About

Wednesday, December 30, 2009

2009 ට සමුදීම

කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න දන්නෙම නැතුව 2009 අවසානයටම ඇවිල්ලා. පහුගිය දවස් ටිකේම හරියට වැඩ තිබුණා. ඒකයි හරිය‍ට බ්ලොග් එක ලියන්නවත් බැරිවුනේ. කරගන්න හිටපු වැඩ කීපයක්ම මඟ හැරුනත් මේ අවුරුද්ද ගොඩක් දුරට සාර්ථක වුනා. මේ අවුරද්දෙ දී මොනවද කළේ කිව්වොත් මේ බ්ලොග් එක පටන් ගත්තා, exam දෙක තුනක් ලිව්වා. ක්ලාස් ගියා, ඕවා තමයි කළේ kenyit.

මේ අවුරුද්දෙ දී මම අන්තර්ජාලයට ඇබ්බැහි වුනා. ඇත්තටම මම හරියටම අන්තර්ජාලෙට සම්බන්ධ වුනේ මේ අවුරුද්දෙ දි කිව්වොත් හරි. මොකද ඊට කලින් මම පාවිච්චි suntel CDMA එකක් penat. ඒ දවස් වල එච්චර නෙට් එන්නෙ නෑ. e mail බලන්නෙත් සතියකට සැරයක් විතර. CDMA එකෙන් නෙට් යන අය හේතුව දන්නවා . මේ අවුරුද්දේ මුල මොබිටෙලය ගැනීමත් එක්ක නෙට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දන්නෙම නැතුව දැන් රු 14000 ක් විතර මොබිටෙලයට පූජා කරලා තියෙනවා gigitjari. Film බාන්නත් ඇබ්බැහි වුනා කිව්වොත් නිවැරදියි. හොඳ වෙලාවට imageshack එක free service නැවැත්තුව නිසා ‍film බාන එක නං මේ වෙනකොට හොඳටම සීමා වෙලා .
‍‍
windows වලට අමතරව උබුන්ටු පාවිච්චි කරන්නත් හුරු වුනේ 2009 දි තමා. මෙච්චර කල් ජනෙල් අල්ලාගෙන ඉඳලා පොඩ්ඩ පොඩ්ඩ හරි උබුන්ටු වලට එන්න පුළුවන් වීම ගැන සතුටුයි. මේ වෙන කොට පොඩි පොඩි වැඩ උබුන්ටු වලින් කරගන්න පුළුවන් senyum. ඔය අස්සේ ගයන්ත නිසා Mac os x පාවිච්චි කරන්න පුළුවන් වුනා. e Asia වලදී ඇත්තම මැක් එකක් අල්ලලා බලන්නත් පුළුවන් වුනා.

පහුගිය 19 වෙනිදා තිබ්බ SBU g2g එ‍කට යන්න බැරිවුනු එක නං සෑහෙන පාඩුවක්. ඒනිසා මේච්චර කල් බ්ලොග් ලියපු, ටුවිටරේ හිටපු යාළුවො කස්ටිය හමුවෙන්න තිබුණු අවස්ථාව මඟහැරුනා nangih.

ගිය සතියෙද කොහොද හෙල්මට් නොදා බයික් එකේ ගියාට ජීවි‍තේ පළවෙනි පාරට දඩේකුත් කන්න වුනා tension. ඒගැන නං කතා කරලා වැඩක් නෑ ආපහු ලියිසොම ගන්න ගිහිල්ලා මාර රස්තියාදුවක් වුනේ marah. ඉතින් ඔහොමලු මම 2009 ගෙව්වෙ. පෝය කියලාවත් නිදහසේ ඉන්න නෑ, හෙට උදේත් ක්ලාස් එකක් තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ අන්තිම පෝස්ට් එක මෙතනින් නවත්තනවා.


සියළුම දෙනාට සුභ අළුත් වසරක් වේවා....!!!

Friday, December 25, 2009

මැච්/ඇඩ් බැලීම සහ නත්තල

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න දවස් 10 කට විතර පස්සෙ තමයි ආයෙත් ලියන්න ලැබුණේ xpasti. පහුගිය 19 වෙනිදා SBU හමුවීම තිබ්බනේ, ඒකටත් යන්න බැරි වුනා nangih. මොනව කරන්නද? ලබන පාරවත් යන්න ඕනේ. වැ‍ඩේ නං හොඳට නැඟලා ගියා කියලයි ආරංචි.

ඉතින් අද නත්තල්, ඉතින් ඉස්සෙල්ලාම සියළුම දෙනාට සුභ නත්තලක් කියනවා . දැන් අවුරුදු ගාණක් තිස්සේ අපේ A/L class එකේ යාළුවෙක් හැම නත්තල් දවසෙම අපිට පාටියක් දෙනවා. අවාසනාවට මේ අවුරුද්දෙ දි මිනිහා රට ගිහිල්ලා. ඒ නිසා මේදා පාර නත්තලට නෝ පාටි sedih .

මේ දවස් වල ශ්‍රී ලංකා, ඉන්දියා මැච් එකක් යනවනේ, වාර්තා තියමින් මැචි එක නැගලා යනවා. (අපේ කස්ටිය නං ඊයෙත් පරාද වුනා nangih) ලංකාව ඇතුලෙ තරඟයේ විකාශන අයිතිය තියෙන්නෙ channel eye නාලිකාවටනේ. ඒත් මැච් එක අතර තුර දාන ඇඩ් කෑලි නිසා මැච් එක බැලීමත් එපා වෙනවා marah. overs එකක් ඉවර වුනාට පස්සේ ඇඩ් දාන එකට අමතරව අර ලකුණු පුවරුවටත් උඩින් ඇඩ් දාන එක නං අනිතිම සවුත්තු වැඩක් කියලයි හිතෙන්නේ. අපි හිතමු අළුත් Bowler කෙනෙක් ආවා කියලා, ඉතින් මෙන්න මෑන්ස්ගේ Best bowling, Wickets ‍වගේ දේවල් කියලා දාන පොඩි විස්තරයට උඩිනුත් ඇඩි එකක් දානවා. ඉතින් අපිට අර Bowler ගැන කිසිම තොරතුරක් දන්නෙ නෑ. හරියටම අර Bowler ගැන දාපු විස්තරෙ අයින් කලාම ඇඩ් එකත් ඉවර වෙනවා. ඒ වෙලාවට ඉතින් හොඳ ඒවා මතක් වෙනවා ketukmeje. මොනව කරන්නද සල්ලි දීලා චැනල් ගන්න වත්කමක් නැති නිසා, මේක ලංකාව කියලා හිත හදාන්න තමයි වෙන්නෙ.

Wednesday, December 16, 2009

බොත්තම් 18 ක mouse එකක්

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ සාමාන්‍යයෙන් මවුස් එකක‍ට තියෙන්නේ බොත්තම් 2 යි, තේරෙන විදියට කිව්වොත් buttons 2 යි. ඒත් ඉහළ මට්ටමේ මවුස් gaming මවුස් වල buttons 6 ක් විතර තියෙනවා. ඒත් දැන් මෙන්න buttons 18 ක මවුස් එකක් ඇවිල්ලා jelir. මේක WarMouse Meta.


දැන් තියෙන ප්‍රශ්නේ මේ buttons 18 කින් කරන්නේ මොනවද? මේ buttons 18 ම programmable buttons. තමන් කරන කියන කාර්යය අනුව මේ buttons සැකසිය හැකියි. විශේෂයෙන් සකසලා තියෙන්නේ gamers ලා වෙනුවෙන්මයි. අමුතුම දෙයක් නිසා බ්ලොගයේ දාන්න හිතුවා. ‍අනේ මන්ද කවුරු මේක පාවිච්චි කරයිද කියලා.

වැඩි විස්තර මෙතනින්

Monday, December 14, 2009

USB flash drive එකෙන් windows 7 ඉන්ස්ටෝල් කරමු

කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ windows 7 නුත් ආවා. කස්ටිය දැන් වින්ඩෝස් 7 දාලත් ඉවර ඇති. ඒත් netbook එකක් තියෙන එක්කෙනෙක්ට හරි DVD drive එකක් නැති එක්කෙනෙක්ට හරි windows 7 install කරන්න වුනොත්..? gigil USB Flash drive තමයි පිහිට. Bootable USB flash drive එකක් Command Prompt එකේ කෝඩ් දෙකතුනක් කොටපුවාම හදාගන්න පුළුවන් sengihnampakgigi. ඒත් දැන් Microsoft සමාගම Windows 7 USB/DVD Download Tool කියලා පොඩි ගැජට් software එකක් නිකුත් කරලා. (Free & open source jelir) මේකෙන් bootable Win 7 Flash drive එකක් හදා ගන්න පුළුවන්. පස්සේ Flash drive එකේ ඉඳලා win 7 install කරන්න පුළුවන්. මේකට අවශ්‍ය windows 7 ISO එකක් Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නං win 7 DVD එකක් තියෙනව නං DVD drive එකක් තියෙන කොම්පියුටරයකින් ISO image එකක් හදාගන්න පුළුවන්. දැන් Windows 7 USB/DVD download tool එකෙන් bootable USB flash drive එකක් හදලා දෙයි


දැන් කොම්පියුටරය Flash drive එකෙන් Boot කරලා සාමාන්‍ය විදියට windows 7 install කරන්න. හරිම සරලයි. තව දෙයක් ඉස්සෙල්ලාම Flash drive එක backup කරගන්න. 4GB ප්‍රමාණයේ Flash drive එකක් මේකට වුවමනා වෙනවා.

Windows 7 USB/DVD Download Tool බාන්න. Free & open source (2.59 MB)