About

Thursday, June 4, 2009

උගුඩුවෙක් දෙන වදයක්....



කස්ටිය කොහොමද ඉතින්...මගේ බිලොගය එක තැන පල් වෙනවා...අපෝයි මොනව හරි ලියන්න ඕනෙ...මේ දවස් වල පොඩි exam කට්ටක් තියෙනවා ඒකයි බිලොගය ලිවීම අතපසු වෙන්නේ... මමත් සිංහල බිලොග්කරණ තරගයටත් එකතු වුනා. ඉදිරිපත් වෙන අයටත් මොනවහරි දෙනවද දන්නෑ...ලියන්න විශේෂ දේකුත් නැති එකේ අපේ ගෙදර තියෙන පොඩි දැවෙන ප්‍රශ්නයක් ගැන ලියන්න හිතුවා. මීට අවු 1 1/2 කට විතර කළින් මාර කට්ටක් කාලා ලෝන් පාරක් දාලා සිවිලිම ගහගත්තාsenyum. අෆෝයි… හිතුවට වඩා වියදමක් ගියා

මේකයි දැන් කේස් එක මේ ළගකදී ඉදලා සිවිලිමේ උගුඩුවෝ පවුලක් ජීවත් වෙනවා sengihnampakgigi(තව මීයෝ එහෙමත් ඉන්නවා). දෙතුන් දෙනෙක් නම් බැරියැ 8 ක් 10 ක් විකර ඉන්නවා. පවුල ප්‍රසාරණය වෙලා පරම්පරාවක් හැදිලද කොහෙද..senyum මේ උගුඩුවන්ගෙන් මාරම වදයක් තියෙන්නේ. වෙලාවකට මුන් ටික රංඩුත් වෙනවා ඒ වෙලාවට ඉතින් අනිවා සිවිල්න් ශිට් 1 ක් 2 ක් බිම. ගොඩක් වෙලාවට ශිට් බිම වැටෙන කොට කැඩෙනවා. එතකොට අලුත් ශිට් කෑල්ලක් ක‍ඩෙන් ගෙනත් දාන්න ඕනේ. සල්ලි තමයි. කොයි වෙලේ සිවිලින් ශිට් එකක් ඔලුවට කඩා වැටෙයිද කියන සැකයෙන් තමයි මම කල් ගෙවන්නේ.sengihnampakgigi රෑට නිකං හොල්මන් මන්දිරේකට ගියා වගේ. එහෙන් අඩි සද්ද මෙහෙන් අඩි සද්ද උගුඩු පවුල රංඩු වෙනවා කෑගහනවා මෙව්වා දැකල මට පිස්සු හැදෙනවා.hah අප්‍රසන්නම දේ තමයි මුන් සිවිලිමේ මුත්‍රා කිරීම. එතකොට සිවිලිමේ පැහැය වෙනස් වෙනවා.

අවාසනාවට මට මේ එක උගුඩුවෙක් වත් අහුවුනේ නෑ. අහු උනානම් මම පෙති ගහනවා. උගුඩුවන් ටික බ්ලාස් කර දැමීමට සිවිලිමේ වස තැබිමට අදහසක් ආවත් එය නොකරන්නේ වස කෑ උගුඩුවන්ව සිවිලිමෙන් ඉවත් කිරීමට මට සිදුවන නිසයි. මුන් ටික එලවා දැමීමට වෙනත් ක්‍රමයක් දන්නවා නම් ඉක්මනට කියන්න. නැත්නම් සිවිලිම ගලවා දැමීම අවසාන විසදුමයිxpasti. අපෝයි...

21 comments:

Anonymous said...

පිළියමක් තියෙනව. සිවිලිමේ තැන් තැන්වල විදුලි බුබුළු කීපයක් හයි කරලා උගුඩුවො දඟලන වෙලාවට පත්තු කරන්න..විහිළුවක් නෙමෙයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි...කරලාම බලන්නකො

Chanaka Aruna Munasinghe said...

සිවිලිමට නයෙක්ව ගෙනත් දාන්න

malee_msg said...

උන් සිවිලිමට එන තැන් බලලා ඒ තැන් වහලා දාන්න.. ඒක හරියටම හරියනවාද කියන්න මං දන්නේ නැහැ.. ඒත් ඉතිං එන්න බැරි විදියට වැඩ කරාම හරියයි නේද?

Uraj Deemantha said...

මචන් මටත් ඔය වැඩේම උනා මම කලේ උන්ට වහලෙට නගින තැන් වල ලයිට් එකක් රෑට දාලා තිබ්බා වොට් 5 ක් එකක් දැ,ම්මා නම් වැඩේ ගොඩ.......!! :D

Sasika Nanayakkara said...
This comment has been removed by the author.
Sasika Nanayakkara said...

අයියෝ මෙක එච්චර ලොකු ගැටළුවක් නෙමේ.මම දෙන්නම් මේකට නියම විසදුමක්.ඔයාට තියෙන්නේ පුදමාතගන්/පුතුකුඩුඉරිප්පු පැත්තේ ගිහින් ඔය වලලලා තියෙන කෙලේමො එකක් අරන් ඇවිත් සිවිලිම උඩ සෙට් කරන්න.ඊට පස්සේ ඔය උඩුගුවෝ සෙට් එක ආපු ගමන් බලාස්ට් කරලා දාන්න.
මේක අත්දුටු නම් නැහැ හැබැයි ප්‍රත්‍යක්ශයි.

said...

උගුඩු මස් කෑමට පුරුදු උනානම් වේල් දෙක තුනකින් වැඩේ ඉවරයිනේ.

ඕකනම් මහ වදයක් බන් අපේ ගෙදරත් ඔහොම්මමයි.

Thilina said...

@rathutharuva

හොද අයිඩියාවක් කරල බලමු...

@Chanaka Aruna Munasinghe

උගුඩු පවුලේ සිටිනා සාමාජිකයින් ගණන බලපුවාම උන් ටික නයාව බිලාස් කරයි. හික්...

@malee_msg

උන්ට එන්න පුලුවන් හැම තැනක්ම ‍වගේ සීල් කළා හරි ගියේ නෑ. කොහෙන් එනවද මන්ද...

@Uraj Deemantha

සිවිලිමට ලයිට් දැමීම හොද විසදුමක් බ‍ව පේනවා

@සසික නානායක්කාර

එළ එළ.

@ම

එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ මරාගෙන කන්න... එහෙ බලලා මෙහෙ බලන කොට පැනල.

CJ said...

ඕකට රතිඤ්ඤා පත්තු කරලා සිවිලිම උඩට දාන්න වැඩි විස්තර සඳහා විමසන්න.

Deeps said...

මේ ෂුවර්ද මුන්ට උගුඩුවෝ කියන්නේ කියලා. මම නම් අහල තියන තරමක් ඔහොම වහලේ පිස්සු නටන්නේ කල වැද්දෝ

Thilina said...

@දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා

මාක් ඔය රතිඤ්ඤා ‍වැඩේ ගැන හිතුවා. වහලේ උළු වලට ප්‍රශ්නයක් වෙයිද දන්නෑ...

@deeps

එක ද‍වසක් මම ඉස්තෝප්පුවේ ඉන්නකොට ශටි එකක් කඩාගෙන ඔය දාලා තියෙන රූපෙ ඉන්නවා වගේ සත්තු දෙන්නෙක් බිමට වැටුනා. මම හිතන්නෙ උන් උගුඩුවෝ කලවැද්දෝ ගැන නම් මම දන්නෑ.

Unknown said...

උගුඩුවොන්ගෙ මුත්‍රා නම් හද්ද ගඳයි. සිවිලිමෙන් පහලට ලීක් වෙච්ච වෙලාවට ගේ හොදන්න වෙයි. මගේ ගෙදර කාමරේ සිවිලිමෙත් උගුඩු කපල් එකක් ඉඳලා ලයිට් එකක් දැම්මාම ආයෙ ආවෙ නෑ. ඒක කරලා බලන්න ෂුවර් හරි යනවා.

අනූ said...

ලයිට් වැඩේ හරියනවා. කරල බලන්න. නැත්තං ඉතිං සිවිලිම ගලවල දාන්න O_o

Anonymous said...

@deeps උගුඩුව කියන්නෙත් කලවැද්දාටම තමා. :)

Thilina said...

@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath

එකපාරක් වත් සිවිලිමෙන් පහළට මුත්‍රා ලීක් වුනේ නම් නෑ.. ලයිට් වැඩේ හරි යයි වගේ.

@අනූ

ඔව් ඔව් ලයිට් වැඩේ හරියන පාටයි

@rathutharuva

ඒක මමත් දැනගෙන හිටියේ නෑ

ශාකුන්තල | Shaakunthala said...

ඔය සත්තුන්ව මරන්න මී කතුරු වගේ කතුරු ජාතියකුත් තියෙනවා. මී කතුරෙ තියෙන රැළි දාරෙ වෙනුවට මේ කලවැදි කතුරු වල තියෙන්නෙ යකඩ ඇණ.

ම මේ සත්තුන්ව මරන්න කියනව නෙමෙයි... දැනගන්නයි කිව්වේ... වොට් පහේ අවිහිංසාවාදී ක්‍රමය හොඳයි.

Thilina said...

@ශාකුන්තල

වැඩේ අවිහිංසාවාදිව විසදගන්න මමත් කැමතියි :)

Vishwajith said...

http://www.technicsz.blogspot.com/2012/01/check-softwear.html#more එකේ comment ටික කියවල බලන්ඩ. ඔයාට මදුරුවෝ එලවන softwear ඒකෙන උන ටික එලවන්ද පුළුවන් වේවි.

sure නම් නෑ ඕන්.............

Rajitha said...

ගෙදර යන ගමන් 5වොට් බලුබ් දෙකක් අරන් යන්න  ඔනේ

මයුර said...

දැමිය යුතු බල්බයේ වර්ණයක් තිබේද ?

Nalinda said...

රතු

Post a Comment