About

Thursday, August 6, 2009

පාසල් කාළේ...1

කස්ටිය කොහොමද ඉතින්...? මේදවස් වල ලියන්න දෙයක් හොයාගන්න නෑ. මොනව ලියන්නද මන්ද? ඒ නිසා ලියන්න අළුත් දෙයක් හොයා ගන්නකං මේකවත් ලියන්න හිතුවා. අපි හැමෝම වගේ අවු 13 ක් විතර ස්කෝලේ ගියානේ. ඒ දවස් වල නං ඉස්කෝලෙට යාම මරනව වගේ වැඩක්. ඒත් ඉස්කෝලෙන් අයින් වුනාම හිතෙනවා ‍ඉස්කෝලේ ගියපු කාළේ තරං සුන්දර කාලයක් තවත් නෑ කියලා. ඉතින් ඉස්කෝලෙ කරපු පිස්සු වැඩ, වීර වැඩ, හොර වැඩ, කොපි කරපුවා වගේ දේවල් ටිකක් වත් ලියන්න හිතුවා.

මේක වුනේ මම 11 වසරේ ඉන්නකොට. ඒ දවස් වල O/L නේ. ඉතින් හැම පිරි‍යඩ් එකකම වගේ උගන්නනවා. අන්තිම පිරියඩ් එකේ තිබුණේ ගණන් වල කවකටු වලින් නිරිමාණ කරන පාඩමක්. ඒ නිසා හැම එකාගේ අතේම වගේ කවකට්ටක් තිබ්බා. ඔන්න ඉස්කෝලේ ඉවරවෙන්න බෙල් හැගැව්වා. පස්සේ සේරම පොත් ටික අකුලලා බෑග් එකට දාගත්තා. සර් කාරයත් ගියා. දැන් ඔන්න ස්පිකර් වලින් ගාථා කියන්න පටන් ගත්තා. දැන් ළමයි කස්ටියත් ගාථා කියනවා. මේ අස්සේ එකෙක් කවකට්ටක් අරන් උගේ ළග ඉන්න එවුන්ට ඒකෙන් ඇන ඇන මෝඩ චූන් ගන්නවාgigil. ඔන්න දැන් මූ මගේ පිටටත් ඇන්නා. මම අඩි 3 -4 ක් ඉස්සරහට ගියා. අප්පටසිරි එතකොටම ගණන් සර් කාරයා ආයෙත් පන්තියට ආවාsedih. දැන් සර් කාරයා මාව දක්කා. සර් හිතුවේ මම ගාථා කියන් නැතුව ඇවිදිනවා කියලයි. ඒත් සර් කාරයා සද්ද නැතුව මං දිහා බලාගෙ හිටියා. පස්සේ ගාථා කියලා ඉවර වුනා. සර් කාරයා මට කතා කරලා පන්තිය ඉස්සරහට අරන් ආයෙත් මුල ඉදන් තනියෙන් ගාථා ටික කියන්න කිව්වාgile. බුදු ආතල්... දැන් මට කවකට්ටෙන් ඇනපු එකා අතින් කියනවා ඌ ඇන්නා කියල කියන්න එපා කියලා. ඔය අස්සෙ පන්තියෙ ළමයි ටිකත් පන්තියෙන් එළියට ගියා මමත් ඉතින් මොනව කොරන්නද? පන්තියෙ තනියෙන්ම හිටගෙන මුල ඉදන්ම ගාථා ටික කිව්වාhah. පන්තිය ළගින් යන අනෙක් පන්ති වල වුන්ටත් මාර ආතල්.

ඔන්න ඉස්සෙල්ලාම ලිව්වෙ ඉස්කෝලෙදි කාපු චාටර් එකක්. මේ වගේ අත්දැකිම් කස්ටියටත් තියෙනව නං තමන්ගේ බ්ලොගයෙ ලියල දාන්න තවත් එකක් තව ටික දවසකින් ලියන්නම්....

17 comments:

malee_msg said...

හික් හික් පව් වැඩේ...!

මම නම් දැන් ගොඩ කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ 1 වසරේ ඉදන් අපේ ස්කෝලේ ගැන ලියන්න ගත්තා. ඒක 9 වසරෙන් නැවතුනා මං හිතන්නේ.. සේරටම මුළ කම්මැලි කම තමා ඉතිං

said...

අප්පේ ඉස්කොලේ යන කාලෙ නම් මරේ මරු ඒ කාලෙ හෙන කම්මලි උනාට දැන් රස්සාවක් කරනකොට හිතෙනවා හැමදාම ඉස්කෝලේ යන්න තිබ්බ නම් හොඳා කියලා

Anonymous said...

ඉස්කෝලේ කාලේ තියෙන්නෙම රසවත් සිදුවීම් නේ...

Anonymous said...

හික් හික්........
අනේ පව්........

budhajeewa said...

[said:author]
සර් හිතුවේ මම ගාථා කියන් නැතුව ඇවිදිනවා කියලයි.
[/said]
ඕකුං ඔහොම උපකල්පන කර කර ගන්න තීරණ නිසා තමයි අර අහිංසක ළමයෙක්ට සියදිවි නසාගන්න උනේ !

Thilina said...

@malee_msg

ඔව් ඔව් මං පව්..:) අපරාදේ ඇයි නැවැත්තුවේ?. ආයෙත් ලියන්න පටන් ගන්න.


@ම

ඔව්, දැන් නම් ආයෙත් ඉස්කෝලෙ යන්න ආසයි. හරිම සුන්දර කාලයක්...


@panhida

ඔව්, ඒකනම් ඇත්ත.


@'පිස්සා'-

මොනව කොරන්නද? මාර විදියට චාටර් වුනා.


@Supun Budhajeewa

ඔව්, සිද්ධිය හරියට හොයන්නෙ නැතුව තිරණ ගත්තාම අපි නොසිතන විදියේ ඵල විපාක ලැබෙනවා

DragonD said...

එලම වැඩෙ තමා ...
මමත් මගෙ දින පොතක් ලියනවා , මගෙ නම් වයස 16 යි ! ඒ නිසා එදිනෙදා වෙන දේවල් ඒවිදිඅහටම ලියන්න පුලුවන්.

http://diary-of-dragond.blogspot.com/

Anonymous said...

රැපියල් පහ කේව. මං හිතුව කඩුපයිට් ඇති කියල

Thilina said...

@DragonD

එළ එළ. මම ටික කාලෙක ඉදන් උඹගේ බ්ලොග් එක කියවනවා. ලියන විදියත් නියමයි..


@Anonymous

සොරි වේවා, රු 5 ට :(. කඩුපයිට් තව ඉස්සරහට ලියන්නම්...

charana widuranga said...

පට්ට පට්ට... මම නම් තාම ඉස්කෝලෙ යනව... මාර ආතල් එකක් තියෙන්නෙ... ඔය කාලෙ ඉතින් ආයෙ කොහෙ ගියත් ගන්න බැහැනෙ..

Anu said...

මං 8 වසරෙදි එකෙක් විහිලුවට මගෙ ඇ‍ඟේ හැපුනා ඒ වෙලාවෙ මගේ අතේ තිබ්බ කවකටුව ඌගෙ ඇ‍ඟේ ඇනුනා. ‍ලේත් ආව.
මෙන්න ඊ ළඟ දවසේ අම්මයි තාත්තයි එනව මම ඌට කවකට්ටෙන් ඇන්න කියල. පන්තියේ සර් දන්නවනෙ මං අහිංසකයි කියල ඒක නිසා බේරුනා. අරූ අදටත් මාත් එක්ක ෆිට්.

දුකා said...

එළ එළ . . පාසැල් කාලේ කියන්නේ ඉතිං ජීවිතේ සුන්දරම කාලේනේ . . . . ස්තූත්යි ආයේත් අප හැමදෙනාවම (පාසැල් නොයන වයසේ අයව ) ආපහු පාසැල් කාලෙට ගෙන ගියාට . . .

Thilina said...

@charana widuranga

හැමදාම ඉස්කෝලෙ යන්න. ආයෙත් ඔය කාලේ එන්නේ නෑ. ඒ නිසා ඉස්කෝලෙදි හොදට ඉගෙනගන්න ජොලියෙන් ඉන්න.


@Anu

හික් හික්.... හෆෝයි ළමයෙකුටවත් ඉන්න දිලා නෑ :D


@දුකා

ඇත්තටම පාසල් කාලය හරිම සුන්දරයි. මේ වගේ අත්දැකිම් තියනව නං බ්ලොග‍් එකේ ලියන්න.

Supun Sudaraka said...

ආහ්! මං හිතන්නේ මේක මගේ පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනේ මගේ මතකය හරිනං. කොහෙද ඉතින් මගේ මතකය අන්තිමයි! :D ඒ අතුරු කතා... මාතෘකාවට ආවොත් ඉතින් ඉස්කෝලේ තමයි ඉතින් ජීවිතේ සුපිරිම කාලේ. මේ කාලේ නං ඉතින් අපිට වද ගොඩක් වගේ ඉඳලා හිටලා දැනෙනවා තමයි. ඒත් ඉතින් බ්ලොග් වල තියෙන සටහන්. කතා ‍පොත් වල තියෙන කතා කියෙව්වාම ඉතින් අර විඳින වද වලත් අමුතුම ආතල් එකක් (සුන්දරත්වයක්) තියෙනවා කියෙලා හිතෙනවා...

එළ එළ!

ධනික | Dhanika said...

පාසල් කාලෙනම් ඉතිං ජීවිතේ සුන්දරම කාලෙනෙ...
මගෙත් පාසල් කාලෙ සෑහෙන්න වෙච්ච සිදුවීම් තියෙනවා මතක් වෙනකොටත් හිනායන... ඊට අමතරව නම් මං කොල්ලො දෙන්නෙක්ගෙ ඔළු පළලා තියෙනවා අහසට ගල් විසික් කොරලා.. :D
එකෙක්ගෙ 2 වසරෙදි අනිත් එකාගෙ 4 වසරෙදි.. කොහෙද ඉතිං අතක් පයක් තියං පැත්තකට වෙලා ඉන්න බෑනෙ... (තාම එහෙමයි) :D

ශාකුන්තල | Shaakunthala said...

මමත් ඔළුවක් පළලා තියෙනවා 9 වසරෙදී, ලී පොලු කෑල්ලක් විසි කරද්දි වෙන එකෙකුගෙ ඔළුවෙ වැදුණා.

--
A Level කරන කාලෙ අපි ගත්ත නියම ආතල් එකක් තමයි ඇමෝනියා ද්‍රාවණයට පිනොප්තැලීන් එකතු කරල ඇඳුම් වලට විසි කරන එක.

Thilina said...

@Supun Sudaraka

ඔව් පළවෙනි කමෙන්ට් එක තාමා, ස්තූතියි :) මම // කරනකොට ඉස්කෝලේ ගියේ සතියට දවස් 2 - 3 ක් විතරයි. ඒ විදියට ඉස්කෝලේ කට් කරපු එක ප්‍රථිඵල අඩු වෙන්න හේතුවක් වුනා. ඒ දවස් වල මට ඒක තේරුණේ නෑ. ඒත් දැන් තේරෙනවා. ඉස්කෝලෙන් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. නිකං දෙන නිසා අගයක් නෑ. ඒත් ඒකේ වටිනා කම තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි. මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හොදට විභාගය කරන්න. :)


@DHA

හික් හික්... ඔළුත් පළලා :D. මම නං ඔළු පළලා නෑ. ඒත් එකෙක්ගේ අත හිල් වෙන්න පැන්සලකින් ඇනලා තියෙනවා. :)


@ශාකුන්තල

අපිත් කෙමිස්ට්‍රි ලැබ් එකේදි නං මාර ‍ෆන් එකක් තමා ගත්තේ. මිස් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා. ලැබ් එකේ යකා නැටුවා :P මතක් වෙනකොටත් හිනා යනවා....

Post a Comment