About

Thursday, July 30, 2009

මේ මාසය, ෆෝන් සහ Fedora 11

මේ අවුරුද්දේ මාස 7 කුත් ගෙවිලා ඉවර‍යි. කාලය යනව මං එන්න එන්න නාකි වෙනව. මේ මාසෙ නං ටිකක් චොර විදියට තමයි ගෙව්ල ගියේ. මාසේ මුල හරියෙදි ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් ගන්න දැගලුවත් විවිධාකාරයේ ගැටලු නිසා ඒක පොඩ්ඩක් බ්රේක් වෙලා තියෙනව. Adsl ඇක්ටිව් කරනව නං අවුරුද්දක් තියාගන්න ඕනෙලු. දැන් ඒක තමා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දුර වැඩි නිසා වැඩ වැඩ නොකොලොත් බඩුම තමා නිකං බොරුවට අවුරුද්දක් සල්ලි පූජා කරන්න වෙනව. අනික මුන් කතා කරන්නෙ හරියට පිනට Adsl දෙනව වගේ. කස්ටමර් ගැන ගානක් වත් නෑ. දෙන්ඩ හිතෙනවා...marah

මමත් දැන් ටිකක් FOSS ගැන උනන්දුයිනේ...senyum එක එක ජාතියේ OS, Software තියෙනවා. ඉස්සෙල්ලම දැම්මා උබුන්ටු. ටික දවසක් තිබ්බා. නරකමත් නෑ. හැබැයි ජංජාලට මත යැපෙන නිසා ටිකක් හිතන්න වෙනව. මම Fedora 11 DVD එකක් ඕඩර් කළානේ. ඒකත් ලැබුණාsenyum. පුරාණ කාළේ HDD එකක් හොයාගෙන දාල බැලුවා. Fedora KDE එකනං පට්ට. ආයෙත් ලෙඩක් සිංදු අහන්න ෆිල්ම් බලන්න බෑ. මේ පාර නං බෑ කියල නිකං හටියෙ නෑ (අර තම හිසට තම අතමය හෙවනැල්ල කියනවනේ). Google අයියාගෙන් අහලා බලල CMDA phone එක දාගත්තා. ඒක වැඩ. පස්සේ VLC player එකත් දාගත්තා, මෙගා බයිට්ම 25ක්. ‍ 25MB ක් suntel CDMA එකෙන් එනකොට කොහොමද ආතල් එක? පැය 2 1/2 ක් විතර ගියා. සේරම හරි ඔහොම දැන් සේරම කර ගත්තා කියමුකො, පස්සේ kernel failure කියල මැසේජ් එකක් එන්න ගත්තා. පස්සේ මම ඒ පරණ හාඩ් එක නිකමට වගේ Dynamic කළෘ. වඩේ බ්ලාස් Fedora වැඩ කරන්නේ නැතුව ගියා.


පස්සේ 8GB ක partition එකක් හදලා මගේ දැන් තියෙන මැසිමටම Fedora 11 දැම්මා. ආයෙත් මුල ඉදන්ම ඉන්ටර්නෙට්, VLC දා ගත්තා. දැන් වැඩ. හැබැයි සිංහල ටයිපිං නං චොර. කිබෝඩ් එක වෙනස්. දැන් විජේසේකර කි‍බෝඩ් එක දා ගැනිමේ මෙහෙයුමකට අතගසා ඇත sengihnampakgigi. FOSS කතා ඉවරයි.

මේ ලගදි මගේ දුප්පත් ෆෝන් කට්ටට (Nokia 3110c) යාළු මාළුවෙක් මාර SMS එකක් එව්වා. මේක Open කළා විතරයි ෆෝන් එක පිස්සු නටංන ගත්තාkenyit. වෙලාවකට off වෙනවා, charge කරන්න බෑ, on වෙන්නෑ. පස්සේ බොහොම අමාරුවෙන් Nokia PC Suite එකෙන් ෆෝන් මෙමරියට රිංගලා SMS එක delete කළා. දැන් බබා වගේ වැඩ. මැසේජ් එකේ තියෙන්නේ " Deyyane Oyage mobile eka OFF wewa! OFF wewa!! OFF wewa!!! " කියලා. අවශ්‍ය කෙනක් ඉන්නවා නං SMS එක ඉල්ලන්න. පෝන් කතා ඉවරයි

මේ මාසයේම මට මගේ ඩයරිය ලියන්න බැරි වුනාsedih. ඒක නං ටිකක් ප්‍රශ්නයක්. ඩයරියක් අවුරුද්දක් දෙකක් ලියනකොට තමයි ඒකේ අ‍ගේ තේරෙන්නේ. මතක මතක විදියට මේ මාසෙ සම්පූර්ණ කරන්න ඹ්නේ. කස්ටියත් නරකද ඩයරියක් ලිව්වොත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න දිගටම ලියයි. මෙව්වා තමයි මම මේ මාසේ කළේ...

Tuesday, July 28, 2009

කොම්පියුටරයට වතුර ගැසීම - water cooling system.

කස්ටිය කොහොමද ඉතින්...? මේ මාසෙත් ඉවරවෙන්න ලගයි. දැන් නම් ලියන්න දේවලුත් නෑ. දන්න කියන බයිලා සේරම වගේ ලියල ඉවරයිsengihnampakgigi. ඒත් එහෙම කියල බෑනේ මේක කොහොමහරි ඇදගෙන යන්නත් එපායැ. ඒ නිසා PC water cooling system එකක් වැඩ කරන විදිය ලියන්න හිතුවා. මේ water cooling system ගොඩක් වැදගත් වෙන්නෙ නම් ඕවර්ක්ලොක් වලටයි. Air cooler වලට වඩා හොදට CPU එක කූල් කරන්න water cooling system වලට පුළුවන්. ඒත් සාමාන්‍ය ඕවර්ක්ලොක් කරලා නැති CPU එකක් සහිත කොම්පියුටරයකට නම් water cooling system එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. සල්ලි තියෙනව නම් හයිකළාට වරදකුත් නෑ. මේ ගැන දැනගන්න කැමති අයත් ඇති කියල හිතල මම ලියන්නං. සාමන්‍යයෙන් වාහනයක් කූල් කරන්නෙත් වතුර වලින්. වාහනයක් කොච්චර රත්වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. වාහනයේ water cooling system එකට එච්චර රස්නයක් පාලනය කරන්න පුළුවන් නම් CPU එකක රස්නය පාලනය කිරම සුළු දෙයක්.

PC water cooling system එකක් ප්‍රධාන ‍කෑලි සෙට් එක මේකයි. රේඩියේටරය, වතුර පොම්පය, ටැංකිය, CPU water block එක, රස්නයට ඔරොත්තු දෙන වතුර බට.

(රේඩියේටරය)


(වතුර පොම්පය + ටැංකිය 2 in 1sengihnampakgigi)

(CPU water block )


මේ කෑලි ටික තමයි තියෙන්නේ. CPU water block එක හයිකරන්නේ CPU එක උඩටයි මේක හරහා වතුර පොම්පයෙන් තල්ලුකරන වතුර ගමන් යනවා. එතකොට CPU එකෙන් එන රස්නය මේ CPU water block එක හරහා වතුර වලට ලැ‍බෙනවා. එතකොට තමයි වතුර ටික රත් වෙන්නේ. දැන් මේ රත් වුනු වතුර ටික රේඩියේටරය හරහා යනකොට ආයෙත් කූල් වෙනවා. කූල් වෙච්ච වතුර ටික ටැංකියකට පිරෙනවා. දැන් ආයෙත් මේ කූල් වෙච්ච වතුර ටික වතුර පොම්පයෙන් ඇදලා CPU water block එකට ලබාදෙනවා.

(CPU water block එක CPU එකට සවිකළ පසු)

ඉතින් දියටම සිද්ධ වෙන්නේ මේ වැඩ ටික තමාsenyum. CPU එක විතරක් නෙවෙ VGA card එක හා Chipset ද මේකෙන්ම කූල් කරන්න පුළුවන් . අවශ්‍ය වෙන්නේ වැඩිපුර water block දෙකතුනක් විතරයි. ඇත්තටම මේයට පාවිච්චි කරන්නේ වතුරම නෙවේ. වෙන liquid එකක් . cooling system එක හදන සමාගම මේ liquid එකෙන් බොතලයක් දෙකක් ලබා දෙනවා. මේ liquid කොම්පියුටර් බඩු කඩවල ගන්න තියෙනවා. මෙකට වෙනම liquid එකක් පාවිච්චි කරන්නේ පොම්පය ආදි කොටස් මලකඩකෑමෙන් ‍වලක්වාගන්න සහ වතුර ලික් වුනොත් කොම්පියටර් කෑලි වලට හානි විම වලක්වාගන්න වගේ හේතු නිසයි. ලංකාවෙදි නම් යුනිටි ප්ලාසා එකේදි මම මේ PC water cooling system විකුණන්න තියෙනවා දැකල තියෙනවා. ගාන නම් 12000 - 14000 විතර වෙනව. ඒත් කාලයකට කලින් water cooling system එකක් ගෙදරදිම හදාගන්න හැටි තියෙන පොස්ට් එකක් මට හම්බවුනා. ඒකේ වතුර පොම්පයක් ඇරෙන්න අනෙක් සේරම කෑලි ටික හොයාගන්න පුළුවන්. වතුර පොම්පයක් නම් මට කොහෙන්වත් ලැබුනෙ නෑsedih.

පින්තූර

Sunday, July 26, 2009

LGA 775 ඉවතට LGA 1156/1366 ඇතුලට

කස්ටිය කොහොමද ඉතින්...? ඩෙස්ක්ටොප් කොම්පියුටරක් තියෙන එකෙක් ගෙන් මැසිමෙ තියෙන ‍processor එක මොකක්ද කියල ඇහුවොත් බොහොවිට ලැබෙන උත්තරය තමයි Intel. ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ Intel Processor තමයි. AMD, VIA ත් තියෙනවා. දැන් ඉන්ටෙල් ලගේ සාමාන්‍ය ඩෙක්ස්ටොප් socket එක LGA775 තමා. Intel CPU පාවිච්චි කරන ගොඩක් අයගේ තියෙන්නේ මේ socket එක තමා.

(LGA 775 socket)

ඒත් දැන් මේ LGA775 socket එකට කනකොකා හඩන්නයි එන්නේ...hah. ඒ Intel සමාගම LGA 775 socket එක අත්හරීමට සූදානම් වෙන නිසයි. ඔවුන් දැනටමත් LGA1366 නමින් socket එකක් හදුන්වා දි ති‍‍බෙනවා. ඒ Core i7 CPU සදාහායි. නමුත් මේ core i7 CPU වල මිල ඉතා අධිකයි. core i7 CPU යොදාගන්නේ ඉහල මට්ටමේ ඩෙස්ක්ටොප් කොම්පියුටර් සදහයි. නමුත් දැන් ඉන්ටෙල් සමාගම LGA 1156 නමින් නව socket එකක් හදුන්වා දිමට නියමිතයි. ඒ Core i5 CPU හා තරමක් පහළ මට්ටමේ Core i7 CPU සදහායි.


(LGA 1156 socket)

(වම - LGA775 Core 2 Duo CPU එකක්, දකුණ LGA 1156 Core i5 CPU එකක්)


මෙම වසරේ සැප්තැම්බර් මාසයේදි Core i5 CPU නිකුත් විමට නියමිතයි. ඒත් මෙ නව LGA1156 socket එක සහිත මව් පුවරු දැනටමත් නිපදවා අවසානයි. ඒ සදාහා ඉන්ටෙල් සමාගම හදුන්වා දි ඇති නවතම chipset වනුයේ P55 හා P57. කෙසේ වෙතත් නව LGA 1156 හා LGA1366 socket සහිත මව්පුවරු හා CPU මිලදි ගැනිමට තිබුණත් දැන් අපේ මිතුරා වන LGA775 එක සහිත CPU හා මව්පුවරු 2011 - 2012 දක්වා වෙළදපොළ තුල රැදි තිබෙනු ඇත.

පින්තූර ගත්තෙ මෙතනින්

Thursday, July 23, 2009

බඩ පැළෙනකං හිනාවෙන්න

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් වල ටෙක් නිවුස් මොනවද කියල ඇහුවොත් මොනවද ලැබෙන උත්තර? එකෙක් කියයි වින්ඩෝස් එන්න ළගයි, ෆෙඩෝරා එළ. සුපර් උබන්ටු එළ (ඒක නං කියන්නෙ මං ... kenyit හික්). අරක එළ. මේක චොර, ලිනක්ස් කාරයෝ ජනෙල් කාරයෝ ගැටුම්..... ඔව්ව තමයි. හැමදාම එකම තැටිය.. sengihnampakgigi සේරම පොඩ්ඩකට අමතක කරල හිනා වුනොත් නරකද? මේකයි සිද්ධිය.. කස්ටියට මතකද සිරසෙ ගියා හිනා ඉනා කියලා එකක්. ඒකත් කොපි කරපු එකක්නේ. ඒකේ ඔරිජිනල් ‍ෂෝ එකේ නම Gags එකේ විඩියො වගයක් මගේ යාළුවෙක් මට ගෙනත් දුන්නා. ඒක නම් හිනා ඉනා වලට වඩා මාරම පට්ටයි. බඩ පැලෙනකං හිනා වෙන්න පුළුවන්. බලලම හිටියනං.








ඒ විඩියෝ ටික බලල මම නිකං හිටියෙ නෑ. ජංජාලේ තව විඩියෝ තියෙනවද කියල හොයල බැලුවා. හෆෝයි තොග පිටින් තියෙනවා. ඉතා දුක් මහන්සියෙන් 125MB ක විඩියෝ වගයක් Suntel CDMA එකෙන් බා ගත්තා. පළවෙනි වතාවට ම‍ගේ මැසිම රැය පුරා ඔන් එකේ තිබ්බාtepuktangan. බෑවෙන්නෙත් ඉතින් 2 - 3 KBps අතර ස්පිඩ් එකකින් තමා. ඒත් ඉතින් බාපු විඩියෝ ටික නම් පට්ට. ඹයගොල්ලොත් බාලා බලන්න සිමා රහිත ජංජාල වත්කම් ඇත්තෝ Gags වල විඩියෝ සේරම ටික බාලා පිංතකා මටත් DVD එකක් දෙකක් එවන්නsengihnampakgigi.

මෙන්න ටොරන්ට් ‍මෙතන සහ මෙතන