About

Monday, June 1, 2009

Windows 7 starter Edition



මේ දවස් වල computer shop එකකට ගිහිල්ලා PC එකක් මිලදි ගත්තොත් බොහෝ විට ලැබෙන්නේ Windows Vista (හොර කොපිsenyum). ඒත් හරිහපන් තැනකින් ගත්තොත් (UP, Colombo 4) Install කරන්නේ‍ Genuine Vista. Genuine කිව්වට Genuine Win Vista Starter Edition හික්... මම දන්න විදියට Genuine Vista Starter රු 4000-5000 ත් අතර මිලකට ගන්න පුලුවන්. ඒත් Genuine වුනාට Vista Starter වල කිසිම වැඩක් කරගන්න බෑ. එක පාරකට application 3 කට වඩා Open කරන්න බෑ.

දැන් කතාව මේකයි. දැන් Windows 7 එනවානේ. ඒකේත් තියෙනවා Starter Edition එකක්. Microsoft සමාගම කලින් Vista Starter Edition වල තිබූ application 3 නේ Limit එක Windows 7 starter වලදි ඉවත් කර තිබෙනවා. ඕනෑම application ගණනක් Windows 7 starter වලදි සාර්ථකව run කල හැකියි. බොහෝ අය කියන්නේ Windows 7 starter Edition එක Windows 7 වල තටු කැපූ සංස්කරණයක් කියායි. ඒත් මට නම් තේරෙන විදියට Windows 7 starter Edition එක Windows 7 වල හම ගැසූ සංස්කරණයක්sengihnampakgigi. හම ගසා තිබෙන්නේ මොනවා දැයි දැන ගැනීමට මෙතන ඔබන්න. Windows 7 starter Edition එකට වඩා Ubuntu පාවිච්චි කිරීම සුභදායක බවයි මට නම් හැගෙන්නේ...


5 comments:

ශාකුන්තල | Shaakunthala said...

Better stay on Ubuntu.

CJ said...

ඔවු මචං කොහොමත් උබුන්ටු වින්ඩෝස් වලට වඩා හොඳයි නේ.උබුන්ටු 9.04 දා ගත්තා නම් (හාඩ් එක ext4 වලට ෆෝමැට් කරලා ) සැහෙන වේගයකින් වැඩ කරන්න පුලුවන්.

Gayan Tharaka said...

තව ටික දවසකින් Leonidas එන‍වනේ. එතකොට ඕව මොකටද?

Kanishka said...

මගෙ නම් තියෙන්නෙ vista home basic, එච්චරම අවුලක් නම් නෑ..

Thilina said...

@ ශාකුන්තල

මොකෝ මේ කඩ්ඩෙන්... හික්.. මම නම් Kubuntu වලට ටිකක් කැමතියි

@ දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා

හොදයි හොදයි..

@ ගයාන් තාරක

Fedora 11 බලමු...

@ Kanishka

vista home basic ටිකක් හරි හොදා. ඒත් සල්ලි දීල Genuine Win Vista/7 Starter ගැනීම නම් බොරු වැඩක්

Post a Comment