About

Monday, April 12, 2010

වසරක බ්ලොග් කරණය


කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුම මමත් බ්ලොග් කරණයට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා... bising අවුරුද්දක් මේක ඇදගෙන ආව එක ගැන නං සතුටුයි. මොකද බ්ලොග් එකක් පටන් ගන්න යන්නේ විනාඩියකටත් අඩු කාලයක් වුනාට පටන් ගත්තාට පස්සේ පවත්වාගෙන යන්න නං පොඩි ගේමක් දෙන්න වෙනවා.

බ්ලොග් කරණයට ආවේ කොහොමද කියෙනව නං, මට මතක විදියට ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් එකකට කියලා දැක්කේ කාලිංග අයියගෙ බ්ලොග් එක. මොබිටෙල් එක ගැන මොකක් හරි හොයනකොට තමයි අහම්බෙන් වගේ අහුවුනේ. ඒත් මං ඒ වෙනකොට යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරලා තිබුණෙත් නෑ. පස්සේ යුනිකෝඩ් එහෙම දාගෙන ඒ බ්ලොග් එකේ තිබුණු ලින්ක් එකෙන් එකට ගිහිල්ලා තමයි සිංහල බ්ලොග් කියලා දෙයක් තියෙනව කියලා දැනගත්තේ.. ඔහොම මාස කීපයක් බ්ලොග් කියව කියව ඉන්නකොට තමා මටත් බ්ලොග් එකක් කරන්ක හිතුනේ. ඉස්සෙල්ලාම My blog.lk එකේ තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එක පෝස්ට් එකක් වත් දැම්මෙ නෑ garupale. පස්සේ Blogger වලට බැස්සා. මගේ පළවෙනි ලිපිය එක පේළියකට සීමා වුනා garupale. පස්සේ පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. පෝස්ට් 3 -4 ක් දානකොට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයටත් ඇතුළු වුනා. පටන් ගත්ත දවස් වල වේලි වේලි තිබුණු මේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මේ මගේ මරණය. ඒ දවස් වල තමයි 2009 බ්ලොග් මැරතන් තිබ්බෙ. එකෙනුත් ගොඩක් අය අඳුරගන්න පුළුවන් වුනා.

ඔං පටන් ගත්ත දවසේ ඉඳලා තිබ්බ බ්ලොග් එකේ පෙනුමත් පොඩ්ඩක් වෙනස් කළා bising. පුළුවන් තරං වැඩ කෑලි අඩු තීම් එකක් තමයි දාගත්තේ. මේකේ තාක්ෂිණික ලිපි වගේම බයිලාත් ලියවෙනවා. ‍මේකේ තියෙන සමහර පෝස්ට් දැක්කාම මේකත් මම ලිව්වනේ කියලා මටම හිතෙනවා garupale. අවසාන ව‍ශයෙන් බ්ලොග් එක මෙච්චර කල් ඇඳගෙන එන්න පුළුවන් වුනේ මේක කියවන, කමෙන්ට් කරන ඔබ නිසාමයි. ඉතින් අවුරුද්දක් තිස්සේ මේක කියවපු, කමෙන්ට් කරපු ඔබට ස්තූතියි...

Picture

Wednesday, April 7, 2010

බ්ලොග් මැරතන්, Mobitel අල, ජීවිතේ...

කස්ටිය කොහොමද ඉතින්..? අවුරුද්දත් කිට්ටු නිසා මේ පාරත් බ්ලොග් මැරතන් තියෙනව නෙවැ bising. ගිය පාර බ්ලොග් මැරතන් වලට සහභාගි වෙන්න බැරි වුනු නිසා මේ පාර මමත් මැරතන් දුවන්න හිතුවා. ඕං මැරතන් එකටම බ්ලොග් එකකුත් යාන්තං හදාගත්තා garupale. හැදුවයි කිව්වට තාම කිසිම පිළිවෙලක්, මැරතන් බ්ලොග් එකට නමක් එහෙම නෑ. තව පොඩි කෑලි දෙකතුනක් දාලා හදලා ගන්න ඕනේ. අර බ්ලොගර් වල අළුතෙන් හඳුන්වලා දුන්නු Blogger Template Designer එකත් මේ නිසා ටෙස්ට් කරලා බලන්නත් පුළුවන් වුනා. බො‍හොම ලේසියට තීම් එක හදාගන්න පුළුවන්. එත් මට ගැලපෙන තීම් එකක් තාම හරියට සෙට් වුනේ නෑ. Blogger Template Designer ගැන වැඩි විස්තර මෙතන තියෙනවා.

මොබිටෙල් ගැනත් පොඩ්ඩක් ලියමුකෝ.. Sri Lanka's National Mobile Service Provider කියලා තමයි කියන්නේ.. hah දැන්නං මේකට බැනලා බැනලා බනින්න වචනත් නෑ. පහුගිය මාස කීප‍ය ඇතුලෙ මොබිටෙල් Mobile BB අන්තිම චාටර් විදියට අල වුනා. දැනටත් තව තවත් අල වෙමින් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ස්පීඩ් එක 30KBps - 20KBps විතර දක්වා අඩු වෙලා..


Gmail ලෝඩ් වෙන්නේ නෑ.. සයිට් එකකට යන්න බෑ. මේකෙ කස්ටම් care අක්කලාට අයියලාට මේ ගැන කිව්වොත් අඟේ තියෙන ලේ ටික පුච්ච ගන්නවාට වඩා වැඩි දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එක අතකට මේ BB කෙරුවාව ගැන කතා කරලා ඇති වැඩකුත් නෑ.. මේක ලංකාව ඒ නිසා ඔච්චර වත් speed එකක් තියෙන එක ලොකු දෙයක් කියලා හිත හදාගන්නවා garupale. බලාගෙන යනකොට ජා ඇල ත් හෙනම ඩොටක් තමා. ADSL නෑ WiMax නෑ..

Sunday, April 4, 2010

Twitter & Dialog

කස්ටිය කොහොමද ඉතින්..? කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... garupale අද කියන්න යන දේ නං දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් ඔන්න ඔහේ මං ලියන්නංකෝ... දන්නවනේ ටුවිටරේ.. (twitter.com) ගොඩක් අය Facebook එක වගේම Twitter එකත් පාවිච්චි කරනවා නෙවැ. ගොඩක් අය ‍දැන් ටුවිටරේට ඇබ්බැහි වෙලා. (මාත් ඇතුළුව garupale) ගමන්ක් බිමනක් යනකොට මෙච්චර කල් කස්ටිය ටුවිටර් එකට සෙට් වුනේ තමන්ගේ Phone + net එකෙන්නේ. ඕං දැන් ලංකාවේ අයට SMS වලින් ටුවිටර් එකත් එක්ක සමිබන්ධ වෙන්න පුළුවන්. සේවාව දැනට නං ලැබෙන්නේ Dialog පාරිභෝගිකයන්ට විතරයි. GPRS නැති Nokia 1100 තියෙන එක්කෙනෙකුට වුනත් දැන් ගෙදර යන ගමන් ටුවිටර් updates දාන්න පුළුවන් garupale.



මේ සේවය ඉස්සෙල්ලාම සක්‍රීය කරන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම ටුවිටරේට ගිහිල්ලා Settings > Mobile ගිහිල්ලා රට එහෙම තෝරලා තමන්ගේ ‍නොම්මරය ගහන්න ඕනේ. පස්සේ Start click කරන්න. එතකොටම පෝං කෑල්ල අරන් 40404 ට Go කියලා SMS එකක් යැව්වා නං වැඩේ ගොඩ. ටුවිටරේට යවන එක SMS එකකට රු 1.31 ක් කැපෙනවා කියලත් මතක තියාගන්න. ටුවිටර් අප්ඩේට් එකක් දානව නං අවශ්‍ය දේ phone එකේ කොටලා 40404 ට යැව්වා නං හරි.

වැඩි විස්තර වලට මෙතන & මෙතන කොටන්න.

Sunday, March 21, 2010

මුද්දර

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල නං බ්ලොග් ලියවෙනවත් අඩුයි කියලා පරණ තැටියම දාලා අදත් පෝස්ට් එක පටන් ගන්නංකෝ. garupale හික්.., ඉතින් මේ ළඟදී දවසක කාමරේ තිබ්බ පරණ පොත් ගොඩක් එහාට මෙහාට කරනකොට ඉස්කෝලෙ යන කාළේ ආසාවෙන් තියාගෙන හිටපු දෙයක් හම්බවුනා. ඒ තමයි මගේ මුද්දර එකතු කරපු පොත. හැමොම වගේ මේ මුද්දර එකතු කිරීම කරලා ඇති. ඉස්කොලේ 6 - 7 වසර වලදී තමයි මේ මුද්දර එකතු කිරීමේ උණ ගොඩක් උත්සන්න වුනේ. හැමෝටම ඕනේ වුනේ අනිත් එකාගේ මුද්දර පොතේ තියෙන මුද්දර ගානට වඩා වැඩි මුද්දර ගානක් තමන්ගේ ‍මුද්දර පොතේ තියෙනවා දකින්නයි. එකම වර්ගයෙන් වැඩිපුර මුද්දර තියෙනවා නං එවා වෙන මුද්දරත් එක්ක හුවමාරු කරගැනීමත්. මුද්දර සල්ලි වලට විකිණිමත් ජයටම කෙරුණා garupale. ඉතින් ඔහොම එකතු කරපු මුද්දර 300 - 400 කි විතර අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. 8 - 9 වසරට එනකොට මුද්දර එකතු කිරීම අමතක වෙලාම ගියා. අපේ ඉස්කෝලේ නං මුද්දර එකතු කරන්නන්ගේ සංගමය කියලා එකකුත් තිබ්බා වගේ යාන්තමට මතකයි.

මට වැඩ්පුරම ඕනෙ වුනේ Ceylon කියලා ගහපු මුද්දර එකතු කරන්න. ඒත් මට Ceylon කියලා ගහපු මුද්දර ලැබුනේ අත් දෙකේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්. මේ තියෙන්නේ ‍මගේ මුද්දර පොතේ පිටුවක්.


මේ මුද්දර දෙක තමයි මං ගාව තියෙන වටිනම මුද්දර දෙක. මම දන්න හැටියට ඔය රතු පාට Tapping Rubber මුද්දරය ලංකාවේ පළවෙනියට ගසක පින්තූරයක් දාලා හදපු මුද්දරය. (මම වැරදි නං නිවැරදි කරන්න)


අපි exercise පොතක මේ මුද්දර ඇලෙව්වට මේකටම විශේෂයෙන් හදපු පොත් තියෙනවා. මෙතන කොටන්නකෝ වැඩි විස්තර වලට. ebay එකෙන් නං මේ stockbooks මිලදී ගන්න පුළුවන් garupale. පුළුවන් වුනු කාලෙක stockbook එකක් අරගෙන මේ මුද්දර ටික එකට දාන්න ඕනේ..

මුද්දර එකතු කිරීම ගැන වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.