කස්ටිය කොහොමද ඉතින්..? ඔවර්ක්ලොක් වලට කස්ටිය ටිකක් උනන්දුයි වගේ. මේක පටන් ගන්න කලින් මේ දේනම් කියලා ඉන්න ඕනේ. අහල තියෙනවානේ රජයේ අවවාදයයි දුම්බීම පිළිකා ඇති කරයි කියන එක. මේක ඕවර් ක්ලොක් වලටත් අදාලයි. තිළිණ බුවාගේ අවවාදයයි ඕවර්ක්ලොක් කිරිමෙන් CPU, Motherboard, chipset, Memory ආදි උපාංග හා මෙකි නොකි දේ වලට හානි සිදුවිය හැකිය. ඕවර්ක්ලොක් කරන්නා අදාල අතුරු ප්‍රතිඵල දැරිය යුතුයි

. මම නම් පිච්චුනු කොම්පියුර් කෑලි වලට වග කියනු නොලැබේ. හික් හික්...

ඕව ක්ලොක් කරපු ගමන්ම කෑලි ටික පිච්චිලා යන්නෑ. බිය නොවනු.
ඉස්සෙල්ලාම බලමු ඇයි අපි මේ ඕව ක්ලොක් කරන්නේ? ප්‍රොසෙසරය කියන්නේ කොමිපියුටරයක මොළය කියලා කවුරුත් දන්නවනේ... ඉතින් මේ මොළයේ වේගය වැඩි වෙන තරමට කම්පියුටරයකින් කරන කාර්යයේ වේගයත් වැඩි වෙනවා. ටයිප් කරන වැඩ වලට මේක අදාල නැති වුනත් කොමිපියුටර් ගේම්ස්, විඩියෝ කන්වට් වගේ වැඩ වලදි එම කාර්යය සිදුවෙන වේගය රදා පවතින්නේ CPU එකේ වේගය, ප්‍රබල තාව මතයි. ඉතින් තමන්ගේ කොමිපියුටරයේ තියෙන ප්‍රොසෙසරයේ වේගය මදිනම්...? වැඩි වේගයක් සහිත CPU එකක් දාගන්න සල්ලිත් නැත්නම්..? විසදුමක් තිබේ....

ඒ තමයි ඕවර් ක්ලොක් කිරීම. CPU එකේ Speed එක හැදෙන්නේ කොහොමද ? CPU Bus x Multiplier = Internal CPU speed. ඕවර් ක්ලොක් කිරීමේදි අපි කරන්නේ මේ CPU Bus එක වැඩි කිරිමයි. Multiplier නම් වැඩි කලහැක්කේ Extreme CPU (Intel) වල පමණි. නමුත් සියලුම වාගේ CPU වල Multiplier එක අඩු කළ හැක. උදා: විදියට. CPU Bus 200MHz යි Multiplier එක 8 කියලා හිතන්න. එතකොට CPU ස්පිඩ් එක 200MHz x 8 = 1600MHz. දැන් ඉතින් අපි 200MHz bus ස්පිඩ් එක 300MHz කළොත් ස්පිඩ් එක 300MHz x 8 = 2400MHz. 1600MHz ක CPU එකක් 2400MHz කට ඕවර්ක්ලොක් කළා කියන්නේ 800MHz ක වැඩි විමක්. ඉතින් මේක තමයි ඕවර්ක්ලොක් සිද්ධිය.

CPU වෝල්ටේජ් වෙනස් නොකර 600 – 1000MHz ක විතර ස්පිඩ් එකක් ගන්න පුළුවන්. මතක තියාගත යුතුයි CPU Bus වැඩි කරන විටම FSB ස්පිඩ් එකත් Memory ස්පිඩ් එකත් වැඩි වෙනවා. FSB එක හැදෙන්නේ, CPU Bus එක x 4 = FSB මේ 4 කියන ඉලක්කම වෙනස් නොවෙන එකක්. උදා 266MHz ක CPU Bus එකක් ඇති Core 2 Duo CPU එකක FSB එක 1066MHz යි. 266MHz x 4 = 1066MHz . (266 යි පොයින්ට් 2- 3 ක් තියෙනවා අනිත් දේ තමයි මම මේ කතා කරන්නේ Intel CPU ගැන විතරයි, AMD CPU ගැන මට එච්චර දැනුමක් නෑ. ඒත් AMD වලත් සිද්ධිය මේකයි) FSB එකට අනුව Memory ස්පීඩ් එකත් වැඩි වෙනවා. හරි බයිලා ඉවරයි

. මේක කරන්නේ කොහොමද බලමු.
ඉස්සෙල්ලාම පොඩ් Software දෙකක් බාගන්න ඕනේ. මෙව්වා ඇවිල්ලා Free Software.
CPU Z හා
OCCT. CPU Z වලින් CPU, FSB, Memory ස්පිඩ් බලාගන්න පුළුවන්. OCCT එක යොදා ගන්නේ ඕවර්ක්ලොක් කලාට පස්සේ system එක ස්ටේබල් ද කියලා බලාගන්නයි. System stable චෙක් කරන්න මිට වඩා වෙනස් software තියෙනවා. ඕනේ software ටික බෑව නම් මැසිම restart කරන්න. Delete ඔබලා BIOS setup වලට යන්න. හැම Motherboard එකකම වගේ ඕවක්ලොක් disable කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒ මෙනු එක හොයා ගන්න ඕනේ. මේ මෙනු එකේ නම් M’ board එකෙන් එකට වෙනස්. ඒ නිසා මේකයි කියලා හරියටම කියන්න බෑ. තමන්ටම තමයි හොයාගන්න වෙන්නේ Foxconn නම් Fox central control unit (ඒත් හරියටම ෂුවර් නෑ) Gigabyte නම් MB Intelligent Tweaker (Gigabyte Rocks

) කොහොම හරි ඕවර්ක්ලොක් enable කළා කියමුකෝ.

දැන් bus speed එක (මේකත් තියෙන්නේ bus speed කියලා නෙවේ - Foxconn වල CPU clock, Gigabyte වල CPU Host Frequency) වැඩි කරන්න ඕනේ. මේක පටන් ගන්නේ 133, 200, 266, 333 ආදි ගණන් වලින්.
උදා විදියට මම 200MHz එක ගන්නම්. මේක ඉස්සෙල්ලාම 200MHz ඉදලා 215MHz විතර වැඩි කරලා බලන්න.

පස්සේ F10 ගහලා සේව් කරන්න. restart කරලා OS එකට යන්න. CPU Z රන් කරලා බලන්න. CPU, FSB, Memory ස්පීඩ් එක වැඩි වෙලා ඇති. පස්සේ OCCT එක රන් කරලා stable කියලා බලන්න.

වැඩේ සාර්ථක නම් තව පොඩ්ඩක් CPU bus එක වැඩි කරලා බලන්න. ඒත් CPU bus එක 50 කට 60 කට වඩා ගෙනියන්න එපා කියලයි මම කියන්නේ. වැඩි CPU bus එකකට යනවා නම් Memory Multiplier අඩු කළ යුතුයි.

ඕවර්ක්ලොක් කරනකොට CPU එක වැඩියෙන් රත් වෙනවා ඒ නිසා CPU ෆෑන්/හීට්සින්ක් හොද තත්ත්වයේ තියෙනවද කියල බලන්න ඕනේ. CPU, chipset, Memory වෝල්ටේජ් හා Memory timings වෙනස් කිරිම ටිකක් ඇඩ්වාන්ස්. ඒ ගැන මම මෙතන කතා කරන්නෑ. Bios වලදි F10 ගහලා සේව් කළාට පස්සේ, මැෂිම ඔන් වෙන්නේ නැත්නම් Bios ක්ලියර් කරන්න. එතකොට වෙනස් කරපුවා සේරම ආයෙත් Default වෙලා මැසිම ඔන් වෙයි. මෙහෙම තමයි ඕවර්ක්ලොක් කරන්නේ. මෙතන මම වැරදි තොරතුරු ලියල තියෙනවා නම් දන්න අයියෙක් ඒවා නිවැරදි කරන්න. මේක ලියලා මටම පිස්සු හැදුනා

. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.