About

Saturday, October 31, 2009

මගේ Phone ඉතිහාසය

කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න‍ දෙයකුත් නෑ, අද මගේ ජංගම දුරකථන ඉතිහාසය වත් ලියන්න හිතුවා. මේකත් මගේ පරිගණක ඉතිහාසය වගේම පොඩි එකක්. මටම කියලා phone කට්ටක් හම්බවුනේ මම O/L කරලා ඉවර result ආවට පස්සේ, ඒක එදා අරන් නොදුන්නා නං කියලා අද හිතෙනවාketukmeje. ඒ දවස් වල phone කෑලි හෙන ගණන් නොවැ. ඉතින් පරණ හම ගිය එකක් අඩුවටම ගත්තා. ඒ Nokia 3510i එකක්. කැමරා, Mp3, අනං මනං මුකුත්ම තිබ්බෙ නෑ. හැබැයි color display එකක් හා SMS, MMS, GPRS, තිබ්බා. ඒ දවස් වල සිරාම phone කෑල්ලක් sengihnampakgigi. ඒක මාස 8 ක් විතර අවුලක් නැතුව පාවිචිචි කළා. පස්සේ පස්සේ බැටරිය full charge කරලා විනාඩියක් වත් කතා කරගන්න බැරි තරමට බැටරිය බහින්න පටන් ගත්තා. අළුත් බැටරියක් දැම්මත් වැඩක් වුනේ නෑ. පස්සෙ ආයෙත් Nokia 3510i එකක්ම අරගත්තා. ආයෙත් ඒ phone එකක් ම අරගත්තේ ඒක එච්චරම මට අල්ලා ගිය නිසයි. ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ.sengihnampakgigi ඒ 2005 මුල් හරියේ. ඔහොම දිගටම 2006 දෙසැම්බර් වෙනකම්ම ඒ phone එකම පාවිච්චි කළා. කාලයත් එක්කම කැමරාවක් Mp3 අනං මනං තියෙන phone එකක් මටත් ඕනේ වුනා. ඒ දවස් වල මම Motorola V3 phone එකකට මාර ආසාවෙන් හිටියේ love. අළුත් V3 එකක් ගන්න හිටියත් ඒකේ මිල දරා ගන්න පුළුවන් මට්ටමක තිබුනේ නෑ. පස්සේ පාවිච්චි කරපු Motorola V3 Black එකක් ගත්තා. ඒ තමයි මගේ පළවෙනි Motorola Phone එක. මාර ආසාවෙන් දවස් 6 ක් පාවිච්චි කලා. ඊලඟ දවසේ supermarket එකකට ගිහිල්ලා එනකොට phone එක නෑ hah. සමහර විට මඟ කොහේ හරි වැටෙන්න ඇති. නැත්නං කවුරුහරි උස්සන්න ඇති. එක මොහොතකින් phone එක වාෂ්ප වුනා. එදා නං මාර දුකක් ඇති වුනේ. මට කාගේ හරි phone එකක් බිම තිබිලා හම්බවුනොත් අනිවාර්යයෙන්ම අයිතිකාරයාට දෙනවා කියලා මං එදා හිතා ගත්තා. මොකද තමන්ගේ phone එක නැති වුනාම දැනෙන දුක මං දන්න නිසා. (හොඳ වෙලාවට තාම මට කාගෙවත් phone එකක් හම්බවෙලා නෑjelir)

පෙරළුනු පිට හොඳයි කියලා ආයෙත් පරණ Nokia 3510i එකට බැස්සා. 2007 සැප්තැම්බර් වලද කොහොද Nokia 3510i එක විශ්‍රාම යවලා Nokia 3110 c එකක් ගත්තා. තාමත් මම පාවිච්චි කරන්නේ ඒ phone එක. කැමරාව. Mp3, Memory card, Bluetooth වගේ පහසුකම් තියෙනවා.


මේ කාලෙට අවශ්‍ය HSDPA වගේ පහසුකම් නම් නෑ. දැන්නං මේකත් විශ්‍රාම යවන්න කාලේ හරි වගේ kenyit. ආයෙත් phone එකක් ගත්තොත් නං touchscreen එකකටම අල්ලන්න ඕනේ. හැබැයි චයිනා කෑලි නැතුව sengihnampakgigi. රස්සාවක් කරන කාලෙක බලනවා. මේක තමයි මගේ phone ඉතහාසය. ආ... අමතක වුනානේ. විශ්‍රාම යවපු Nokia 3510i එකේ දැන් හුලං ටෙල් සිම් එකක් වැජ‍බෙනවාsenyum. එක එක කාලෙට එන සිම් ඉස්සෙල්ලාම දාලා බලන්නේ ඒකට. සිම් එකතු කිරීම මගේ විනෝදාංශය නොවැ.

Wednesday, October 28, 2009

Windows 7 Upgrade Advisor

කස්ටිය දන්නවනේ වින්ඩෝස් 7 නුත් ආවා නොවැ. සමහර කස්ටය නං වින්ඩෝස් 7 දාලා ගොඩක් කල්. ඒත් තාම වින්ඩෝස් 7 දාලා බලල නැති දැන් XP, Vista පාවිච්චි කරන වින්ඩෝස් ලෝලීන් වින්ඩෝස් 7 වලට මාරු වෙන්න බලනවත් ඇති. ඉතින් 7 වලට OS එක Upgrade කරනව නං තමන්ගේ XP. Vista දුවන මැසිමේ තියෙන Hardware, Software වින්ඩෝස් 7 වලට ගැලපෙනවද කියලා කස්ටිය දැන ගන්න කැමති ඇති. විශේෂයෙන්ම දාලා තියෙන Software. ඉතින් Microsoft සමාගම ඒ සඳහා Windows 7 Upgrade Advisor නිකුත් කරලා තියෙනවා. සමහර අවශ්‍යම වෙන Software ගොඩක් Win 7 සමඟ වැඩ නෑ. ඉතින් ඒවාට Upgrades ඇවිල්ලා තියෙනවද ඒ‍ මොනවද කියලත් බලාගන්න පුළුවන්.


මෙන්න මෙතනින් බාගෙන රන් කරලා බලන්න.

Saturday, October 24, 2009

මමත් ගත්තා video card එකක්

කස්ටිය කොහොමද ඉතින්...? ටික දවසකින් බ්ලොග් ලියන්නත් බැරිවුනා. මමත් ගත්තානේ VGA කාඩ් එකක් senyum. මගේ වර්ථමාන මැසිමට දැන් අවු 2කටත් වැඩියි. මේ අවු 2 පුරාවටම මම පාවිච්චි කළේ onboard graphics. මගේ පරණ මැසිමෙත් තිබුනේ Onboard graphics. ඒ කියන්නේ මේක තමයි මම ලැබුණු පළවෙනි VGA කාඩ් එක. මේක Nvidia GeForce 9600GSO එකක්. චාටර් කාඩ් එකක් නං තමයි. මොනව කොරන්නද සල්ලි තියෙන විදියට එපායැ වැඩ කරන්න xpasti. චාටර් එකෙත් චාටර් කියන්නේ මේක ඇවිල්ලා DDR 2 මෙමරි තියෙන කාඩ් එකක්. මෙමරි සයිස් එක නං 1GB තියෙනවා. ඇත්තටම මේ 1GB මෙමරියෙන් නං මට වැඩක් නෑ. මේක 256MB GDDR3 වුනා නම් මීට වඩා හොඳයි. 1GB මෙමරියක් පාවිච්චි කරන්න තරම් ලොකු resolution එකක මම ගේම් play කරන්නේ නෑ. brand එක නං EVGA. ඇත්තටම මම ගන්න හිටියේ ATI Radeon 4850 හරි Nvidia 9800GT එකක්. මම මේක ගත්තේ නං newegg එකෙන්. ගාන නං $70. යාන්තං එක්කෙනෙකුට කියලා ගෙන්න ගත්තා. ෂික් $70 ට මීට වඩා හොඳ card එකක් ගන්න තිබ්බා. ලැබීම තමයි.


Default core/shader/Memory ස්පීඩ් පිළිවෙළින් 600/1500/400 MHz. බැලූ බැල්මට ස්පීඩ් මදි වගේ. දන්නවනේ මං ඉතින් හැම එකම overclock කරන බුවානේ sengihnampakgigi. මේකත් පොඩ්ඩක් overclock කරගත්තොත් හොඳයි. වාසනාවට මේ evga කස්ටිය graphics card එක Overclock කරන්න EVGA Precision කියලා පොඩි software එකක් දෙනවා. ඒකෙන් ලේසියෙන්ම overclock කරන්න Fan speed පාලනය කරන්න පුළුවන්. නැත්නම් RivaTuner පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මම overclock කරලා ගත්ත ස්පීඩ් එක. (core/shader/Memory - 700/1750/530 MHz) crysiswarhead ප්ලේ කරන්න තරම් ස්ටේබල්.


මේ graphics card එකේ මො‍නිටරේ සවිකරන්න DVI/VGA පෝට් දෙකක් හා TV out එකක් තියෙනවා. මගේ මොනිටරේ DVI සපෝට් කරන නිසා DVI පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් මට නං වැඩි වෙනසක් තේරුනේ නෑ. බලමුකෝ ඉස්සරහට. ඔන්න ඉතින් මේක තමා මගේ පළවෙනි VGA කාඩ් එක ගැන විස්තරේ.

Sunday, October 18, 2009

ලංකාවේ පමණයි

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් ටිකේ නං අළුත් ටෙක් නිවුස් එකක් වත් නෑ. ලියන්න දේකුත් නෑ. මට ඊයේද කොහොද පින්තූර වගයක් හම්බවුනා. මේවා සමහර කස්ටිය නං දැකලත් ඇති. ඇත්තටම මේවා දැක්කම හිතෙනවා ලංකාව වගේ අමුතුම රටක් වෙන කොහොවත් නැතුව ඇති කියලා. (ලොකු කරලා බලන්න)