ වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බනේ මමත් ඉතින් ඕකට ගියා. ඇස් චෙක්කරන තැනකුත් තිබ්බා. පොඩි දොස්තර කොල්ලෙකුත් හිටියාsengihnampakgigi. දොස්තරයා මට බෝඩ් එකක් පෙන්නලා කිව්වා ඒකේ තියෙන අකුරු ටික කියවන්න කියලා. අප්පටසිරි මෙලෝම දෙයක් පේන්නෑ. බොහොම අමාරුවෙන් පළවෙනි පේළි 3-4 කියෙව්වා. පේළි 8 ද කොහොද තිබ්බා. ඒවෙලාවෙම දොස්තරයා ඇහුවා කොම්පියුටර් වැඩද කරන්නේ කියලා මම ඔව් කිව්වා. පස්සේ දොස්තර හෙන උ‍පදෙස් තොගයක් දුන්නා. ඉස්පිරිතාලෙට එන්න කියලා කොළේකුත් දුන්නා. මිනිහා කියන විදියට කොම්පියුටරේක වැඩ කරනකොට ඇස් වලට පැයකට විනාඩි 5 - 10 ක් වත් රෙස්ට් දෙන්න ඕනෙලු. අනික CRT මොනිටර් ඇස් වලට එච්චර හොදත් නෑලු (ෆ්ලැට් එක වුනත්) විකිරණ අනං මනං එනවලු. CRT පාවිච්චි කරනවනං screen filter එකක් වත් දාලා පාවිච්චි කරන්නලු. LCD මොනිටර් වලින් විකිරණ එන්නැති වනාට. පැයකට අඩුම වශයෙන් විනාඩි 5 ක් වත් මොනිටරයෙන් ඇස් අයින් කරන්නලු. තව ටික දවසක් මෙහෙම්මම හිටියොත් කදුළු එන එකත් අඩු වෙලා ඇස් වේලෙන්න ගනියි කියලා දොස්තරයා කිව්වා කණ්නාඩි දෙකක් ගන්නත් කිව්වා. ඒත් දොස්තර කොච්චර උපදෙස් දුන්නත් තාම මම වෙනස් වුනේ නෑ. ඇස් චෙක් කරන්න ගියෙත් නෑ. කණ්නාඩි ගන්න ගියෙත් නෑ. පැයකට විනාඩි 5 ක් මොනිටරයෙන් ඇස් අයින් කරන්නෙත් නෑ. හෆෝයි මගේ ඇස් වලට දෙවි පිහිටයි. මගේ ඇස් පෙනිම කොච්චර පහළින්ද තියෙන්නෙ කිව්වොත් බස් එකේ බොඩ් එක බස් එක ළගටම එනකං පේන්නෑrindu. ඔහොම එක දවසක් වැරදි බස් එකකට අත දාලා අන්තිම මට ඒකට නගින්න වුනාsenyum. දැන් නම් මට ඇස් දෙක චෙක්කරගන්න යන්නම වෙනවා. ඉතින් කස්ටියත් දවස තිස්සෙම කොම්පියුටර් වල වැඩ කරනව නං පොඩ්ඩක් තමන්ගේ ඇස් දෙක ගැන සැලකිලිමත් වෙන්න.

21 comments:

දුකා said...

ඔච්චර දේවල් වෙලත් පාඩමක් ඉගෙන නොගත්තු එක නම් වැරදියි . . .

මටත් ඔය ප්‍රශ්නෙම ආවා . . .මම නම් කන්නාඩි පාවිච්චි කලා. . . දොස්තරලා දුන්නු උපදෙස් පිලිපැද්දා . . .

මේ ලඟදි ඇස් පරීක්ෂා කරන්න ගියාම කිව්ව ඉස්සර තරම් නරක නෑ දැන් සෑහෙන්න හොඳයි පෙනීම දියුනුවෙලා කියලා . . .

කාලයක් වෙන්කරගෙන දොස්තරලා කියපු ටික කර ගන්න යන්න. . .. අමතක නොකර . . . !

අනූ said...

මටත් තියෙන්නෙ ඔය සංසිද්ධියම තමා. වැරදි බස් වල ඕනි තරං නැගල තියනව. හැබැයි LCD වලට බැස්සට පස්සෙ ඔලුවෙ අමාරු එහෙම අඩු වුනා.

Tilantha said...

ඉක්මනටම ඇස් දෙක පර්‍රක්ෂාකරවල කණ්ණාඩි දෙකක් දාගනින් පුතෝ. මටත් කෙල වුනේ ඉස්සර ටැලිවිෂොං එක ලඟින් ඉන්දන් බලල. දැන් දිගටම උපැස් යුවල පාවිච්චි කොරන්න වෙලා :)

෴ Residence Of Hasiya ෴ said...

මෙයත් මගේම බෝට්ටුවේ තමයි එහෙනම්.මම මුලදී ඇස් රිදුනට ගානක් ගත්තේම නෑ.ගෙදරට කීවොත් වැඩේ ඉවරයි.මොකද අනිවාර්යයෙන්ම පරිගනක භාවිතයට තහන්චි දානවා.ඒත් ඉතිං මගේ වැඩත් එක්ක දවසේ පැය 24න් පැය 18ක් විතර ඉන්නේ පරිගනකය ඉදිරියේ.අන්තිමට ඉවසන්නම බැරිම තැන ගෙදරට කියලා ඇස් බලව ගත්තා.මටත් තිළිණ කොල්ලට කීව ටිකම තමයි අහන්න ලැබුනේ.ඒයලා කට පාඩම් කරල කීවද දන්නෑ නේද?

දැන් ඉතිං කණ්නාඩි දා‍නවා.හෆෝයි ඒකත් මහම මහ වදයක්.....මොනාකරන්නද කල ගොන් කං වලට.

මටත් කියන්න තියෙන්නේ ඇස් ගැන කෂ්ටිය පරිස්සම් වෙන්න කියලා තමයි.තව පලා වර්ග එහෙමත් වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

Anonymous said...

මම හිතුවේ මම විතරයි මේ අටමගලේ ඉස්සරහ කෑම කන්නේ කියලා.

මමත් එක පාරක් චෙක් කර ගන්න ගියාම කිව්වේ අවුලක් නෑ කියලා. අනේ මන්දා.

Thilina said...

@දුකා

හ්ම්... දොස්තර කෙනෙක් හම්බවෙන්න යන්න ඕනේ. ඒත් කණ්නාඩි දාන්න මං කැමති නෑ... :(


@අනූ

ඔව්, ඔව් LCD මොනිටරරේ නම් ඇස් වලට ටිකක් හොදයි.


@Tilantha

මම නං ‍වැඩිය ටි. වි බලන්නනෙ නෑ. මේ මොනිටරේ නිසාමයි ඇස් වලට කෙලවෙලා තියෙන්නෙ.


@හසී

බලාගෙන යනකොට සේරටම තියෙන්නේ එකම ලෙඩේ...:) ඒත් මට නං කණ්නාඩි දාන්න බැරියෝ...


@chamila_dealwis

හැමෝම කන්නේ බොන්නේ කොම්පියුටරේ ඉස්සරහ තමයි. :D

GNS said...

CRT Monitor එක්ක ගණුදෙනු කරනව නම් කණ්ණාඩියක් දාන්න UV protection ද මොකක්ද එක තියෙන..
(මම කණ්නාඩි දානවා ඇස් පේන්නෙ නැති නිසා. PC එක්ක වැඩකරන බව අහපුවහම Optician කාරයා ඔහොම කතාවක් කියල තව කීයක්ද වැඩියෙන් බිල දැම්මා ;) )

NUWAN said...

අනේ අපොයි.ඔහොම ගියොත් ඉස්සරහට මේ බ්ලොග් එක බලන්නත් නෑති වෙයි.ප්‍රවේසම් උනොත් හොදයිනෙ

Indranama said...

ඕක ජා-ඇල පැත්තෙ සම්ප්‍රදායක්ද බං? උදේට කෝපි බොන එක?
(උඹ දන්නවනේ මෙහෙම අහන්න හේතුව :D )

Kanishka said...

මම නම් LCD, අවුලක් නෑ කියල හිතෙනව...

Uraj Deemantha said...

මම නම් ඩ්‍රයිවින් ලයිසොම අළුත් කරද්දි කොහොමත් ඇස් බැලෙන නිසා අවුලක් නෑ කිවුවා මේ සැරේ අළුත් කරද්දි.........!! :D

ushan said...

ඇස් 2කට කෙළ උනොත් ඉවරයි........ 8)

Thilina said...

@ගයන්ත

ඒ කියන්නේ උඹත් කාලයක ඉදන් කණ්නාඩි දානවා. ඇස් වලට ලෙන්ස් දාන්න බැරිද දන්නෑ...


@NUWAN"s lane

එව්වා කියන්න බෑ. ඇස් වලට කෙල වුනොත් සේරම නතර වෙයි...:)


@ප්‍රවීන් ඉන්ද්‍රනාම

හික් හික්... උදේට කෝපි බිල බලන්න. මාර කික් එකක් එන්නේ... :D


@Kanishka

LCD හොදයි බං. මාත් ‍මිට මාස කිපයකට කලින් LCD වලට බැස්සා


@Uraj Deemantha

මම ලයිසොම ගන්න කොට නං ලර්නස් එකෙන් කළේ මේකයි. මෙඩිකල් එකේ දොස්තරයා අත්සන් කරලා සිල් එක ගහලා තියෙනවා ලර්නස් කාරයා අපේ නම ගම විස්තර ලියනවා. මෙඩිකල් පාස්... හික් හික්..:D ඒ නිසා ඇස් චෙක් කරන්න වුනේ නෑ. චෙක්කළා නං මම මෙඩිකල් ෆේල් වෙනවා...


@ushan

හ්ම්... ඇස් දෙක නැත්නං ඉදලා වැඩක් නෑ...

Prabath Chaminda said...

දොස්තර කියනදේ ඇත්ත. ඔය කණ්නාඩි දාලානම් හරියන්නේ නෑ. ඕං උඹ ඇස් 2 පොට්ට කරන් කොම්පියුටරේට බණින්න නම් එපා.

Thilina said...

@Prabath

ඇස් දෙකට මොනවත් වුනොත් සම්පූර්ණ වැරැද්ද මගේ. ඉක්මනට දොස්තරයෙක් හොයා ගන්න ඕනේ....

malee_msg said...

අප්පා...! ඇස් දෙක ඇස් දෙක වගේ බලා ගන්න ඕනි කියලා තියනවා අහලා නැද්ද.......!! ඉක්මනට ගිහිං අර දොස්තර පැංචා කිව්ව දේවල් කරගන්න එක හොද වෙයි අනාගතේට.!

Thilina said...

@malee_msg

දොස්තර පැංචා හම්බවෙන්න අද යන්නම් හෙට යන්නම් කිය කියා ඉන්නවා. ඒත් හැමදාම වැඩේ පස්සට යනවා. මේ සතියෙ නම් යන්නම ඕනේ...

said...

මේ මචෝ කන් දෙක නම් ඇහෙන්නෙ නැති උනත් කමක් නැහැ ඒත් ඇස් නොපෙනුනොත් නම් ඉවරයි හොඳේ
මන් උඹට කිව්වට මටත් තියෙනවා ඒත් කන්නඩි දාන්න කම්මලි නිසා තාම ඉන්නවා.

Thilina said...

@ ම

බලන් යනකොට හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවනේ....:)

තේජාන් said...

මොකක්ද යකෝ උඹට වෙලා තියෙන්නේ, උඹත් හරියට drug addicted එකෙක් වගේ නේ. සෞම්‍ය ලිය‍නගේගේ මල්ලි නෙවෙයි නේ උඹ. ඕක ටික දවසකට අයින් කරලා ඉඳපන්. නැත්නම් පැය කාලෙන් කාලට බීප් එකක් වදින electronic watch එකක් ගනින්. එතකොට ඇස් දෙකට rest එකක් ගන්න මතක් වෙනවනේ. නැත්නම් හොඳම වැ‍ඩේ පුලුවන් තරම් වතුර බොන එක PC එක ළඟ ඉන්න කොට. එතකොට නිකංම නැගිටින්න වෙනවනේ.

තව දෙයක් , බොරු සෝබන නැතුව specs දාපන්. බැරිනම් contact lenses හරි. ඕක සෙල්ලමක් නෙවෙයි පුතේ.

Thilina said...

@තේජාන්

කොහොමද බං මේක අයින් කරලා දවසක් වත් ඉන්නේ...? හරි හරි ඔන්න මමත් කණ්නාඩි වලට බහින්න හදන්නේ.....:)

Post a Comment