
ඔන්න ඉතින් මමත් මගේ Huawei E160 මොඩෙමෙ unlock කළා.

(හැබැයි ඔන්න නොමිලේ නම් නෙවේ) හැමදාම එකම ප්ලෑන් එකකට හිර වෙලා හරියනවද? මම මේක unlock කරගන්න නොකළ දෙයක් නැති තරම්(Free unlock කරගන්න)
ගයන්තගේ සයිට් එකේ තිබුණු E220 unlock කරන විදියට කළා ඒත් හරි ගියේ නෑ . Hex Editor එකෙන් Search කරන්නේ FF 01 02 00 බව හොයා ගත්තා. ඒත් වැඩක් වුනේ නෑ. අරව කළා මෙව්වා කලා ඒ කිසිම එකකින් වැඩක් වුනේ නෑ. DC unlocker එකෙන් නමි ෂුවර් එකටම පුලුවන් ඒත් සල්ලි ගෙවලා Credit ගන්න ඕනෙ. මට කාඩ් එකක් හෝ paypal ගිණුමක් නැති නිසා ඒකත් අමතක කරන්න සිද්ධ වුනා (මං දුප්පත් කොල්ලනේ)

. ඔන්න පස්සෙ එළකිරියේ තිබුණු ඇඩ් එකක් දැකලා මම ඒකෙ තිබුණු නොම්බරේකට කෝල් එකක් දුන්නා. ඔන්න ඒ පොර කිව්වා E160 මොඩෙමෙ unlock කරන්න පුලුවන් කියලා. පොර ඉන්නෙ නුගේගොඩ. ඔන්න ඉතින් මාත් කියපු තැනට ගියා. යන්ඩම පැයක් විතර ගියා. මිනිහට මොඩෙමෙ දුන්නා,මෙන්න මූ මොඩෙමෙ අරන් ඇතලට ගියා. කරන දෙයක් පොඩ්ඩක් පේන්ඩ කරපන් , එව්වා නෑ. කොහොම හරි විනාඩි 10 කට විතර පස්සෙ මූ එළියට ආවා. පොර කිව්වා, මල්ලි ඔන්න මොඩෙමෙ Unlock කළා . ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු ගේන්න කියලා. පස්සෙ මම ඉතින් සල්ලි දීලා ආපහු ආවා. unlock කළා කිව්වට මට ෂුවර්ද? (ටෙස් කරන්නත් විදියක් නෑ කිව්වනේ ඒ පොර) ගියා ළගම තිබ්බ Internet cafe එකකට. දැම්මා හුලං ටෙල් සිම් එකක්. Mobile Partner ඉන්ස්ටෝල් කළා. මෙන්න බොලේ කුඩු වෙන්ඩ Airtel 3G සිග්නල් තියෙනවා

. ඇත්ත තමා නුගේගොඩනේ, මෙහෙ නැති සිග්නල් අපේ ගෙදරටද තියෙන්නෙ ? වැඩේ හරි ඔන්න මම ගෙදර ආටා. කෝච්චියෙ ආවේ, නෑවා කෑවා වැඩේට බැස්සා.
දැම්මා Airtel සිම් එක (ආ... දාලනෙ තිබ්බෙ) බැලුවා වැඩද කියලා අපෝ EDGE විතරයිනෙ. ඒ වෙලාවෙ මතක‍් වෙච්ච වචන සෙට් එක මෙතන ලියන්න බෑ. හැබැයි මැක්ස් EDGE සිග්නල් තියෙනවා. EDGE කන්නද? පේනවනෙ speed එක ?

කමක් නෑ මොඩෙමෙ unlock නේ
, තව ටික කාලයකින් සිග්නල් එයි. හික්... ඩයලොග් සිම් එක දාලා වැඩ දාන්න ගිහිල්ලා සිම් එකත් block වුනා. බඩුම තමා සිම් එක මාරු කරන්න ඕනෙලු, රු 300 කට හරි. මුන්ටත් ඉතින් සල්ලි කඩාගන්න පුලුවන් නම්... (හැබැයි customer care එකේ අක්කා කෙනෙක් කිවිවෙ)
මේ අවස්ථාවේ ගෙදර Internal problem එකක් නිසා හිත නොසන්සුන්ය. ඒ නිසා තව ලිවීමට බැරිය.
Huawei E160 මොඩෙමෙ තියෙන කට්ටිය වෙත:- E160 unlock කිරිමට අවශ්‍ය නමි මෙතෙන්ට යන්න (අලුතෙන් මොඩම් ගන්නවා නම් E220 ගන්න)
Digital Nets, 48/28 ස්ටැනලි තිලකරත්න මාවත, දුමිරිය පොළ පාර, නුගේගොඩ (නුගේගොඩ ස්ටේසම ගාවමයි - 1500ක් කුඩු වේ)
Note :
Now you can unlock any Huawei modem for free
Download this > open it > plugin your modem
1. then open Universal MasterCode.exe Enter Modem IMEI and get unlock code
2. Open CardLock_UnLock.exe enter your unlock code
sorry about my English